ගෝටාගෙන් පූටිංට කෝල් ඵකක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    W1aJCwX.jpeg


    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය.

    නැවත දැනුම්දෙ නතුරු අත්හිටුවූ එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදී ඉල්ලීමක් ද කර ඇත.

    දුරකථන සාකච්ඡාවේදී අතීතයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝග ජයගැනීමට රුසියාව ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ස්තුති කළ බව පැවසෙයි.

    වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන සැපයුම් මිලදී ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගෙන් ණය පහසුකමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    දෙරට අතර මිතුදම ශක්‌තිමත් කර ගැනීම සඳහා සංචාරක,වෙළඳ සහ සංස්කෘතික අංශවල ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එකඟතාවය පළකර ඇත.

    https://www.lankadeepa.lk/news/ගෝඨා-පුටින්ට-කතා-කරයි/101-615956
     
    • Like
    Reactions: Arumbaya De Almeida