Aluth business ekak patan gannawa wage nan umbe horescope eka balala wedata behepan. Umbawa discourage karanawa newei 90% business fail wenawa. Umbe luck eka thiyanawa nan mona business eka kalath goda yanawa.
දැකපු ගූ ම කමෙන්ට් එක
Aluth business ekak patan gannawa wage nan umbe horescope eka balala wedata behepan. Umbawa discourage karanawa newei 90% business fail wenawa. Umbe luck eka thiyanawa nan mona business eka kalath goda yanawa.
ewa riskey neda ban?Ara kada kamare kuliyata nodi uba krpnko kawa hari dammala
yako meka balan goda yanne awe.baluwama ubata okkoma thiyeine.

උස්සලා දාන්නේ...
05 පිටකොටුව බඩු සපයන ව්‍යාපාරිකයන් අනුගමනය කරන ක්‍රමවේද කීපයක්ම( තෙවන පාර්ශවය ක්‍රමය අතුළත්) තියෙනවා. මම එයින් සාමාන්‍ය කෙනෙකුට වැදගත් වෙන ක්‍රමවේද කිහිපයක් විස්තර කරන්නම්.
මහා පරිමාණ ව්‍යාපාරිකයන් කරන්නේ චීනයේ ඉහත සඳහන් කරන ලද ප්‍රධාන නගර දෙක වෙත ගොස් guangzhou /Yiwu කර්මාන්තශාලාවකින් හො තොග සැපයුම්කරුවෙකු ගෙන් භාණ්ඩ තෝරා ගෙන (සම්පූර්ණ කන්ටේනරයක් හො කිහිපයක්) එම භාණ්ඩ ලංකාවට ගෙනැවිත් තමන්ගේ අතට ම පත් කිරීමට තමන්ට විශ්වාසවන්ත ශ්‍රී ලංකාවේ සිටින (චීනයේ නියෝජිතයින් හා ගබඩා ඇති ) තෙවන පාර්ශවීය නියෝජිතයකු වෙත බාර දෙනු ලබයි.
මෙහිදී ප්‍රධාන වාසි කීපයක් ඇත.
1භාණ්ඩ ආනයනය වන්නේ තමන්ගේ නමට නොවන නිසා ආදායම් බදු හෝ රේගු ගැටළු නැත.
2 මිලදී ගැනීමට පෙරම ලංකාවට එනවිට cost එක දැනගැනීමට හැකිවීම නිසා මිලදී ගැනීම හෝ නොගැනීම තීරණය කිරීමට පහසු විම
3 නොදන්නා චීන බැංකු ගිණුමකට හෝ පුද්ගලයකුට මුදල් ගෙවනවාට වඩා ශ්‍රී ලාංකිකයෙකුට මුදල් ගෙවීමේ ඇති සුරක්ෂිතභාවය.
4 කන්ටේනරයක් හෝ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා බැවින් සාකච්ඡා කර මිල ගණන් අඩු කරගැනීමට හැකිවීම.
5 තෙවන පාර්ශවීය නියෝජිතයින් දිනකට කන්ටේනර් 5- 10 ක ගෙන්වීමේ අත්දැකීම් ඇති බැවින් අප තනිව ගෙන්නනවා ට වඩා ඔවුන් යොදා ගෙන ඒම වාසිදායක වීම.
මේ වැඩේ සිදුකිරීමට තෙවන පාර්ශවීය නියෝජිතයන් අපගෙන් අය කරන ක්‍රමවේද කිහිපයක් ඇත.
1 ප්‍රතිශතයකට බඩු ගෙනල්ලා දීම . එනම් අපි හිතමු චීනයෙදි භාණ්ඩයෙ මිල රු100- කියලා.
