ගෙවතු වගාව පටන්ගමු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගෙවතු වගාව පටන්ගමු

    ගෙවතු බීජ කට්ටලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට නම්....


    :love::love:
    92811564_110984400564648_6349476184920686592_n.jpg


    92245142_110984447231310_2596898099456638976_n.jpg



    92515497_110984490564639_5619467581531357184_n.jpg



    92146493_110984533897968_6640834675948388352_n.jpg


    92191181_110984553897966_6128863415940153344_n.jpg



    92215318_110984627231292_200255976912191488_n.jpg



    92097332_110984657231289_2324202787518283776_n.jpg



    92098693_110984683897953_4285678870876651520_n.jpg



    92335217_110984727231282_7841432392010039296_n.jpg


    92213965_110984877231267_5678136061700603904_n.jpg




    බීජයක් පැලවීමේදී පළමුවෙන් වෙන්නේ බීජයට ජලය අවශෝෂණය වීම මේක නිපානය කියල කියනවා. ඒක අපි අහල තියනවානේ..බීජයට ජලය උරාගත්තම බීජය තුල සංකීරණ අහාර සරල ආහාර බවට පත්වෙන්න පටන් ගන්නවා..මෙහිදී මුල් අවස්ථාවේදී ඔක්සිජන් නැතිව තමයි පටන් ගන්නේ නිර්වායු ස්වසනයෙන්. එත් බීජය තුලට ඔක්සිජන් අතුලුවෙනවත් එක්කම ස්වායු ශ්වසනය පටන් ගන්නවා. එකියන්නේ ඔක්සිජන් සම්බන්ධවෙලා ශ්වසනය පටන් ගන්නවා. බීජයේ තැන්පත්වෙල තිබෙන පිෂ්ටය ,ප්‍රෝටීන් සහ මෙධය වැනි පෝෂක සරල ද්‍රව්‍ය බවට පත්වෙලා ඒවා කළලය වැඩේන්න හේතුවෙනවා...පළමුව හැදෙන්නේ මුල.... ඉන්පසුව බීජ අංකුරය ඉහලට වර්ධනය වෙලා කොලපාට පත්‍ර හදාගෙන ප්‍රභාසන්ශ්ලේෂණය කරලා තමන්ගේ අහාර නිෂ්පාදනය කර ගන්නවා. මේ අවදිය වෙනකන් වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍යයන් සපයා ගන්නේ බීජයේ තැන්පත්වෙලා තිබෙන ආහාර වලින්.... , ඔක්සිජන් වලට අමතරව ජලය බීජ පැලවෙන්න බලපානවා..සමහර බීජ පැලවෙන්න හිරු එළිය බලපානවා...සලාද වැනි බෝග පැලවීම සදහා හිරු එලියට ධන ප්‍රතිචාරයක් දක්වනවා. ඒ කියන්නේ සලාද ඇට පැලවෙන්නට හිරුඑළිය අවශ්‍ය වෙනවා.. තවාන් කරන්නට ඕන තවන් මාධ්‍යයේ ඉතා ඉහලින්...ලුණු තම්පලා වැනි බීජ හිරු එලියට සෘණ ප්‍රතිචාරයක් දක්වන්නේ. තවාන් කර තිබියදී මේවට හිරු එලිය වැටුන විට පැලවෙන්නේ නැ. නමුත් ගොඩක් බීජ වර්ග ආලෝකයට සංවේදී නැ. කොහොම උනත් ඒ ටිකත් සදහන් කලේ එම වර්ග සිටුවන විට දැනගන්න ඕන කරුණු විධියට. බීජ පැලවෙනවිට පැලයක් බවට පත්වන කලලයේ පරිවෘත්තිය ක්‍රියා සිදුවෙන්නට පටන් ගන්නවා. සෛල බෙදීම , සෛල විශාල වීම වගේ දේවල් සිදුවෙනවා. මේ සදහා ශක්තිය ලබා ගන්නේ ඔක්සිජන් භාවිතාකොට බීජයේ ඇති අහාර දහනය වීමෙන්...මේ අවස්ථාවේ කලලය ඉතා සක්‍රිය අවස්ථාවේ පවතිනවා...පෙගවුණු බීජ නැවත ජලය නොමැතිව වියලීමට ලක්වුනොත් බීජයේ ජීව්‍යතාවය හොදටම අඩුවෙනවා. ඒ නිසා බීජ පෙගවීමෙන් පසු පැලවෙනකොට තෙතමනය අඩුවී වේලෙන්නට දෙන්න හොද නැ.

