ගොඩක් කල් ජිවත් වෙන්ට ආසද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ගොඩක් කල් ජිවත් වෙන්ට ආසද

    ලෝකයේ වැඩිම ආයු කාලයක් ජීවත් වන සතුන්

    1. Arctica Islandica (Ocean quahog)

    jcs-arctica-islandica-15035.jpg


    ඉහත සඳහන් වන්නේ අපි ආහාරයට ගන්නා බෙල්ලන් විශේෂයකි. මෙම සත්ව විශේෂයට වසර 405ත් 410ත් අතර කාලයක් ජීවත් වීමට වාසනාව තිබෙනවා. දැනට වාර්තා වන වැඩිම ආයු කාලය අවුරුදු 507ක්. පොඩි කාලයක් නෙමෙයි නේද?


    2. Bowhead Whales

    1420519189Bowhead-Whale.jpg


    මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජීවත් වන බව පැවසෙනවා. මෑතකදී සිදු කල පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී 1890 කාලයට අයත් බිලි කොකු වල කැබලි හම්බුවෙලා තියනවා. එමෙන්ම ඇමයිනෝ අම්ල පරික්ෂාවට ලක්කිරිමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර 177 සිට 245ක් තරම් වන බව පැවසේ.


    3. Eels (ආඳා)

    anguille.jpg


    ආඳා කියපු ගමන් අපිට මතක් වෙන්නේ ලිස්සල යන ගතියයි. එකනේ කියන්නේ ආඳා වගේ ලිස්සල ගියා කියල. කොහොම උනත් ආඳා කියන සතාට අවුරුදු 150ක් ජීවත් වෙන්න පුළුවන් ලු.


    4. Tuataras ( ටු(අ)ට්‍රා )

    cms_half_width_tua.jpg


    මෙම උරඟ විශේෂය නවසීලන්තයටම අවේනික විශේෂයකි. ලොව ජීවත් වෙන බොහෝ කටුසු වර්ග වලට සමානකම් දක්වයි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජීවත් වන බවට සැලකෙයි.


    5. Galápagos giant tortoise

    galapagos-giant-tortoise-wild-013051.jpg


    ගැලපගොස් හි යෝධ ඉබ්බන් ගැන අප අසා තිබේ. ගැලපගොස් දුපත් වල ජීවත් වන මෙම යෝධ ඉබ්බන් දැකබලාගැනීමට නන් දෙසින් සංචාරකයන් පැමිණෙයි. මෙම ඉබ්බන් වඳ වී යාමේ තර්ජනයට ද මුහුණ පා ඇත. අවුරුදු 190ක ආයු කාලයක් තිබේ.


    6. Greenland Sharks

    greenland-shark.jpg


    මෙම මෝරුන් විශේෂය උතුරු අත්ලාන්ටික් සාගරය තම නිජභූමිය කරගෙන ජීවත් වෙයි. අවුරුදු 200ක් පමණ ජීවත් වන බව වාර්තා වේ.


    7.Koi (කොයි)

    17-inch-koi-1.jpg


    මෙම කොයි නම් මසුන් වර්ගය අවුරුදු 200ක් පමණ ජීවත් වන බවට වාර්තා වේ. මෙම මාළු විශේෂය ජපානයේ ගෘහාශ්‍රිතව පොකුණු වල අලංකාරය සඳහා ඇති කෙරේ.


    8. Macaws (මැකෝ)

    macaw_1846932c.jpg


    මැකෝ කිව්වම අපිට මතක් වෙන්නේ පාට පාට ලස්සන ගිරව් විශේෂයක්. දිග පිහාටු නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයට ද ඇතිකෙරේ. මොවුන් අවුරුදු 80ත් 100ත් අතර කාලයක් ජීවත් වන බව පැවසේ.


    9. Asian elephants (ආසියානු අලියා)

    ele1.jpg


    ලංකාවේ ජීවත් වෙන්නෙත් මෙම අලි විශේෂයම තමයි. අපි නිතරම දකින මෙම අලි කැලෑවල මෙන්ම පෙරහැරවල් වලත් දැකගන්න පුළුවන්. අවුරුදු 86ක පමණ උපරිම ආයු කාලයක් ජීවත් වෙන්න වාසනාව තියනවලු.


    10. Horses (අශ්වයා)

    brown_horse_running.jpg


    වර්ගය , පරිසර පද්ධතිය හා කළමනාකරණය යන කරුණු මත වර්තමානයේ ගෘහාශ්‍රිතව ජීවත් වන අශ්වයින් අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. කලාතුරකින් අවුරුදු 40ක් හෝ ඊට වඩා කාලයක් ජීවත් වූ සිද්ධිද වාර්තා වෙයි. 19 වන සියවසේ ජීවත් වුනු “Old Billy ” නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ බවට තොරතුරු වාර්තා වේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Turritopsis%2Bdohrnii%2Bimmortal%2Bjellyfish.png


    Turritopsis dohrnii කියන මේ ජෙලිෆිස් ජාතිය අමරණීයයි. වැඩිම කාලයක් ජීවත් වෙන්නේ මේ සත්තු ජාතියයි.
     
    • Like
    Reactions: sbanurada

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Picture-002-Main-600-1.jpg


    මෙම හැල ගෙම්බන් විශේෂය ජීවත් වන කාලය මෙතෙක් නිශ්චිතව සොයාගෙන නැත.