ගෙවල් හැදිල්ල 🏠

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ගෙවල් හැදිල්ල 🏠

    අපේ විදියට ගෙවල් හැදිල්ල ලොව ඇති ගොංම වැඩේ බව අපට වැටහෙන්නේ ඒක හැදුවාට පස්සෙය. දාන්න පුලුවන් කැටයම් ඔක්කොම දමා චිරාත් කාලයක් ජීවත් වන්නට සාදන නිවසේ ටික දවසකින් සිදුවන මලහත්තිලව් අත්වින්ඳාම ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිඳිනාවේලේ වෙයි. ඇත්තටම බැලුවොත් ගෙදර කිසිම දෙයක් හරියට කරල නැති බව වැටහෙද්දි අපි අම්බානක පරක්කුය. කෙලවෙන්න ඕන නට්ටටම කෙලවෙලාය.

    සාමාන්‍යයෙන් ගෙයක් හදාගෙන යනකොට මුහුණදෙන සිද්දිනං හෙන පොදුය. එකම ටයිල් එක නැතිවීම, ගේන ටයිල් මදිවීම, ගඩොල් බාගෙට බාගයක් චොරවීම, වැහි පිට වැහි වැසීම, බලං ඉද්දි බඩු මිල වැඩිවීම, බාස්ගේ පවුලට බබා හම්බවීම, ගහෙං වැටුනු මිනිහට ගොනා ඇනීම, වක්කඩේ හකුරු හැංගීම, ගඟට ඉනිකැපීම මින් කීපයකි. මේ හැමදේම මැද ගෙවල් හැදුවත් අන්තිමට හැම මකබාස්ම කරපු ගොංකං හැම එකක්ම අර කලින් කිව්ව චිරාත් කාලයක්ම අපිට පලිසංදීමනං කරුමයකි. අපිනං ගෙයක් හදන්නේ පලවෙනි වතාවටය. බාස්ලා එහෙම නෙවෙයිය. උං පුරුදු වෙන්නට ගෙවල් හදනවා නෙවෙයිය. හැබැයි ගෙදර අවසන් කර එලියට ගොස් බැලූවිට මට හිතුනෙම මූනං මේක පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද කියාය. එච්චරට කෙලවලාය..

    හදන්න ගත්ත මුල් දවස් වලනං ලඹේ කාලා මට්ටං ලෑලි ගිලපු පොරක් ගානට වැඩේ පටන් ගත්තට මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙයි. බලං යද්දි උං දන්න මඟුලක් නැත. පලවෙනි ගේ හදා ඇනගත්තු මට ඊටවඩා දැනුමක් ඇත. කිලෝමීටරේට අඟලක බැස්මක් එන්න ඇලි හදපු රටක අඩි 10x10 බාත්රූම් එකක වතුර පූල් එකක ගානට පිරුනාම එලියට එන්න වෙන්නෙ පීනලාය. ඒතරං තාක්ෂණේ දියුණු වෙලාය. බෙල් එක ගැහුවම ලයිට් පත්තු වෙයි. ෆෑන් එක දැම්මම බෙල් එක වදියි. ලයිට් දැම්මම ලිප පත්තුවෙයි. සමහර ෆ්ලග් වලට කරන්ට් එක එන්නේ ඇඟ හරහාය. බිත්ති නිර්මාණ කර ඇත්තේ පීසාහි ඇලවෙන කුලුණේ තාක්ෂණයටය. සමහර බිත්ති රික්ටර් පරිමාණ බරගාණක භූමිකම්පා වලට අහුවෙලා වගේ පුපුරලාය. වොෂ් රූම් වලට අල්ලපු කාමර වලින් ජල උල්පත් මතුවෙනවාය. එකම කෙලියකි. පලවෙනි ගෙදර මෙහෙම දේවල් නොවෙනවානං ඒක අටපට්ටමට කියන්නට වටිනවාය.

    ආතල්ම කෑල්ල වෙන්නෙ නක්ෂත්‍ර ජෝතිශ්‍ය වාස්තු විද්‍යා විභූෂණ චක්‍රවර්තීන් ගෙදරට ආවාමය. උං කියන විදියට මේ බිත්තිය මෙතනට අපලය. අර ජනෙලෙ අතනට දුබලය. පඩිපෙල මෙහෙම දැම්මාම කිලිය. වහලෙ මෙතන ලීය තියෙන එක මාරකය. ඇහුවාම ඇඬෙනවාය. හැබැයි ඒ විදියට ගේ හැදුවොත් ඉස්සරහ දොරිං ඇතුලුවෙන එකාට පිටවෙන්න වෙන්නෙ වහලෙ උලු අයිං කරලය. ඒ තරං කෑලි අයිං කරල අලුතින් එකතු කරන්නට වෙනවාය.