    ගොඩක් වෙලාවට ගෙවත්තකට යම් ක්‍රමයකට හරි බීජ ලබා දුන්නත් බොහෝවිට ඒවගෙන් උපරිම ප්‍රතිපලය ලබන්නට දැනුවත් වීම වැදගත් වෙනවා. මේ සටහන ලියන්නට අදහස් කලේ සුළු මුදලකට ලබාදෙන මෙම බීජ කට්ටලයෙන් උපරිම ප්‍රතිපලයක් ලබාගැනීමට යම් කිසි දැනුවත් කිරීමකටයි. .....

    අපි බලමු අදාළ කටයුත්ත සම්භන්ධයෙන් වන ගැටළු. ප්‍රධානම කාරනයක් තමයි ලැබුන බීජ පලවෙන්නේ නැ කියන ඒක. . ඉතින් බීජ පැල නොවීමට හේතු මොනවද කියල බලමු. එම ගැටළු පිලිබදව අවබෝධය ලබා ගැනීමෙන් මෙම ගැටලුව ඉතා පහසුවෙන් විසදාගැනීමට හැකිවේවි. ඒවගේම එම ගස් වැල් වලින් ලැබෙන අස්වැන්න ලබාගෙන තව තවත් වගාකරන්න ගෙවතු හිමියන් පෙළඹේවි. මොනවද බීජ පල නොවෙන්න හේතු...????

    (01). බීජවල ජීව්‍යතාවයක් නොමැතිවීම..... මෙයට හේතු වන්න පුළුවන් ප්‍රධාන කාරණයක් මේක.....බොහෝ බීජ වර්ග, කරලකින් හෝ ගෙඩියකින් බීජ වෙන්කරගෙන , සකසාගෙන කෙටි කලකින් වගාකිරීමෙන් පැලවීම ඉතා හොදින් සි දුවෙන බව අප දන්නවා. නමුත් කල් ගතවන විට පරිසර උෂ්ණත්වය වැඩිනම් ඉතා වේගයෙන් බීජවල ජීවය තාවය අඩු වෙනවා. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා බීජවල පැලවීමේ හැකියාව ගොඩක් අඩුවෙන්න පුළුවන් කඩිනමින් ඒවා වගා නොකලොත්..... ඔබ අලෙවි සලකින් හෝ යම් කිසි ක්‍රමයකින් වගාකිරීම සදහා බීජ නිවසට ගෙන විත් ඇත්නම් ඒවා අඩු උෂ්ණත්වයක ගබඩා කිරීමෙන් ඒවගේ ජිව්‍යකාලය වැඩි කරගන්න පුළුවන්. ශීතකරණයේ දොරේ හෝ අධිශීතකරණ කොටසේ හැර වෙනත් කොටසක තැබීමෙන් මෙය සිදුකරගන්න පුළුවන්. මෙහිදී බීජ පාර්සලය පොලිතින් කවරයකින් සීල් කරන්න අවශ්‍යයි. හොදම වැඩේ තමයි මේ දිනවල නිවසේ සිටින බැවින් කඩිනමින් එම බීජ සිටුවීම.......බීජ වල ශුප්තතාවය පැවතීම, ඒ කියන්නේ ඇටයක් පැලවෙන්න අවශ්‍ය සියලු සාධක සැපයුවත් පැල නොවීම......බීජ රෝග වලට ලක්වී තිබීම ....පලිබෝධ හානි වලට ලක්වී තිබීමත් බීජ වල ජීව්‍යතාවය අඩුවෙන්න පුළුවන් දේවල්....නමුත් සපයා ඇති බීජ ජීව්‍යතාවය පරික්ශාකරලා සපයල තිබෙන නිසා මේ කාරණාවලින් ජීව්‍යතාවය අඩුවෙන්න විධියක් නැ.. (මේ පින්තුර වලින් පේනවා ඇතිනේ මේවා කඩිනමින් පැල කරගත්තනම් වැඩේ ගොඩ..මේ එම බීජ මා විසින් පැලකරගත් ඒවා....)

