Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෙවල් හැදිල්ල 🏠
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙවල් හැදිල්ල

අපේ විදියට ගෙවල් හැදිල්ල ලොව ඇති ගොංම වැඩේ බව අපට වැටහෙන්නේ ඒක හැදුවාට පස්සෙය. දාන්න පුලුවන් කැටයම් ඔක්කොම දමා චිරාත් කාලයක් ජීවත් වන්නට සාදන නිවසේ ටික දවසකින් සිදුවන මලහත්තිලව් අත්වින්ඳාම ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිඳිනාවේලේ වෙයි. ඇත්තටම බැලුවොත් ගෙදර කිසිම දෙයක් හරියට කරල නැති බව වැටහෙද්දි අපි අම්බානක පරක්කුය. කෙලවෙන්න ඕන නට්ටටම කෙලවෙලාය.

සාමාන්යයෙන් ගෙයක් හදාගෙන යනකොට මුහුණදෙන සිද්දිනං හෙන පොදුය. එකම ටයිල් එක නැතිවීම, ගේන ටයිල් මදිවීම, ගඩොල් බාගෙට බාගයක් චොරවීම, වැහි පිට වැහි වැසීම, බලං ඉද්දි බඩු මිල වැඩිවීම, බාස්ගේ පවුලට බබා හම්බවීම, ගහෙං වැටුනු මිනිහට ගොනා ඇනීම, වක්කඩේ හකුරු හැංගීම, ගඟට ඉනිකැපීම මින් කීපයකි. මේ හැමදේම මැද ගෙවල් හැදුවත් අන්තිමට හැම මකබාස්ම කරපු ගොංකං හැම එකක්ම අර කලින් කිව්ව චිරාත් කාලයක්ම අපිට පලිසංදීමනං කරුමයකි. අපිනං ගෙයක් හදන්නේ පලවෙනි වතාවටය. බාස්ලා එහෙම නෙවෙයිය. උං පුරුදු වෙන්නට ගෙවල් හදනවා නෙවෙයිය. හැබැයි ගෙදර අවසන් කර එලියට ගොස් බැලූවිට මට හිතුනෙම මූනං මේක පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද කියාය. එච්චරට කෙලවලාය..

හදන්න ගත්ත මුල් දවස් වලනං ලඹේ කාලා මට්ටං ලෑලි ගිලපු පොරක් ගානට වැඩේ පටන් ගත්තට මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙයි. බලං යද්දි උං දන්න මඟුලක් නැත. පලවෙනි ගේ හදා ඇනගත්තු මට ඊටවඩා දැනුමක් ඇත. කිලෝමීටරේට අඟලක බැස්මක් එන්න ඇලි හදපු රටක අඩි 10x10 බාත්රූම් එකක වතුර පූල් එකක ගානට පිරුනාම එලියට එන්න වෙන්නෙ පීනලාය. ඒතරං තාක්ෂණේ දියුණු වෙලාය. බෙල් එක ගැහුවම ලයිට් පත්තු වෙයි. ෆෑන් එක දැම්මම බෙල් එක වදියි. ලයිට් දැම්මම ලිප පත්තුවෙයි. සමහර ෆ්ලග් වලට කරන්ට් එක එන්නේ ඇඟ හරහාය. බිත්ති නිර්මාණ කර ඇත්තේ පීසාහි ඇලවෙන කුලුණේ තාක්ෂණයටය. සමහර බිත්ති රික්ටර් පරිමාණ බරගාණක භූමිකම්පා වලට අහුවෙලා වගේ පුපුරලාය. වොෂ් රූම් වලට අල්ලපු කාමර වලින් ජල උල්පත් මතුවෙනවාය. එකම කෙලියකි. පලවෙනි ගෙදර මෙහෙම දේවල් නොවෙනවානං ඒක අටපට්ටමට කියන්නට වටිනවාය.

ආතල්ම කෑල්ල වෙන්නෙ නක්ෂත්ර ජෝතිශ්ය වාස්තු විද්යා විභූෂණ චක්රවර්තීන් ගෙදරට ආවාමය. උං කියන විදියට මේ බිත්තිය මෙතනට අපලය. අර ජනෙලෙ අතනට දුබලය. පඩිපෙල මෙහෙම දැම්මාම කිලිය. වහලෙ මෙතන ලීය තියෙන එක මාරකය. ඇහුවාම ඇඬෙනවාය. හැබැයි ඒ විදියට ගේ හැදුවොත් ඉස්සරහ දොරිං ඇතුලුවෙන එකාට පිටවෙන්න වෙන්නෙ වහලෙ උලු අයිං කරලය. ඒ තරං කෑලි අයිං කරල අලුතින් එකතු කරන්නට වෙනවාය.