    අනිත් ආතල් එක අපේ ගෙවල් වල බඩු කන්දරාවය. නිකමට හිතුවොත් අපේ සාලෙක සෙටි දෙකක්, වීදුරු කබඩ් එකක්, ටීවී ස්ටෑන්ඩ් එකක්, ප්ලාස්ටික් පුටු කීපයක් මොකකටවත් නැති මේසයක් පැවතීම සාමාන්‍යය. බඩු සේරම තිව්වාම සාලෙ හරහා යන්නට ගුවන් පාලම්, වැලමිට වංගු, රවුන්ඩ් අබවුට් විතරක් නෙවේ එල්ලී පැනීමට වැල්ද හයි කරන්නට වෙනවාය. අපි මෙහෙම ගෙවල් හැදුවට සුද්ද එහෙම ගෙවල් හදන්නේ නැත. උං හදන්නෙ හෙන තාවකාලික වාසස්ථානය. ගොඩක් වෙලාවට ලීය. ඒවා ඕනවෙලාවට කැඩීමටත් හැදීමටත් උං දෙපාරක් හිතන්නේ නැත. අතේ තියෙන සේසතම යටකර හදන ගෙවල් ආයි ආයි කඩනවා තියා හිතන්නවත් අපිටනං වත්කමක් නැත.

    කෙලමවෙන්නේ අවසානයටය. ගෙදර ඉන්න අයට වෙන ඕනෑම දේකට පලි මේ අහිංසක ගඩොල් ගොඩය. මං කිව්වනෙ අර දොර ගලවන්න කියල. ඇහුවෙ නෑනෙ. කොහෙද ඉතිං පඩිපෙල දකිද්දි මං කිව්ව. දැං හරිනෙ. නානාප්‍රකාර කමෙන්ට්ස්ය. හොඳක් වුනාම මේ එකක්වත් නැත. මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් වැදගත්ම තැනක් ගන්නා වාසස්ථානවලට අපි දී ඇති තැන වෙනස් කිරීමට නුදුරු අනාගතයේ අපට සිදුවනු ඇත. එතකල් අපි කැදැල්ල බලා පට්ට ගෙවල් හදමු. උපුටාගැනීමකි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔය ප්‍රශ්ණ පත්තරෙන් 80%ක්ම විසඳන්නේ ලපයා ජනපති උනාමයි.. එකමවිසඳුම ලපයායි.. :yes: :yes:

    450678015_882116047266282_4921302313589068521_n.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    නාර එක හොද ද?

    ලාබෙ ම බලල හොද construction company එකකට contract එක නොදීමේ වරද තමයි ඉතිං
     
    • Like
    Reactions: tharakaf

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    අපේ විදියට ගෙවල් හැදිල්ල ලොව ඇති ගොංම වැඩේ බව අපට වැටහෙන්නේ ඒක හැදුවාට පස්සෙය. දාන්න පුලුවන් කැටයම් ඔක්කොම දමා චිරාත් කාලයක් ජීවත් වන්නට සාදන නිවසේ ටික දවසකින් සිදුවන මලහත්තිලව් අත්වින්ඳාම ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිඳිනාවේලේ වෙයි. ඇත්තටම බැලුවොත් ගෙදර කිසිම දෙයක් හරියට කරල නැති බව වැටහෙද්දි අපි අම්බානක පරක්කුය. කෙලවෙන්න ඕන නට්ටටම කෙලවෙලාය.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    අනිත් ආතල් එක අපේ ගෙවල් වල බඩු කන්දරාවය. නිකමට හිතුවොත් අපේ සාලෙක සෙටි දෙකක්, වීදුරු කබඩ් එකක්, ටීවී ස්ටෑන්ඩ් එකක්, ප්ලාස්ටික් පුටු කීපයක් මොකකටවත් නැති මේසයක් පැවතීම සාමාන්‍යය. බඩු සේරම තිව්වාම සාලෙ හරහා යන්නට ගුවන් පාලම්, වැලමිට වංගු, රවුන්ඩ් අබවුට් විතරක් නෙවේ එල්ලී පැනීමට වැල්ද හයි කරන්නට වෙනවාය. අපි මෙහෙම ගෙවල් හැදුවට සුද්ද එහෙම ගෙවල් හදන්නේ නැත. උං හදන්නෙ හෙන තාවකාලික වාසස්ථානය. ගොඩක් වෙලාවට ලීය. ඒවා ඕනවෙලාවට කැඩීමටත් හැදීමටත් උං දෙපාරක් හිතන්නේ නැත. අතේ තියෙන සේසතම යටකර හදන ගෙවල් ආයි ආයි කඩනවා තියා හිතන්නවත් අපිටනං වත්කමක් නැත.