ඔවුන් චීනයේ දී බඩු ටික බාර ගෙන චීනය සැපයුම්කරුට ඔහුගේ මුදල් ගෙවා ,කන්ටේනරයක පටවාගෙන නැවෙ ගෙනැවිත් ඔවුන්ගේ නමට රේගු බදු ගෙවා ලංකාවේදි අපේ අතට භාර දීමට ම ප්‍රතිශතයක් ඉල්ලනවා. ඒ කියන්නේ භාණ්ඩ වර්ග හා බදු අනුව 20%,25%,30%,35%,50% ( මෙයට සියලු වියදම් හා ඔවුන්ගේ ලාභය ද ඇතුළත් ) අමතර මුදලක් අපෙන් ලබා ගන්නවා.
උදාහරණයක් විදියට චීනයේ දී යම්කිසි සැපයුම්කරුවෙකු අපිට භාණ්ඩයක් රු 100 විකුණනවා නම් ඒ සඳහා ලංකාවේ තෙවන පාර්ශවීය නියෝජිතයා 35% ගාස්තුවක් අපෙන් ගන්නවනම් අපිට ඒ භාණ්ඩයේ සම්පූර්ණ cost එක වෙන්නේ රු135- යි .
මෙය හැර වෙන කිසිදු වියදමක් යන්නේ නෑ
මා ඉහත සඳහන් කළ තොරතුරු පිළිබඳ ඔබ විශේෂ දෙයක් සිහි තබාගත යුතුයි. එනම් මා ඉහත සඳහන් කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවට බඩු ගෙන්නන එක් ක්‍රමයක් පමණක් බවයි.
මෙම ක්‍රමයටම ආසන්න ක්‍රමයක් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශ්වාසවන්ත තෙවන පාර්ශවයක් සොයා ගත හැකිනම් සිදු කළ හැකියි. නමුත් මතක තබා ගත යුතුයි . Full කන්ටේනර් 1ට වඩා අඩුවෙන් නම් ගෙන්වන්නේ full කන්ටේනර් 1ක් ගේන කෙනාට ලැබෙන best price එක ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් ලාබයි.
මට පොඩි අමතර පැහැදිලි කිරීමක් සහ ඉල්ලීමක් කරන්න තියෙනවා. තමන්ට කියලා ලංකාවේ දැනට ව්‍යාපාරයක් නැත්නම් අලුත් ව්‍යාපාරයක් විදියට චීනයෙන් ලංකාවට බඩු ගෙන්නලා විකුණන ගැන දැන්ම හිතන්න නම් එපා.
චීන මොනවද ලාභ කියන එක මගෙන් අහන්න එපා. මට කියන්න තියෙන්නෙ චීනයේදී ඉදිකට්ට සිට නැවේ ඇන්ජිම දක්වා ලබයි. එහෙම ලාභයක් තියෙන්නේ දැනට ලංකාවේදී ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට විතරයි. ඔබ ආනයනය කරන බඩු ප්‍රමාණය හා එහි වටිනාකම අඩුවෙන්න අඩුවෙන්න ඔබට යන වියදම වැඩියි. ඒ හින්ද තමයි සුළු පරිමාණයෙන් චීනයෙන් බඩු ආනයනය කරන එක සාර්ථක නොවන්නේ.
රුපියල් ලක්ෂ 10 වැඩියෙන් වත් මේ වැඩේට දාන්න පුලුවන් නම් තමයි වඩා හොඳ. තනි අයිටම් එකක් නම් රුපියල් ලක්ෂ 3 - 7 වුණත් කමක් නැහැ.
හැබැයි මම නම් කියන්නෙ
රුපියල් ලක්ෂ 10 -20 යොදවන්න පුළුවන් ලංකාවේ හොඳ ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට තමයි මේ වැඩේ වඩාම හොඳ.
අඩි 40 full container කට සම්පූර්ණ invesment එක රුපියල් ලක්ෂ 30 -120 අතර මුදලක් ගෙන්වන භාණ්ඩ වර්ග මත බොහෝදුරට වැයවේ.
තවත් විස්තර very soon .
Bye for now
godak wadagath. apita me wage dekata muladi kale hoya ganna eka tikak amarui. eth meka balana ayata godak wadagath upades tikak. තවත් විස්තර thiyanawanam dapan machan