අනිත් ආතල් එක අපේ ගෙවල් වල බඩු කන්දරාවය. නිකමට හිතුවොත් අපේ සාලෙක සෙටි දෙකක්, වීදුරු කබඩ් එකක්, ටීවී ස්ටෑන්ඩ් එකක්, ප්ලාස්ටික් පුටු කීපයක් මොකකටවත් නැති මේසයක් පැවතීම සාමාන්යය. බඩු සේරම තිව්වාම සාලෙ හරහා යන්නට ගුවන් පාලම්, වැලමිට වංගු, රවුන්ඩ් අබවුට් විතරක් නෙවේ එල්ලී පැනීමට වැල්ද හයි කරන්නට වෙනවාය. අපි මෙහෙම ගෙවල් හැදුවට සුද්ද එහෙම ගෙවල් හදන්නේ නැත. උං හදන්නෙ හෙන තාවකාලික වාසස්ථානය. ගොඩක් වෙලාවට ලීය. ඒවා ඕනවෙලාවට කැඩීමටත් හැදීමටත් උං දෙපාරක් හිතන්නේ නැත. අතේ තියෙන සේසතම යටකර හදන ගෙවල් ආයි ආයි කඩනවා තියා හිතන්නවත් අපිටනං වත්කමක් නැත.

කෙලමවෙන්නේ අවසානයටය. ගෙදර ඉන්න අයට වෙන ඕනෑම දේකට පලි මේ අහිංසක ගඩොල් ගොඩය. මං කිව්වනෙ අර දොර ගලවන්න කියල. ඇහුවෙ නෑනෙ. කොහෙද ඉතිං පඩිපෙල දකිද්දි මං කිව්ව. දැං හරිනෙ. නානාප්රකාර කමෙන්ට්ස්ය. හොඳක් වුනාම මේ එකක්වත් නැත. මිනිසාගේ මූලික අවශ්යතා වලින් වැදගත්ම තැනක් ගන්නා වාසස්ථානවලට අපි දී ඇති තැන වෙනස් කිරීමට නුදුරු අනාගතයේ අපට සිදුවනු ඇත. එතකල් අපි කැදැල්ල බලා පට්ට ගෙවල් හදමු. උපුටාගැනීමකි.