    මේකටනම් ඉතින් ගෑනි තමා වග කියන්න ඕනා :ROFLMAO: :ROFLMAO:

    කෙලමවෙන්නේ අවසානයටය. ගෙදර ඉන්න අයට වෙන ඕනෑම දේකට පලි මේ අහිංසක ගඩොල් ගොඩය. මං කිව්වනෙ අර දොර ගලවන්න කියල. ඇහුවෙ නෑනෙ. කොහෙද ඉතිං පඩිපෙල දකිද්දි මං කිව්ව. දැං හරිනෙ. නානාප්‍රකාර කමෙන්ට්ස්ය. හොඳක් වුනාම මේ එකක්වත් නැත. මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් වැදගත්ම තැනක් ගන්නා වාසස්ථානවලට අපි දී ඇති තැන වෙනස් කිරීමට නුදුරු අනාගතයේ අපට සිදුවනු ඇත. එතකල් අපි කැදැල්ල බලා පට්ට ගෙවල් හදමු. උපුටාගැනීමකි.

    අහල පහල ඉන්න පන්ඩිත හුකන්නල ඔලුවට විස දැම්මාම තමා මේක වෙන්නෙ. :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔය ප්‍රශ්ණ පත්තරෙන් 80%ක්ම විසඳන්නේ ලපයා ජනපති උනාමයි.. එකමවිසඳුම ලපයායි.. :yes: :yes:

    450678015_882116047266282_4921302313589068521_n.jpg

    ලපයා කැමතිද රට පාලනය කරලා දුප්පත් වෙන්න ?

    ලපයා පෝසත් වෙලා ඉන්නේ රට පාලනය කරන්නෙත් නැතුව ..
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ගෙවල් හැදිල්ල 🏠

    අපේ විදියට ගෙවල් හැදිල්ල ලොව ඇති ගොංම වැඩේ බව අපට වැටහෙන්නේ ඒක හැදුවාට පස්සෙය. දාන්න පුලුවන් කැටයම් ඔක්කොම දමා චිරාත් කාලයක් ජීවත් වන්නට සාදන නිවසේ ටික දවසකින් සිදුවන මලහත්තිලව් අත්වින්ඳාම ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිඳිනාවේලේ වෙයි. ඇත්තටම බැලුවොත් ගෙදර කිසිම දෙයක් හරියට කරල නැති බව වැටහෙද්දි අපි අම්බානක පරක්කුය. කෙලවෙන්න ඕන නට්ටටම කෙලවෙලාය.

    සාමාන්‍යයෙන් ගෙයක් හදාගෙන යනකොට මුහුණදෙන සිද්දිනං හෙන පොදුය. එකම ටයිල් එක නැතිවීම, ගේන ටයිල් මදිවීම, ගඩොල් බාගෙට බාගයක් චොරවීම, වැහි පිට වැහි වැසීම, බලං ඉද්දි බඩු මිල වැඩිවීම, බාස්ගේ පවුලට බබා හම්බවීම, ගහෙං වැටුනු මිනිහට ගොනා ඇනීම, වක්කඩේ හකුරු හැංගීම, ගඟට ඉනිකැපීම මින් කීපයකි. මේ හැමදේම මැද ගෙවල් හැදුවත් අන්තිමට හැම මකබාස්ම කරපු ගොංකං හැම එකක්ම අර කලින් කිව්ව චිරාත් කාලයක්ම අපිට පලිසංදීමනං කරුමයකි. අපිනං ගෙයක් හදන්නේ පලවෙනි වතාවටය. බාස්ලා එහෙම නෙවෙයිය. උං පුරුදු වෙන්නට ගෙවල් හදනවා නෙවෙයිය. හැබැයි ගෙදර අවසන් කර එලියට ගොස් බැලූවිට මට හිතුනෙම මූනං මේක පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද කියාය. එච්චරට කෙලවලාය..

