Copied
මොකක්ද මේ ටෙලිපෝමීටරය...
තාක්ෂණය ගැන අල බෝලයක් දන්නෙ නැති ගොබ්බයො ටිකක් teleprompter ක් අල්ලගෙන දිගට හරහට ඒකට පහර ගහනවා දැක්කා. ඒ නිසා මේක ලියන්න හිතුනා.
සාමාන්‍යයෙන් ලංකාවේ නීතියෙන් ටෙලිපෝමීටරයක් පාවිච්චි කරන්න තහනම්ද? පරණ ක්‍රමයටම කොළවල ලියාගෙන කියවන්න ඕනේද? නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම නවීන පරපුරට ඇලජික් වෙන්නෙ කොහොමද? අපි තාම ඉන්නේ අසූ අනූ ගණන් වලද?
ටෙලිපෝමීටරයක් කියන්නේ යම් කථිකයකුට අවශ්‍ය කරුණු ක්‍රමවත් ලෙස පෙළගස්වා ගෙන ඉදිරිපත් කිරීමට සහාය ලබා දෙන උපකරණයක්. ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කතා පවත්වන බොහෝ දෙනා තමන්ගේ කතාව වඩාත් ක්‍රමවත්ව සහ හරවත්ව කිරීමට ටෙලිපෝමීටරයක සහාය ලබා ගන්නවා. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දේශන පවත්වන දේශකයින්, දේශපාලනඥයින් සහ රූපවාහිනි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් ටෙලිපෝමීටරයක් භාවිතා කරනවා ඔබ දැක ඇති. එමගින් කරන්නේ වඩා සාර්ථකව පෙළගස්වා ගත්, හරවත් කතාවක් ඉදිරිපත් කිරීමට සහය ලබාගැනීම. ලොව පුරා දේශකයින් දේශපාලනඥයින් සිය අත්ල පරිඝනක භාවිතයෙන් මෙන්ම කලින් දත්ත ඇතුළත් කරන ලද උපාංග භාවිතාකොට ටෙලිපෝමීටරයෙන් සහය ලබා ගන්නවා. එය ලෝකය භාවිතා කරන්නට පටන් අරන් දශකයකට අධික උනත් ලංකාවේ භාවිතා වෙන්නේ මෑතක සිටයි.
අපි වුණත් කතාවක් කරද්දී කොලේක යම් කටු සටහනක් දාගෙන කරන්නේ වඩා පහසුවක් පහසුවෙන් කිරීම සඳහායි. කොලේක ලියා ගන්නැතුව ඒක ටෙලිපෝමීටරයක් ආධාරයෙන් කරන්න තියෙනවනම් අපි කාට වුණත් පහසුයි.
තොරතුරු තාක්ෂණය පිළිබද උපාධිධාරී ගෝඨාභය රාජපක්ෂ කොල කෑල්ලක ලියන්න ඇවිත් තමන්ගෙ කතාව කරන්නේ නැතුව ටෙලිපෝමීටරයක් ආධාරයෙන් ඔහුගේ ප්‍රතිපත්ති සහ අදහස් වඩා ක්‍රමවත්ව සහ පැහැදිලිව මහජනතාවට ඉදිරිපත් කරනවා. ටෙලිපොමිටරයක් භාවිතා කරන්නේ කතාකරගන්න බැරි මිනිස්සු නෙමෙයි තමන්ගේ කතාව ක්‍රමවත්ව කරන්න ඕනේ කියලා හිතන මිනිස්සු...!
ඒක ඉතින් ශ්‍රී මුඛයෙන් බයිලා කියන අපේක්ෂකයන්ට ඡන්දෙ දෙන්න ඉන්න ගොබ්බයන්ට මැජික් වෙනවා තමා. කරන්න දෙයක් නෑ දැන් ලෝකේ තාක්ෂණය දියුණුයි. උඹලා ගොඩාක් පිටිපස්සෙන් ඉන්නේ. ඒ වගේ දෙයක් ගැන හද්ද ගොන් විදිහට කියවලා පෙන්වන්නේ උඹලගේ මොළේ තරම තමා. ආයේ කියවත්දී පරිස්සමින්... නැත්නම් උඹලා තාක්ෂණය ගැන දන්නැති හෙන ගොන් පොරවල් කියලා මුළු ලෝකෙම දැනගන්නවා....