    (02). බීජ සිටුවීමේ දෝෂ... ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි බීජ තවාන් දැමීම හෝ බීජ වැරදී ආකාරයට සිටුවීම...ඇත්තටම බීජයක් පැලවීමේදී සිදුවන්නේ කුමක්දැයි වටහාගෙන සිටිනවානම් මෙහෙම වෙන්නේ නැ..කලින් සදහන් කලදේ නැවත කියනවා නම් ..ගොඩක් වෙලාවට බීජයක් පසට යටකලවිට මොකද වෙන්නේ?...., තමන්ගේ ආහාර ප්‍රභාසන්ශ්ලේෂණයෙන් නිපදවාගන්නා තෙක් බීජයේ තැන්පත්ව ඇති අහාර භාවිතා කරමින් තම ශරීරය ගොඩනගා ගතයුතු වෙනවා. බීජයෙන් මතුවන පැලයේ මුල හා පැලයේ ඉහල කොටස් එසේ වර්ධනය කරගන්නවා. එනිසා බීජය පසේ හෝ මාධ්‍යයේ වඩා ගැඹුරින් දැමු විට වර්ධනය වෙලා පොලව මතුපිටට පැමිනෙනට දුෂ්කර වෙනවා.මතුපිටට පැමිණියත් ඒවා ඉතා දුර්වල පැල ...... එසේ පැමිණ කොළ පාට පත්‍ර හදාගන්න කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ප්‍රභාසන්ශ්ලේෂණ කරන අවස්තාව තෙක් පැමිණීමට..... එම නිසා නියම ගැඹුරින් බීජ තැන්පත්කිරීම වැදගත් වෙනවා. නිවැරදි ගැඹුරෙන් බීජ දැමීමෙන් සරු ශක්තිමත් පැලයක් ලබාගන්න පුළුවන්. බොහෝ බීජ ඉතා අඩු ගැඹුරකින් හෝ මාධ්‍ය මතුපිට තැබීමෙන් පැලවීම අඩුවෙන්නේ සමහර විට වියලි යාමකින්. මේ නිසා බීජය නිවැරදි ගැඹුරකින් ස්ථානගත කරන්න අවශයි..බීජයක ඝනකම මෙන් තුන්ගුණයක් ගැඹුරකින් තැන්පත්කිරීම තමයි හොදම දේ..... ඒ වගේම ගොඩක් ගැඹුරින් බීජ දැමීම මගින් බීජයට අවශ්‍ය ඔක්සිජන් නොමැතිවීම නිසා පැලවෙන්නෙත් නැ.

    එමෙන්ම බොහෝවිට වියලි බීජ කෙලින්ම පැල කරනවාට වඩා පැය 12 පමණ පොගවාගෙන , බීජෞෂණය කර ,...එකිව්වේ පෙගුනු බීජ හොදට හෝදගෙන ටිෂු කඩදාසියක හරි පිරිසිදු රෙදි කැබැල්ලකට දමලා හොදට ඔත ලා පොඩි බරක් තබල පැය 12 -24 විතර අදුරක තබන්න ඕන. එවිට සරු බීජ බොහොමයක මුල මතුවෙනවා..කණු කැපෙනවා. මේ බීජ කලින් සදහන් කල ගැඹුරෙන් යටකරගත්තනම් වැඩේ සාර්ථකයි..පාත්තියේ හිස්තැන් නැ. .පසේදී බීජ කුණුවීම වලක්වගන්න සිටුවීමට පෙර කැප්ටාන් ,තිරාම් වැනි දිලිර නාශකයක් තවරන්න හැකිනම් තවත් හොදයි...

    අනෙක් කාරණය තමයි.

    (03).පැලකිරීමට ගන්නා අඩු ගුනාත්මයේ මාධ්‍යය...