    හදන්න ගත්ත මුල් දවස් වලනං ලඹේ කාලා මට්ටං ලෑලි ගිලපු පොරක් ගානට වැඩේ පටන් ගත්තට මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙයි. බලං යද්දි උං දන්න මඟුලක් නැත. පලවෙනි ගේ හදා ඇනගත්තු මට ඊටවඩා දැනුමක් ඇත. කිලෝමීටරේට අඟලක බැස්මක් එන්න ඇලි හදපු රටක අඩි 10x10 බාත්රූම් එකක වතුර පූල් එකක ගානට පිරුනාම එලියට එන්න වෙන්නෙ පීනලාය. ඒතරං තාක්ෂණේ දියුණු වෙලාය. බෙල් එක ගැහුවම ලයිට් පත්තු වෙයි. ෆෑන් එක දැම්මම බෙල් එක වදියි. ලයිට් දැම්මම ලිප පත්තුවෙයි. සමහර ෆ්ලග් වලට කරන්ට් එක එන්නේ ඇඟ හරහාය. බිත්ති නිර්මාණ කර ඇත්තේ පීසාහි ඇලවෙන කුලුණේ තාක්ෂණයටය. සමහර බිත්ති රික්ටර් පරිමාණ බරගාණක භූමිකම්පා වලට අහුවෙලා වගේ පුපුරලාය. වොෂ් රූම් වලට අල්ලපු කාමර වලින් ජල උල්පත් මතුවෙනවාය. එකම කෙලියකි. පලවෙනි ගෙදර මෙහෙම දේවල් නොවෙනවානං ඒක අටපට්ටමට කියන්නට වටිනවාය.

    ආතල්ම කෑල්ල වෙන්නෙ නක්ෂත්‍ර ජෝතිශ්‍ය වාස්තු විද්‍යා විභූෂණ චක්‍රවර්තීන් ගෙදරට ආවාමය. උං කියන විදියට මේ බිත්තිය මෙතනට අපලය. අර ජනෙලෙ අතනට දුබලය. පඩිපෙල මෙහෙම දැම්මාම කිලිය. වහලෙ මෙතන ලීය තියෙන එක මාරකය. ඇහුවාම ඇඬෙනවාය. හැබැයි ඒ විදියට ගේ හැදුවොත් ඉස්සරහ දොරිං ඇතුලුවෙන එකාට පිටවෙන්න වෙන්නෙ වහලෙ උලු අයිං කරලය. ඒ තරං කෑලි අයිං කරල අලුතින් එකතු කරන්නට වෙනවාය.

    අනිත් ආතල් එක අපේ ගෙවල් වල බඩු කන්දරාවය. නිකමට හිතුවොත් අපේ සාලෙක සෙටි දෙකක්, වීදුරු කබඩ් එකක්, ටීවී ස්ටෑන්ඩ් එකක්, ප්ලාස්ටික් පුටු කීපයක් මොකකටවත් නැති මේසයක් පැවතීම සාමාන්‍යය. බඩු සේරම තිව්වාම සාලෙ හරහා යන්නට ගුවන් පාලම්, වැලමිට වංගු, රවුන්ඩ් අබවුට් විතරක් නෙවේ එල්ලී පැනීමට වැල්ද හයි කරන්නට වෙනවාය. අපි මෙහෙම ගෙවල් හැදුවට සුද්ද එහෙම ගෙවල් හදන්නේ නැත. උං හදන්නෙ හෙන තාවකාලික වාසස්ථානය. ගොඩක් වෙලාවට ලීය. ඒවා ඕනවෙලාවට කැඩීමටත් හැදීමටත් උං දෙපාරක් හිතන්නේ නැත. අතේ තියෙන සේසතම යටකර හදන ගෙවල් ආයි ආයි කඩනවා තියා හිතන්නවත් අපිටනං වත්කමක් නැත.

