ගොඩ_මඩ_දෙකම_සරුසාරය
ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය
මේ කවි පන්තිය තියෙන් නේ කා ගාවද?තියෙනවනම් දෙන්න.. ලොකු උදව්වක් .. තැන්කු

ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය
මේ කවි පන්තිය තියෙන් නේ කා ගාවද?තියෙනවනම් දෙන්න.. ලොකු උදව්වක් .. තැන්කු




ගොඩ මඩ දෙකම සරුසාරය .................ඵලබරය
කටුරොද ගම්මානෙ තරමක ..................පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ .....................මනහරය
කඩ මණ්ඩිය පිහිටියේ ගම ..................කෙලවරය
මේ එදා සුදො සුදෙහි කටුරොද ගම්මානය සමස්ත ජනතාව වෙනුවෙන් පෙන්වූ අයුරුය. එම කටුරොද ගම්මානයෙන් බිහිවූ පුද්ගලයකු පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාලයක් රැවු පිළිරැව් දුන්නේය. ඒ අන් කවරෙකුවත් නොව 1956 වසරේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ රජයේ හොරණ මන්ත්‍රීවරයාව සිටි සාගර පලන්සූරිය මහතාය.
වයස අවුරුදු 13 හි පටන් ස්වකීය චතුර කථිකත්වයෙන් ජනතාව වසඟ කර ගැනීමට සමත් වූ මොහු තුරුණු වියේදීම වල්පොල රාහුල, යක්කඩුවේ ශ්‍රී පඤ්Æරාම, බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්Æකිත්ති යන හිමිවරුන් සමග භික්ෂු දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ විය.
කේයස් නමින් පතල ඔහු ස්වකීය ජීවිත කාලය කැප කළේ රට උදෙසා සහ අනුන් උදෙසා වේ. කේයස් කොළඹ යුගයේ අතිශයින්ම ජනප්‍රිය වූයේ සුදොaසුදු නිසාය. කලල් ඇල්ලේ ආනන්ද සාගර නමින් පොදු ජනතාව අතර ද සමකාලීන දේශපාලන ක්ෂේත්රයේ ද ජනනායකයන් අතර වැජඹුණු මෙම පඬිවරයා වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ වාමාංශික දේශපාලන කරලියෙහිය. සබරගමු පුරවරයේ, රත්නපුර දිස්ත්‍රිකයේ සුන්දර කලල්ඇල්ල ගම්මානයේ දී උපත ලද පලන්සූරිය මොහොට්ටාලගේ අප්පුහාමි නම් වූ කුමරුවා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ගමේ පාසලෙනි. පසුව පැවිදි ජීවිතයට ඇතුළත් විය. කලල් ඇල්ලේ ආනන්ද සාගර නමින් ප්‍රසිද්ධියට පත් මෙතුමා කේයස් නමින් හඳුන්වනු ලැබීය. ඔහු ඉන්දියාවේ ශාන්ත නිකේතනයේදී රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ අභාෂය ද ලැබීය. පසුව උපැවිදි වූ ඔහු වෘත්තීය වශයෙන් තෝරාගෙන ඇත්තේ ගුරුකමයි. ගුරු වෘත්තියේ නියෑලුනු ඔහු මුලින්ම සේවය කර ඇත්තේ යාපනය ප්රදේශයේය. එහිදී ඔහු ගැලැඩිස් චන්ද්‍ර පලන්සූරිය මෙනෙවිය සමග අතිනත් ගත් අතර, ඉන් ඔහුට දරු තිදෙනෙක් ලැබිණි. ඉන් අනතුරුව මොරටුව වේල්ස් කුමාර විදුහලේ විදුහල්පති වශයෙන් පත්වූ එතුමා එම පාසලේ දියුණුව සඳහා ඉතා විශාල මෙහෙයක් ඉටුකර ඇත. පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයකු වූ කේයස් 1956 මහ මැතිවරණයේ දී මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හොරණ ආසනය තරග කිරීම සඳහා තෝරා ගන්නා ලදි. එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ හිටපු මුදල් අමාත්‍ය ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතාය. ඉතාමත් තියුණු තරගයකින් පසු වැඩි ඡන්ද දස දහසකින් පමණ ජය ගැනීමට සාගර පලන්සූරිය මහතා හොරණ ආසනය සමත් විය. මැතිවරණයට පෙර කොළඹ යුගයේ ප්‍රසිද්ධි කවියකු වන පී. බී. අල්විස් පෙරේරා මහතා මැතිවරණ වේදිකාවක දී කියු කවියකින් එය සනාථ විය.
![]()
මේ තියෙන්නෙ පොත... ලින්ක් එක පහල දාන්නම් (24.1 mb තියනව)
"සුදෝ සුදු"