    බොහෝවිට කම්මැලිකමට හෝ හදිස්සියට මේ ගැන බොහෝ අය හිතනවා අඩුයි. මේ නිසාත් සරුවට පැලයක් ලබාගන්න බැරිවෙනවා ..නැත්නම් පැලවෙන්නේ නැ. බීජය කියන්නේ ළදරුවෙක් කියල හිතන්න ඕන එයාට අවශ්‍ය පහස්සුකම් ඉතා හොදට සපයන්න ඕන. බීජය පැලකරන ස්ථානය ඉතා සියුම් පාරිසරයක් වෙන්න ඕන . මේ නිසා ගල්බොරළු සහිත හෝ විශාල කැටිති සහිත පරිසරයක් පොඩි බීජ දමන්න හොදම නැ ..මතුපිට පස් හා කාබනික පොහොර දැල් කැබැල්ලකින් හලාගෙන මිශ්‍රකරගන්න ඕන..එම මිශ්‍රණයේ බීජ ඉතා හොදින් පැලවෙනවා. තක්කාලි , බටු වැනි කුඩා බීජ පැරණි ඉවත දමන බදුන් වල එම මිශ්‍රනයෙන් පුරවාගෙන ඒ මත පොගවාගත් හෝ කණු කැපුණු බීජ තවාන් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කඩදාසි බදුන් හෝ පහසුවෙන් සොයාගත හැකි බදුන්වල දමා පැලකරගෙන නැවත සිටුවන්න පුළුවන්. මෙහිදී පැල වෙන්කරන්නට අවශ්‍ය නොවන නිසා මුල් කැඩෙන්නෙත් නැ.

    (04). වැරදි අකාරයේ ජලය සැපයීම....මෙහිදී සමහර විට වැඩි ප්‍රමාණයක් ජලය සැපයීමෙන් බීජය කුණුවී යන්න පුළුවන්. මොකද බීජය පැලවෙන්න ඔක්සිජන් වායුව ඕන .. අධික ලෙස ජලය එක්රැස් වීමෙන් අවශ්‍ය ඔක්සිජන් වායුවට ඉඩක් නැතිවීම මේකට හේතුව.. මේ නිසා තැටියක හරි බදුනක හරි බීජ දමනවානම් එම බදුන්වල පතුලේ සිදුරුවලින් ජලය උරාගැනීමට සුදුසු විදියට අඩු උසක ජලය පිරවූ තවත් බදුනක තබන්න පුළුවන්.(Bottom tray method)

    ඉතින් මේ කාරනා ටික සලකා බලල බීජ ටික පැල කරගන්න ඒක හොදයි..ලොකු බීජ ඒ කිව්වේ මැ, බණ්ඩක්ක වගේ ඒවානම් ඉක්මනින් පහසුවෙන් පැල කරගන්න පුළුවන් ..එත් කුඩා බීජ පැල කරගන්න යාමේදී තමයි ගොඩක් ගැටළු එන්නේ. කොහොම වෙතත් බණ්ඩක්කා , මැ වුනත් කුඩා කඩදාසි බදුන් වල සිටුවල සති 2 කින් 3 කින් ක්ෂේත්‍රයේ හෝ විශාල බදුන් වල හිටුවා ගන්නත් පුළුවන්...

    අපගේ අත්දැකීම අනුව බොහෝ පිරිසක් බිජ පොලවේ දමන්නට හදිස්සියට පරතරයක් ගැන නොසිතා කඩිමුඩියේ වලලා දමනවා. අවශ්‍ය ආකාරයට පස සකසන්නේ නැ. හොද මුල් පද්ධතියක් එක්ක ගෙඩි කරල් ගොඩක් ගන්න නම් පස සකසල යහමින් කාබනික පොහොර එකතු කිරීම ඉතා වැදගත් වෙනව. පෝෂක ඌනතා පෙන්වන විට කාබනික දියර පොහොරක් යොදාගන්න පුලුවන්.හදිසි අවශ්‍යතාවයේදී රසායනික පොහොරත් යම්කිසි ප්‍රමාණයක් යොදන්න පුළුවන්.....වටපනුවන්ගේ හානි නිසා සමහර විට පැලේ වර්ධනය බාලවෙනවා. එනිසා කුකුල් පොහොර ප්‍රමනයකුත් වැඩෙන වගාවන් සදහා එක් කරගැනීම සුදුසු වෙනවා. මොකද කුකුළු පෝරවලට වටපණු හානිය අඩුවන නිසා....ඒවගේම ගොඩක් අය මැ, බණ්ඩක්ක, දඹල වගේ බීජ තවානක් වගේ එක ලගම වලලනවා. මෙසේ සිදුකිරීමෙන් එමගින් ලබාගන්නට තිබෙන අස්වැන්න ලබාගන්න බැ. හොදම දේ බැග් වලට මාධ්‍ය පුරවල සිටුවීම..මතුපිට පස් කොටස් එකකට හොදට දිරාගිය කාබනික පොහොර කොටස් එකක් විදියට අරන් පුරවල ගත්තම හොදටම ප්‍රතිපල තිබේවි..හැබැයි ගල් කැට බොරළු අඩුවුනානම හොදයි....... මොකද බාගයක හෝ බැදුනේ පොඩි ඉඩක හැදෙන පැලයට පෝෂණය සපයන්නත් ඕන නිසා.. ..මෙහිදී අවශ්‍ය පරිදි ගස වැඩේනවත් එක්කම පරතරය ලබාදෙන්නත් ,,හිරු එලියට නිරාවරණය කරන්නත් ලේසියි. ඒ වගේම සතුන්ගෙන් බේරාගන්නට ස්ථානගත කරන්නටත් ලේසියි.

