ගොලුබෙලි ප්‍රේමය - තවත් ආදර කතාවක් නෙමෙයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    IyFIDdR.jpg


    ගොලු බෙල්ලා කියන සතා ගොවියන්ගේ සතුරෙක්.මොකද වගාවල් විනාශ කරන නිසා.සමහර රටවල ගොලුබෙල්ලා කියන්න ආහාරයක්.එහෙම කිව්වම අපි නම් පිළිකුල් කරනවානේ.ඒ වුනාට ගොලුබෙල්ලෝ වගේ සත්තු,ආදි මානවයාගේ ආහාරයේ කොටසක් වුනා කියලා සාක්ෂි දැනටත් හම්බ වෙනවා.

    "අපි ආවේ මේ ලව් ස්ටෝරිය බලන්න ඕයි.."

    මේ ඉන්නේ දුඹුරු ගෙවතු ගොලු බෙල්ලා.මූගේ මුල් පදිංචිය මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශය.ඒත් ඇමෙරිකාවේ කැලිෆෝනියාවේත් දකින්න පුලුවන්.මොකද ප්‍රදේශ දෙකේම දේශගුණය සමානයි.ගොලු බෙල්ලෝ කියන්නේ තෙත් පරිසරයට ප්‍රිය කරන සත්තු.

    9lYEekp.jpg


    මුන් එළිබහින්නේ හුගක් වෙලාවට රෑ.රෑට ගෙවල්වල බිත්ති දිගේ මේ ගෙවතු ගොලු බෙල්ලෝ නගිනවා දැකලා ඇති සමහරු.ඒත් වැස්ස කාලේ නම් උන් දවල් කාලේ වුනත් හැඟිලා ඉන්න තැන්වලින් එලියට එනවා.

    වැස්සකින් පස්සේ පරිසරය තෙත් වුනාට පස්සේ ගොලු බෙල්ලෝ හැඟිලා ඉන්න තැන්වලින් එලියට එන්න පටන් ගන්නවා.ඔය කාලේ තමයි උන්ගේ ඩේටින් සීසන් එක.ගොලු බෙල්ලෝ ආදරයක් හොයමින් යනවා ඔන්න..

    මුලින්ම කියන්න ඕනේ ගොලුබෙල්ලෝ කියන්නේ ද්වීලිංගික සත්තු ජාතියක්.හරියට ගෑණු පිරිමි මල් දෙකම හැදෙන ගහක් වගේ.මුන්ට ගෑණු පිරිමි ප්‍රජනක අවයව දෙකම තිබ්බට තමන්ගේ විශේෂයේ ඕනම සතෙක් එක්ක සංවාසයේ යෙදෙන්න පුලුවන්.

    ඒත් මේ වැඩේ අපි හිතන තරම් සරල නෑ.

    ගොලු බෙල්ලෙක් ගිය පාරක් නම් අපිට ලේසියෙන් අදුනගන්න පුලුවනේ.ඒ උන්ගේ සෙවල වලින්.මේ සෙවල කිසිම වැඩකට නැති දෙයක් නම් නෙමෙයි.අපිට නෙමෙයි සෙවල වටින්නේ ගොලුබෙල්ලට.ඔය සෙවල පාර හරියට අඩි පාරක් වගේ.ගොලුබෙල්ලෙක් කෑම හොයාගෙන බඩගාගෙන දුරකට ගියා කියමුකෝ.කොහොමද ඌ කලින් හිටිය තැනට ආපහු එන්නේ.ගොලුබෙල්ලට ඇස් තිබ්බට,ඒවායේ පෙනීම දුර්වලයි.හැබැයි මුන්ගේ ගද-සුවඳ අදුර ගැනීමේ හැකියාව සුපිරි.සුවඳ බලන්නේ උන්ගේ ඇන්ටෙනාවලින් නේ.සෙවල පාරේ සුවඳ දිගේ ඌට ආපහු හිටපු තැනට එන්න පුලුවන්.

    dTMN1k1.png

    ගොලු බෙලි සෙවල මඟ

    තව දෙයක් තියෙනවා.වෙන ගොලුබෙල්ලෙකුට ඒ සෙවල පාර දිගේ ගිහින් ඒ ගොලුබෙල්ලා හම්බ වෙන්නත් පුලුවන්.සෙවල නැත්නම් ගොලු බෙලි ප්‍රේමයත් නෑනේද.