    කෙලමවෙන්නේ අවසානයටය. ගෙදර ඉන්න අයට වෙන ඕනෑම දේකට පලි මේ අහිංසක ගඩොල් ගොඩය. මං කිව්වනෙ අර දොර ගලවන්න කියල. ඇහුවෙ නෑනෙ. කොහෙද ඉතිං පඩිපෙල දකිද්දි මං කිව්ව. දැං හරිනෙ. නානාප්‍රකාර කමෙන්ට්ස්ය. හොඳක් වුනාම මේ එකක්වත් නැත. මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් වැදගත්ම තැනක් ගන්නා වාසස්ථානවලට අපි දී ඇති තැන වෙනස් කිරීමට නුදුරු අනාගතයේ අපට සිදුවනු ඇත. එතකල් අපි කැදැල්ල බලා පට්ට ගෙවල් හදමු. උපුටාගැනීමකි.
    masuran danna ona kathava...
    baslava gedarama room ekak kadaya tika kalayak thiyaganna ona adupadu pennala hadavanna :angry:

    ailka gedara wadihitiyo ekka gedara thiyana parana magul visi karanna bari eka.. kandu gahan innava ekak visikaranna denne nathuva. gedara avidinna ona bhadhaka mathin yanna wage :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕකට හේතු කීපයක් තියෙනවා බං. අපේ එවුන් ඉස්සර පුරුද්දට මකබාස්ලා දම්මලා වැඩ කරවනවා. කොච්චර හොඳට ප්ලෑන් ඇන්ඳත් සමහරු මේසන් බාස්ලා ගෙනල්ලා තනියෙන් වැඩේ කරන්න සෙට් වෙනවා. ඊට පස්සේ බාස්ලා දන්න කෙහෙම්මලක් නෑ. උන් කරන්නේ උන්ට ඕනේ විදියට ගෙදර හදනවා. මගේ යාලුවෙක්ගේ ගෙදරක් හදන වැඩකට ප්ලෑන් එහෙම ඇඳලා ඔක්කොම කරාට පස්සේ මම කිව්වා එස්ටිමේට් එකක් හදාගනින් කාට හරි දීලා මහ ගානක් යන්නේ නෑ. මූ ඇහුවේ නෑ. තාත්තා දන්න බාස් කෙනෙක් අල්ලන් වැඩේ පටන් අරන් තිබ්බේ. කොහොම හරි බාසා දන්නේ නෑලු නූල් අදින්න වත්. අන්තිමට ආකියයි මූයි තමයි නූල් ඇදලා තිබ්බේ ගෙපල කපන්න. කොහොම හරි මාසයක් විතර වැඩ කරලා අරූ ඇනුවට පස්සේ කොන්ත්‍රාත් කරන බුවෙක්ට කියලා වැඩේ කරගෙන තිබ්බා. ලක්ශ 100න් කරන්න පුලුවන් කියලා හිතන් හිටපු එකට 115ක් ගිහින් තිබ්බා. මම කිව්වා පොඩි ගානක් වියදන් කරන්න තිබ්බ අකමැත්තට ලක්ශ 15ක් වැඩියෙන් ගෙවාගත්තා නේද කියලා. මොකද එස්ටිමේට් එක කලින් හැදුවා නම් එයාලට ලක්ශ 100කට ඕක සීමා කරගන්න තිබ්බා පොඩි පොඩි ඕල්ටනේටිව්ස් දාලා. හරි ටෙක්නික් දන්න අය ලව්වා කරවද්දි ඔය ඉහල කියලා තියෙන ගොඩක් වැරදි නිවරදිව හදාගන්න පුලුවන්. නමුත් අපේ අය අදටත් මැලිවෙනවා හරියට දන්න කෙනෙක් ලව්වා කරගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ලොකුම අවුල ලංකාවේ ඉන්නේ මක බාස්ලා. ලොකු බාස්ගේ ගෝලයා විදියට වැඩට ගියපු එකා අවුරුදු 5කට පස්සේ තනියම ගෙවල් හදන්න යනවා. ගුරු මුෂ්ටිය නිසා ගෝලයගෙන් ගෝලයට සමහර ටෙක්නිකල් පොයින්ට් දෙන්නෑ. නියම විදියට ඉදිරිකිරීම් තාක්ෂණය හදාරපු උන් ලංකාවේ ඉන්නේ නෑ. උන් වෙන රටවල කන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැනිවලට යනවා.
     
    • Like
    Reactions: IMUNA

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය ප්‍රශ්ණ පත්තරෙන් 80%ක්ම විසඳන්නේ ලපයා ජනපති උනාමයි.. එකමවිසඳුම ලපයායි.. :yes: :yes:

    450678015_882116047266282_4921302313589068521_n.jpg
    මිනිස්සු හැදෙන්නේ නැතුව ලපයක් ගෙනාව ම හරි ද utto
     
    • Like
    Reactions: IMUNA

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මේ විකුනන්න දාලා තිබ්බ එකක්....

    උඹලගේ අදහස් මොනවද?