    කිව්ව ටික ආයෙත් සාරාංශ කරන්නම්.

    01. කල් ගතවෙන්න කලින් බීජ ටික වගාකරන්න. ගබඩා කරන විට ශීතකරණයේ තබන්න.

    02. බීජ පැල කිරීමට පෙර පැය 12 පොගවාගන්න..හැකිනම් සුදුසු දිලිර නාශකයකින් ප්‍රතිකාර කරන්න.

    03. හැකිනම් සුදුසු බීජ පැලකරගෙන සිටුවන්න. (වී වගාවේදී මෙන් )

    04. බීජ නියම ගැඹුරෙන් ඒකියන්නේ බීජ ගනකම මෙන් තුන් ගුණයක් ගැඹුරකින් පමණක් බීජ යටකරන්න.

    05. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය සපයන්න

    06. නිර්දේශිත පරතරයට පැල ස්ථානගත කරන්න.

    07. ගසට අවශ්‍ය පෝෂක ලබාදීම පිලිබදව සැලකිලිමත් වන්න.

    08. බීජය පැලවීමට සුදුසු මාධ්‍යයක බීජ හා පැල සිටවන්න. හැකිනම්

    කුඩා බදුන්ව ල පැල සකස් කරගෙන විශාල බදුන්වල හෝ භුමියේ පැල සිටුවන්න.

    .
    .....ජයලත් බණ්ඩාර....සාර Boomi.....fbpage
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දන්නවද ?
    ඉන්දියාවෙන් ගෙන්න්නලා අපි ගේන පරිප්පු , මුන් ඇට , මිරිස් , කොත්තමල්ලි වගේ ඒවා පැලවෙනවා කියලා
     
    • Like
    Reactions: willpower

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113



    සුළු දෙයක්නෙ 😁
    ගෙදර කුස්සියට පනිමු 😂

    * අබ බෝතලේ ගත්තා. අබ මිටක් අරගෙන වවාගන්න පුළුවන් තැනක ඉහින්න . කොළ සලාදෙට, මැල්ලුමට මරු හැදුනම.

    * කොත්තමල්ලි ටිකක් රෑට පෙගෙන්න දාලා උදේට ටිකක් පොඩි කරලා තවානක් දාන්න. කොළ සම්බෝල කන්න පුළුවන් .

    * උළුහාල් ටිකකුත් ඉහින්න. කොළ පරිප්පු දාලා උයන්න පුළුවන් . සලාදෙට ගන්න පුළුවන් චූටිම කාලෙ පැල.

    * තක්කාලි ගෙඩි තියෙනවා නම් ඇට ටිකක් තවන් දාන්න.

    * වේලපු මිරිස් කරල් හරි කෑලි මිරිස් හරි ඇතිනෙ. ඇට ටිකක් තවන් දාන්න.

    * වට්ටක්කා, කැකිරි ගෙනත්නම් උයනකොට ඇට ටික ගන්න.

    ගෙදර වත්තෙ කුණු ටිකක් එකතු කරලා කුණු පුච්චන තැන පුච්චන්න. එතන පස් එක්කම කලවම් කරලා ගන්න පොහොර පස් විදියට . මේ වගේ පස්වල හොදට වට්ටක්කා, කැකිරි සරුවට හැදෙනවා.