[QUOTE="IMUNA, post: 29956154, member: 392391"] ගෙවල් හැදිල්ල 🏠 අපේ විදියට ගෙවල් හැදිල්ල ලොව ඇති ගොංම වැඩේ බව අපට වැටහෙන්නේ ඒක හැදුවාට පස්සෙය. දාන්න පුලුවන් කැටයම් ඔක්කොම දමා චිරාත් කාලයක් ජීවත් වන්නට සාදන නිවසේ ටික දවසකින් සිදුවන මලහත්තිලව් අත්වින්ඳාම ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිඳිනාවේලේ වෙයි. ඇත්තටම බැලුවොත් ගෙදර කිසිම දෙයක් හරියට කරල නැති බව වැටහෙද්දි අපි අම්බානක පරක්කුය. කෙලවෙන්න ඕන නට්ටටම කෙලවෙලාය. සාමාන්යයෙන් ගෙයක් හදාගෙන යනකොට මුහුණදෙන සිද්දිනං හෙන පොදුය. එකම ටයිල් එක නැතිවීම, ගේන ටයිල් මදිවීම, ගඩොල් බාගෙට බාගයක් චොරවීම, වැහි පිට වැහි වැසීම, බලං ඉද්දි බඩු මිල වැඩිවීම, බාස්ගේ පවුලට බබා හම්බවීම, ගහෙං වැටුනු මිනිහට ගොනා ඇනීම, වක්කඩේ හකුරු හැංගීම, ගඟට ඉනිකැපීම මින් කීපයකි. මේ හැමදේම මැද ගෙවල් හැදුවත් අන්තිමට හැම මකබාස්ම කරපු ගොංකං හැම එකක්ම අර කලින් කිව්ව චිරාත් කාලයක්ම අපිට පලිසංදීමනං කරුමයකි. අපිනං ගෙයක් හදන්නේ පලවෙනි වතාවටය. බාස්ලා එහෙම නෙවෙයිය. උං පුරුදු වෙන්නට ගෙවල් හදනවා නෙවෙයිය. හැබැයි ගෙදර අවසන් කර එලියට ගොස් බැලූවිට මට හිතුනෙම මූනං මේක පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද කියාය. එච්චරට කෙලවලාය.. හදන්න ගත්ත මුල් දවස් වලනං ලඹේ කාලා මට්ටං ලෑලි ගිලපු පොරක් ගානට වැඩේ පටන් ගත්තට මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙයි. බලං යද්දි උං දන්න මඟුලක් නැත. පලවෙනි ගේ හදා ඇනගත්තු මට ඊටවඩා දැනුමක් ඇත. කිලෝමීටරේට අඟලක බැස්මක් එන්න ඇලි හදපු රටක අඩි 10x10 බාත්රූම් එකක වතුර පූල් එකක ගානට පිරුනාම එලියට එන්න වෙන්නෙ පීනලාය. ඒතරං තාක්ෂණේ දියුණු වෙලාය. බෙල් එක ගැහුවම ලයිට් පත්තු වෙයි. ෆෑන් එක දැම්මම බෙල් එක වදියි. ලයිට් දැම්මම ලිප පත්තුවෙයි. සමහර ෆ්ලග් වලට කරන්ට් එක එන්නේ ඇඟ හරහාය. බිත්ති නිර්මාණ කර ඇත්තේ පීසාහි ඇලවෙන කුලුණේ තාක්ෂණයටය. සමහර බිත්ති රික්ටර් පරිමාණ බරගාණක භූමිකම්පා වලට අහුවෙලා වගේ පුපුරලාය. වොෂ් රූම් වලට අල්ලපු කාමර වලින් ජල උල්පත් මතුවෙනවාය. එකම කෙලියකි. පලවෙනි ගෙදර මෙහෙම දේවල් නොවෙනවානං ඒක අටපට්ටමට කියන්නට වටිනවාය. ආතල්ම කෑල්ල වෙන්නෙ නක්ෂත්ර ජෝතිශ්ය වාස්තු විද්යා විභූෂණ චක්රවර්තීන් ගෙදරට ආවාමය. උං කියන විදියට මේ බිත්තිය මෙතනට අපලය. අර ජනෙලෙ අතනට දුබලය. පඩිපෙල මෙහෙම දැම්මාම කිලිය. වහලෙ මෙතන ලීය තියෙන එක මාරකය. ඇහුවාම ඇඬෙනවාය. හැබැයි ඒ විදියට ගේ හැදුවොත් ඉස්සරහ දොරිං ඇතුලුවෙන එකාට පිටවෙන්න වෙන්නෙ වහලෙ උලු අයිං කරලය. ඒ තරං කෑලි අයිං කරල අලුතින් එකතු කරන්නට වෙනවාය. අනිත් ආතල් එක අපේ ගෙවල් වල බඩු කන්දරාවය. නිකමට හිතුවොත් අපේ සාලෙක සෙටි දෙකක්, වීදුරු කබඩ් එකක්, ටීවී ස්ටෑන්ඩ් එකක්, ප්ලාස්ටික් පුටු කීපයක් මොකකටවත් නැති මේසයක් පැවතීම සාමාන්යය. බඩු සේරම තිව්වාම සාලෙ හරහා යන්නට ගුවන් පාලම්, වැලමිට වංගු, රවුන්ඩ් අබවුට් විතරක් නෙවේ එල්ලී පැනීමට වැල්ද හයි කරන්නට වෙනවාය. අපි මෙහෙම ගෙවල් හැදුවට සුද්ද එහෙම ගෙවල් හදන්නේ නැත. උං හදන්නෙ හෙන තාවකාලික වාසස්ථානය. ගොඩක් වෙලාවට ලීය. ඒවා ඕනවෙලාවට කැඩීමටත් හැදීමටත් උං දෙපාරක් හිතන්නේ නැත. අතේ තියෙන සේසතම යටකර හදන ගෙවල් ආයි ආයි කඩනවා තියා හිතන්නවත් අපිටනං වත්කමක් නැත. කෙලමවෙන්නේ අවසානයටය. ගෙදර ඉන්න අයට වෙන ඕනෑම දේකට පලි මේ අහිංසක ගඩොල් ගොඩය. මං කිව්වනෙ අර දොර ගලවන්න කියල. ඇහුවෙ නෑනෙ. කොහෙද ඉතිං පඩිපෙල දකිද්දි මං කිව්ව. දැං හරිනෙ. නානාප්රකාර කමෙන්ට්ස්ය. හොඳක් වුනාම මේ එකක්වත් නැත. මිනිසාගේ මූලික අවශ්යතා වලින් වැදගත්ම තැනක් ගන්නා වාසස්ථානවලට අපි දී ඇති තැන වෙනස් කිරීමට නුදුරු අනාගතයේ අපට සිදුවනු ඇත. එතකල් අපි කැදැල්ල බලා පට්ට ගෙවල් හදමු. උපුටාගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom