ගොඩක් අය ජීවිතේ ටර්නින් පොයින්ට් එක

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ගොඩක් අය ජීවිතේ ටර්නින් පොයින්ට් ගන්න බය වෙනවා, ඒ වගේම වයස වෙන වෙන නොවැදගත් සාධක ජීවිතේ ඉස්සරහට යන්න වගේම තමන් කැමති ෆීල්ඩ් එකකට යොමු වෙන්න බාධාවක් කරගන්නවා.

    මේ ගැලුව ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් කියලා group එකේ පෝස්ට් බැලුවම පේනවා.
    ඒ නිසා මම කාලෙකට කලින් පෝස්ට් එකක් හොයාගෙන පල කරන්න හිතුනා , මේක දිනියස් එකමුතුවේ group එකට සුමිත් එදිරිසිංහ මහත්මයා ලිව්ව ලිපියක්.
    ඒ වගේම මේ අකුරු වලට හරවලා තියෙන කතාව, ජය ශෙට්ටි කියන ඉන්දියානු මනෝ උපදේශක වරයගේ වීඩීයෝවක්. ගොඩක් ෆේමස් උන වීඩියෝ එකක්. පුලුවන් උනොත් වීඩියෝ එක හොයලා කමෙන්ට් කරන්නම්.

    =================================

    ඇමෙරිකාවේ එක් පාසැලක උසස් පෙල සදහා පාසැලේ ආරම්භක දිනයයි.

    ඔවුන්ගේ පලමු දේශනය මහාචාර්ය වරයෙකුගෙනි.

    "සුභ උදෑසනක් වේවා ඔබ සැමට"

    "සුභ උදෑසනක් වේවා ප්‍රොෆෙසර්"

    ඔහු දේශනය ආරම්භ කලා.

    "අද ඔබගේ පාසැල් වාරයේ ආරම්භක දිනයයි."

    " මම ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනව ගමනක ආරම්භය පිලිබඳව.ඒ වගේම ඔබේ ජීවිතයේ ආරම්භය පිලිබඳව."

    "තව වසර 2ක කාලයකින් ඔබ සියලුදෙනාම උසස්පෙල අවසන් කරාවි.ඊලග වසර 3ක කාලය ලෝකයේ කොහේ හෝ ඔබ ඔබේ උසස් අධ්‍යාපනය ලබාගනීවි ඔබේ කැමැත්ත අනුව තෝරාගත් විශ්වවිද්‍යාලයක් තුල."

    සිසුන්ගේ අවධානය පලමු විනාඩි කිහිපයේදීම ලබාගැනීමට මහාචාර්යවරයා සමත් උනා.

    "අදින් වසර 05කට පසුව ඔබ ඔබේ වෘත්තීයමය ජීවිතය ආරම්භකරාවි.
    මේ පංති කාමරයේ සිටින ඔබගෙන් බොහෝ දෙනෙක් ලෝකයේ හොදම සමාගම් සහ ආයතන වෙනුවෙන් වැඩකරන්න පටන්ගනීවි."

    "ඉන්පසුව ඔබ විවාහ වේවි, ඔබගේම නිවසක් මිලදීගනීවි"

    සිසුන් නිහඩව තම අනාගතය දකිමින් සිටින අතර ඔහු දිගටම කතාකරන්නට උනා.

    "වසර 10ක කාලය ඇතුලත ඔබේ ජීවිතයේ සෑමදෙයක්ම ස්තිර ලෙස ඔබ සකසාගනීවි."
    "ඒ වගේම වසර 15කින් ඔබට වයස 30ක් වේවි.එවිට ඔබේ රැකියාව,පවුල,ආදායම,දරුවන් මේ හැමදෙයක්ම තහවුරු වී තිබේවි"

    "එක්ස් කියුස් මී ප්‍රොෆෙසර්"

    එක් සිසුවෙකු අත ඔසවා නැගී සිටියා.

    "මට සමාවෙන්න මහාචාර්යතුමනි,
    ඔබ පවසන දෙය සමග මට එකගවීමට අපහසුයි.කරුණාකර මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න."

    "ඔව්,ඔබට අවස්තාව ලැබෙනවා"
    මහාචාර්යවරයාගේ අවසරයෙන් ඔහු කතාකරන්නට පටන්ගත්තා.

    "මම දන්නව පුද්ගලයින්ව අවුරුදු 21න් උපාධිය ලබාගත්තත්,අවුරුදු 27වන තුරු රැකියා විරහිතව හිටපු.
    ඒ වගේම ,මම දන්නව පුද්ගලයින්ව අවුරුදු 25න් උපාදිය සම්පූර්ණ කරල ඉතා ඉක්මනින් රැකියා හොයාගත්තු."

    "මම දන්න සමහරු කවදාවත් විශ්වවිද්‍යාලකට ගිහින් නෑ.ඒත් ඔව්න් ආදරය කරන වෘත්තීය අවුරුදු 18න් හොයාගෙන තියෙනව."

    ඔහු දිගටම කතාකරන්නට උනා.

    "තවද,උසස් පෙලින් පසුව රැකියා සොයාගෙන ඉතා හොද ආදායම් ලබන අයව මම දන්නව. ඒත් ඔවුන් තමන්ගෙ රැකියාව ගැන චුට්ටක්වත් සතුටු නෑ."

    "කිසියම් කාලපරාසයක් අරන් තමන්ගෙ ජීවිතය හදාගත්තු මිනිසුන්ව මම දන්නව."

    "අවුරුදු 16දී තමන් කරන්නෙ මොනාද කියල සැලසුම් කරපු,ඒත් අවුරුදු 26දී ඒ සැලසුම් වෙනස්කරල වෙන වෘත්තීන් තෝරගත්තු අයව මම දන්නව"

    සියලු දෙනාම ඔහුට සවන්දෙමින් සිටියා.

    "ඒ වගේම දරුවන් ඉන්න,විවාහ නොවුනු අයව මම ආශ්‍රය කරල තියෙනව.විවාහවෙලා වසර 8ක් 10ක් යනකම් දරුවන් නැති පවුල් මම දැකල තියෙනව.

    "තවද,විවාහ උනු ඒත් වෙනකෙනෙකුට ආදරය කරන අය මේ සමාජයේ ජීවත්වෙනව.ඒ වගෙම එකිනෙකාට ආදරය කරන ඒත් කවදාවත් එකතුවෙන්න බැරි අයව මම දැකල තියෙනව."

    "මහාචාර්යතුමනි,
    මම හිතන විදියට ජීවිතයේ සෑම දෙයක්ම සිදුවෙන්නෙ අපිට නියමිත කාල පරාසයක් තුල,අපි වෙනුවෙන්ම නිමැවුනු ඔර්ලෝසුවකට අනුව."

    "අපිට හිතෙනව සමහරක් අපේ මිතුරන් අපිව පහුකරන් ගිහින් කියල,තවත් සමහරු අපිට පිටුපසින් කියල.ඒත් හැමදේම සිද්දවෙන්නෙ තමන් වෙනුවෙන් නියමිත කාලයෙදි.ඒ වගේම තමා ඔබත්. බලාපොරොත්තු බිදනොවැටී තබාගැනීමයි වැදගත්"

    "අවුරුදු 25 දී මාක් කූබන්(Mark Cuban) කියන්නෙ ඩලාස්(dallas) වල ආපනශාලා සේවකයෙක්."

    "ජේ කේ රෝලින්ග්(J K Rowling) ට අවුරුදු 32ක් වෙනකම් හැරී පෝටර් (harry potter) එලිදක්වන්න බැරි උනා ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරපු නිසා"

    "ජැක් මා(Jack Ma) අලිබාබා( Alibaba) පටන්ගත්තෙ වයස 35දී."

    "ඔටේගා (Ortega) සාරා(Zara) දියත්කෙරුවෙ අවුරුදු 39දී"

    "මෝගන් ෆ්‍රීමන්(morgan freeman)
    ජීවිතය ගොඩනගන්න ගත්තෙ අවුරුදු 52දි."

    "ස්ටීව් කැරල්(steve carell) වෘත්තීය ජීවිතය පටන්ගත්තෙ වයස අවුරුදු 40දි"

    "මේ විදියට බලද්දි අවුරුදු 25න් උපාධිය සම්පූර්ණ කරනව කියන්නෙත් වටින දෙයක්.අවුරුදු 30ක් වෙනකොටත් අවිවාහකයි ඒත් සතුටින් නම් ඒකෙ වරදක් නෑ.
    අවුරුදු 35දී පවුල ආරම්භ කරනව කියන්නෙ පුලුවන්කම තියෙන දෙයක්.අවුරුදු 40න් පස්සෙ උනත් නිවසක් මිලදීගන්න පුලුවන් උනොත් ඒක ඉතාම වටිනව."

    "ඒ නිසා තවත්කෙනෙකුගෙ කාලපරාසය දිහා බලල අපි ජීවිතේ අවතක්සේරු කරන්න අවශ්‍ය නෑ.
    අයින්ස්ටයින් කියල තියෙනව "(Not everything that counts ,can be counted.
    And not everything that's counted,truly counts)

    " වැදගත්වන්නේ මෙයයි. ඔබ ඔබ වෙනුවෙන් ස්වාධීන,අර්තවත්,නිදහස් සහ ගැලපෙන ජීවිතයක් ගොඩනගාගන්න ඕනෙ.ඒ සදහා වයස,සමාජ පසුබිම හෝ වෙන කිසිවක් බලපාන්නෙ නෑ."

    "අවශ්‍යම දේ ආකල්ප සහ ස්තාවර අධිෂ්ඨානයයි."

    "මම හිතන විදියට නිවැරදි සාරතකත්වය එයයි."
    .........................................................................

    රැකියා විරහිත සහ විවිදාකාර ගැටලු වලින් මානසිකව වැටුනු බොහෝ අය අපිට දකින්න පුලුවන්. මේ සටහන ඔවුන් වෙනුවෙන්.
    (හිතනව මගේ වචන ඔවුන් තේරුම්ගනී කියල)

    28/04/18
    Sumith Edirisinghe
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    122282050_172415344491611_6517979318011452342_o.jpg
     
    • Like
    Reactions: Zeuz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මිනිස්සු බිලියන 7.5 කින්, ජේ කේ රෝලින්ග්, ජැක් මා, ඔටේගා, ස්ටීව් කැරල් වගේ චරිත කීයද ඉන්නෙ. අනිත් හැම එකාටම සිස්ටම් එකට යන්න වෙනවා. ඔය තියරිය හැම එකාටම හරියන්නෙ නෑ.

    bump
     
    • Like
    Reactions: Bandiyaa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජැක්මලා, මාක් සකබර්ග්ලා, බිල් ගේට්ස්ලා නෙමෙයි අපි උබලගෙ ගෙවල් කිට්ටුව ඉන්න බ්ලොක් ගල් ගහලා අමාරුවෙන් ලොරියක් අරන් ටිකින් ටික ඔලුව උස්සපු එකෙක්ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. :rolleyes:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ජැක්මලා, මාක් සකබර්ග්ලා, බිල් ගේට්ස්ලා නෙමෙයි අපි උබලගෙ ගෙවල් කිට්ටුව ඉන්න බ්ලොක් ගල් ගහලා අමාරුවෙන් ලොරියක් අරන් ටිකින් ටික ඔලුව උස්සපු එකෙක්ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. :rolleyes:
    ඇත්ත මම දන්න මිනිස්සුත් ඉන්නවා අපේ පැත්තෙත් පුංචි තැනක ඉදන් බොහෝම අමාරුවෙන් බොහෝම උත්සාහයෙන් ජීවිතේ ගොඩදාගත්තු අය. ඒ අයගේ මම දැකපු විශේෂත්වය තමයි හරිම උත්සාහවන්තයි පොඩ්ඩක්වත් කම්මැලි නෑ වැඩ කල්දාන්නෑ කවුරුත් කියන ඒවා ගනන් ගන්නෑ.