    හැබැයි යන යන තැන සෙවල හල හලා යන වැඩෙන් ජීවිතයත් අහිමි කරගන්න ගොලුබෙල්ලෝ ඉන්නවා.අහලා තියෙනවද මස් කන ගොලු බෙල්ලෝ ගැන.ගැඩවිල්ලු,වෙන ගොලු බෙලි ජාති එහෙම කෑමට ගන්න මාංශභක්ෂක ගොලු බෙල්ලෝ ඉන්නවා.උන් ඔය සෙවල පාර ඉව කරගෙන ආවොත් බඩුම තමයි.අනිකට උගේ කටේ තමයි නවතින්න වෙන්නේ.

    K5q63Ob.jpg

    නවසීලන්තයේ ඉන්න මස් කන ගොලුබෙල්ලෙක්..ගැඩවිලෙක් ගිලිනවා.



    ගොලු බෙල්ලාගේ පෙනීම එච්චරම හොඳ නෑ කිව්වානේ.අනිත් දේ තමයි මුන්ට "කන්" නැති එක.ඒ කියන්නේ ගොලුබෙල්ලෝ බිහිරි සත්තු ජාතියක්.ඒත් උන්ගේ සම හරහා කම්පන තරංග ග්‍රහණය කරගන්න පුලුවන් ඇති.මේ අඩුපාඩු ඔක්කොටම විසඳුමක් විදියට තමයි ගද සුවද දැනීමේ හැකියාව උපරිමයෙන් ලැබිලා තියෙන්නේ.

    අපි කලින් කතා කලේ ගොලු බෙලි ආදරය ගැන නේ.ගොලුබෙල්ලා එකම වෙලාවේ ගෑණු පිරිමි චරිත දෙකේම ඉන්නවා කිව්වානේ.ඒත් වර්ගයා බෝ කරන්න නම් කවුරුහරි කෙනෙක් අම්මා කෙනෙක් වෙන්නම වෙනවා.

    තාත්ත කෙනෙක් වෙන එක හරිම ලේසි වැඩක්.තමන්ගේ ජාන අලුත් පරපුරකට යවන්න පුලුවන් වේගවත්ම සහ ලාභදායකම ක්‍රමය පීතෘත්වය.අනෙක් පැත්තෙත් අම්මා කෙනෙක් වෙන එක කාලය,ශක්තිය,සම්පත් විශාල වශයෙන් ආයෝජනය කරන්න වෙන භාරදූර්‍ය කර්ත්ව්‍යයක්.මනුස්ස ලෝකේ වුනත් අම්මා කෙනෙකුට ලොකු තැනක් ලැබෙන්නේ ඔය කැප වීම නිසානේ.

    ගොලුබෙලි ප්‍රේමයේදී කවුද තාත්තා වෙන්නේ කවුද අම්මා වෙන්නේ නැත්නම් වෙන දෙන්නාගෙම ශුක්‍රාණු හුවමාරු කර ගන්නවද කියන එක තීරණය වෙන්නේ සංවාසයට කලින් ගොලුබෙල්ලෝ දෙන්නා අතර ඇතිවෙන පෙම් පලහිලව්වේදී.

