ගොන්රජාට සැපදෙන්න බදු ගහනවා-VijithaHerath
ජනාධිපතිගේ දවසක වියදම වන කෝටි දෙකයි, ඒක හොයාගන්න අධික බදු ගහනවා
October 30, 2012 at 4:08 pm | Lanka C News.
ජනාධිපතිවරයාගේ දවසක වියදම රුපියල් කෝටි 2 කට වැඩි ප්‍රමාණයක් වෙන් කරගෙන ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රුපියල් සීයක් දෙසීයක් සොයාගන්නා අසරණ ජනතාව මත අධික බදු බරක් පටවමින් සිටින්නේ යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
අයවැයට පෙර ආණ්ඩුව ගෙන යන බඩු මිල වැඩිකිරීමේ පෙරහර දැනටමත් දියත් කර තිබෙන බවත්, මේ අනුව පසුගිය දිනවල කුකුල් මස්, සිමෙන්ති ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය වන එහෙත් විශාල කතාබහකට ලක්නොවන ගිනි පෙට්ටිය, සබන් කැටය, බිස්කට් පැකට්ටුවක් දක්වා සෑම භාණ්ඩයකටම මිල ඉහළ දැමූ බවද ප්රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
මේ ආකාරයට අසරණ ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුව අද වනවිට පාන් පිටි කිලෝවක මිල රුපියල් 6කින් ඉහළ දැමීමට කටයුතු කළ බවත්, ඊට සාපේක්ෂව පාන් ගෙඩියක මිල රුපියල් දෙකකින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සලස්වා ඇති බවද ප්රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
ඉහළ දමනා භාණ්ඩ මිල පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවීම වළක්වා ගැනීම සඳහා මේ වනවිට රාජපක්ෂ දෝලාවට කර ගසා සිටින ඇමතිවරයෙකු කටයුතු කරමින් සිටින බවත්, ඔහුගේ අලූත්ම නාගඩම වී තිබෙන්නේ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන ලෙස ඉල්ලා කෑ මෝර දීම බවද පවසා සිටියේය.