    * ගෙදරට ගෙනාව මැල්ලුම් මිටියක දඩුවත් අතාරින්න එපා මේ ටිකේ. මෝරපු කොටස් ඔක්කොම හිටවන්න.

    * ගෙදරට ගේන ලීක්ස් දඩු ටිකත් හිටවන්න.

    * බීට්, කැරට් , රාබු ගෙනාවම උඩින් පෙත්තක් වගේ වෙන්න කපලා අරගෙන ( කොළ සහිත දඩු කොටස පැත්ත ) වතුර තැටියක තියලා හරි පැල කරලා හරි හදාගන්න. කොළ සලාදෙට ගන්න පුළුවන්.

    * මහදුරු ටිකක් පැල කරන්න. කොළ වගේම පස්සෙ අලත් කෑමට ගන්න පුළුවන්.

    * ගෙදරට ගේන නිවිති දඩු ටික හිටවගන්න.

    * පරණ වුන අල ගෙඩියක් තියෙනවා නම් සිසිල් තැනක තියන්න. පොඩි මොටෙයියො දානවා ඉක්මනින්. සාමාන්‍යයෙන් ලොකු අලයක්නම් මොටෙයියො අනුව කෑලි කිහිපයක් කපලා හිටවගන්න පුළුවන්. ඕනම අල වර්ගයක් මේ විදියට පැල කරගන්න පුළුවන් .

    * බතල ගෙනාවොත් පොඩි අලයක් අරගෙන කෝප්පෙකට වතුර ටිකක් දාලා තියන්න කුස්සියේ සින්ක් එක ගාව. හැමදාම වතුර මාරු කරලා බතල අලේ ඔය දකින දකින වෙලාවට ටිකක් තෙමන්න. ඉක්මනින් මොටෙයියො දාලා එනවා. දඩු ටිකක් ලොකු වුනාම හිටවන්න . අල වගේම අල ලැබෙනකම් දලු, හා ලපටි දඩු තෙල්දාන්න , කලවම් මැල්ලුමට ගන්න පුළුවන්.

    * සුදුළූණු , රතුළූනු වල සුද්ධ කරන්න අමාරු චූටි බික් තෝරගෙන හිටවන්න. දෙවර්ගයෙම කොළ ආහාරයට ගන්න පුළුවන්.

    * චූටි ඉඟුරු අල කෑල්ලක් , කහ කෑල්ලක් හිටවන්න. ඉස්සරහට ගොඩක් වටීවි.

    * බෙල්පෙපර් ගෙඩියක් ගෙනාවොත් ඒක උයන්න ගන්න වෙලාවට ඒකෙ බීජ ටික අරගෙන හිටවන්න. සාමාන්‍ය වෙළෙඳපොළේ තියෙන වේලුන බීජ වලට වඩා ගොඩක් සාර්ථකයි මේ බීජ.

    * මිංචි ගෙනාවොත් දඩු ටික හිටවගන්න කොළ ටික අරගෙන.

    * මොනවහරි මිරිස් වර්ග ගෙනාවොත් ඉදෙන්න පුළුවන් කරලක් ( මෝරපු වගේ ) ඉදෙන්න තියලා බීජ ටිකක් අරගෙන තවන් දාන්න.

    * ගෙදරට ගෙනාව ඇට වර්ග වලින් කව්පි, මුංඇට වගේ ඒවගෙන් අහුරක් පෙඟෙන්න දාලා හිටවන්න. වැඩිපුර අස්වැන්නක් ගන්න පුළුවන්. ලපටි කරල් ව්‍යාංජනය , මැල්ලුම හදන්න ගන්න පුළුවන්..
    SL Agro Consultants https://www.facebook.com/SL-Agro-Consultants-109369193903979/
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,124
    113
    දන්නවද ?
    ඉන්දියාවෙන් ගෙන්න්නලා අපි ගේන පරිප්පු , මුන් ඇට , මිරිස් , කොත්තමල්ලි වගේ ඒවා පැලවෙනවා කියලා


    parippu palawenne na. parippu ate dekata wen karala thiyenne. wen nowechcha ewa hoyaganna wenawa.