    ගොලු බෙල්ලා තමන්ගේ සහකරුවා/සහකාරිය හොයා ගන්නේ කලින් කිව්වා වගේ ගන්ධයෙන් සහ රසයෙන්.ගොලුබෙල්ලන්ට තියෙනවානේ ඇන්ටෙනා යුගල දෙකක්.ඒ කියන්නේ ග්‍රාහික හතරක්.උඩින්ම තියෙන්නේ දිග ග්‍රාහික දෙකක්.ඔය දෙකේ කෙලවර තමයි ඇස් දෙක තියෙන්නේ.උඩින්ම තියෙන දිග ග්‍රාහිකාවලින් තමයි ගද සුවද හොයන්නේ.ඒවා උස්සගෙන ඉන්නේ වාතයේ තියෙන රස අංශු අල්ලගන්න.ඔය යටින් තියෙන කෙටි ග්‍රාහික දෙක ඕන වෙන්නේ රස බලන්න.ඔය ඇන්ටෙනා දෙකෙන් තමයි අර සෙවල පාරේ රස බලලා පාට්නර් ඉන්නේ කොහෙද කියලා දැන ගන්නේ.

    ecx6epT.jpg


    ඉන් පස්සේ සෙවල පාර දිගේ ඉස්සරහට ඇදෙනවා..

    Axr4ltO.jpg

    සොයන්නාට හම්බ වෙයි..සෙවල පාර දිගේ ගියොත්



    ඔහොම ගිහින් තමන්ගේ වර්ගයෙම ගොලුබෙල්ලෙක් හම්බ වුනා කියමුකෝ.ඊට පස්සේ කරන්නේ උගේ ඇග ලෙව කමින් සුවද බලමින් කාලයක් ඌ එක්ක ගත කරන එක.හරියට ගෑණු පිරිමි සංසර්ගයට කලින් කරන කිස් කරන ,ලෙව කාගන්න එකක් වගේ.ගොලු බෙල්ලෝ මෙහෙම එකිනෙකා තෙත් කරගනිමින් පැය ගානක් වුනත් ගත කරනවලු..මේකෙදී කරන්නේ උන් තමන්ගේ පාට්නර් හඳුනා ගැනීමලු.

    mTzav5z.jpg


    හම්බ වුන ගමන් ඔහොම කිස් කරන සිරිතක් තියෙනවද?

    UaX18VQ.jpg


    "එයා හරි නෑ.ආපු ගමන් ඇරලා යන්නමයි හදන්නේ" ... ඒ අතින් කොහොමද ගොලුබෙල්ලෝ. :P

    vJPMLuw.jpg


    ඔය ඔක්කොමටම පස්සේ තමයි හිතා ගන්න බැරි දෙයක් වෙන්නේ.මෙච්චර වෙලා හංගන් හිටිය උලක් උන් එලියට ගන්නවා.මේකට දීලා තියෙන නම love dart.

    ආදර උල ඉදිකටුවක් සයිස් කොටසක්.මේ කියන්නේ උගේ මාංශල ශරීරයේ හැංගිලා.ඒක එළියට ගන්නේ සංසර්ගය පටන් ගන්න පැය භාගයකට විතර කලින් කියලා හොයාගෙන තියෙන්නේ.

    HIB3PuP.jpg

    ඔය පෙන්නලා තියෙන්නේ ඔය කියන උල

    ඊට පස්සේ මුන් දෙන්නා මේ ආදර උලෙන් ඇන ගන්න පටන් ගන්නවා.

    විද්‍යාඥයෝ කියන විදියට එක ගොලුබෙල්ලෙක් වැඩි වැඩියෙන් පිරිමි ආදර උලෙන් ඇනුම් පාරවල් වලට ලක් වෙනවා නම් ඌ මේ සම්බන්ධයේ සහකාරිය බවට පත් වෙනවාලු.

    ගොලුබෙල්ලෙක්ගේ පිරිමිකම උපරිමයෙන් පෙන්නන්න පාවිච්චි කරන උපකරණය තමයි මේ ආදර උල...සංසර්ගය පටන් ගත්තා කියමුකෝ දැන්.ඌ අනික් එකාගේ ඇගට යවන ශුක්‍රාණු,පිටස්තර ද්‍රව්‍යයක් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් විනාශ කිරීම නවත්තන්න,හෝමෝන ඇතුල් කරන්නේ මේ ආදර උලෙන්.

    1jQGSQR.jpg


    මේ තියෙන්නේ ගොලු විශේෂ කිහිපයකගේ ඔය උලේ ස්වභාවය සහ හරස් කඩක්..මේවා විද්‍යුත් පරිලෝකන අන්වීක්ෂවලින් ගත්තු පෝටෝ ඔන්න.


    ගොලුබෙල්ලෝ සංසර්ගයේ යෙදෙන කොට උන්ගේ ජුන්ඩා දෙක,එකිනෙකාගේ යෝනිවලට සම්බන්ධ වෙනවා.කලින් කිව්වානේ මුන්ට ගෑණු පිරිමි ලිංගික අවයව දෙකම තියෙනවා කියලා.ඊට පස්සේ උන් දෙන්නට දෙන්නා ශුක්‍රාණු හුවමාරු කර ගන්නවා.ආදර උලෙන් හොඳම ෂොට් ටික ගහපු එකාගේ ශුක්‍රාණු වලට විතරයි අනිකාගේ ඩිම්බ සංසේචනය කරන්න පුලුවන් වෙනවා කියන්නේ.

    JI2xY6b.jpg

    ඔය තියන්නේ ගොලුබෙලි ජුන්ඩාව.තව පැහැදිලිව බලන්න ඕනේ නම් අන්තිමට තියෙන වීඩියෝ එකත් බලන්න.


    wot87kE.jpg

    දෙන්නගේ ජුන්ඩා දෙක සම්බන්ධ වෙලා තියෙන හැටි.


    බලමුකෝ එකෙත් හැටි හොඳම පිහි ඇනුමට පිය පදවිය ලැබුණා එහෙනම්.

    සමහර ගොලුබෙලි විශේෂවල නම් එක ගොලුබෙල්ලෙක් විතරලු ඔය පිහි ඇනිල්ල කරන්නේ.ඒත් අපි කතා කරන ගෙවතු ගොලුබෙල්ලන්ගේ දෙන්නාම මේ වැඩේ කරනවා.

    PVM96iq.png

    C රූපයේ පේනවා උඩු පැත්තේ ඉන්න ගොලුබෙල්ලාගේ ජුන්ඩාව.


    බලාගෙන යනකොට ගොලුබෙල්ලාන්ගේ ප්‍රජනක පද්ධතියම අවුල් ජාලයක් වගේ නේද අපිට.

    මේ ආදර උල මනුස්ස අපේ සයිස් එකට හරි යන විදියට ලොකු කරලා ගත්තොත් අගල් 15ක පිහියක් වගේලු.එක විද්‍යාඥයෙක් දැකලා තියෙනවාලු මේ පිහි පාරවල් හින්දා එකම එක පාරක් ගොලු බෙල්ලෙක් මරණයට පත් වෙන හැටි.

    පොර කියන විදියට මේ උල් පාරින් සෑහෙන ප්‍රමාණයෙන් හිලක් ගොලුබෙල්ලෙක්ගේ හැදෙනවාලු.

    5UAEmyJ.png


    මව් පදවිය ලැබුණු ගොලුබෙල්ලා මේ සංවාසයෙන් සති දෙකකට විතර පස්සේ පොලොව යට බිත්තර දානවා.බිත්තරවලින් පැටව් එලියට ඇවිත් බිත්තවල ඉතුරු වෙලා තියෙන දේවල් කාලා දානවා.ඉන්පස්සේ අලුත් ලෝකයේ සැරිසරන්න පටන් ගන්නවා.

    nO39Xxt.jpg


    ඔන්න එහෙනම් කතාව ඉවරයි.කියපු හැම දේම මීටත් වඩා බොහොම ලස්සනට මේ වීඩියෝ එකේ විස්තර කරලා තියෙනවා.

     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    වෙනදා වගේම අදත් හොදට පැහැදිලිව විස්තර ඇතිව ලියලා තියෙනවා. තැන්ක්ස් මචන්