ගෝටාබය මහතා හෙට අපේක්ෂකයා නෙවෙයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාබය මහතා හෙට අපේක්ෂකයා නෙවෙයි

    අනිද්දා (11) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුවේදී ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම සිදු නොකොට එය තවදුරටත් කල් දැමීම කෙරෙහි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    දිනෙන් දින රටේ දේශපාලන තත්වය වෙනස් වීම හේතුවෙන් ජනාධිපතිවරණයට මාස තුනක් පමණ තිබියදී අපේක්ෂකයා නම් කිරීම පොදුජන පෙරමුණට අවාසිදායක වියහැකි බවට විපක්ෂ නායකයාගේ සමීපතමයන් පිරිසක් ඔහුට පෙන්වා දී ඇති අතර ඒ අනුව අපේක්ෂකයා තවදුරටත් සඟවා තබාගනු ඇති බවයි වාර්තා වන්නේ.

    ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර පැවති සාකච්ඡා නැවත ධනාත්මක දිශාවකට හැරීම ද අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් කල් දැමීමට හේතුවක් වී තිබේ. පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තවමත් තමාට ජනාධිපතිවරයා සමග එක්ව වැඩ කිරීමට හැකියාව තිබෙන බවයි.

    ඒ අනුව ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගුණහොත් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේදී ශ්‍රීලනිපයේ එකඟතාවයද ගැනීමට සිදුවන අතර ඒ සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

    පොදුජන පෙරමුණේ සමුළුව සඳහා ශ්‍රීලනිපය සහභාගි නොවන බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර සැප්තැම්බර් 02 වැනිදා ශ්‍රීලනිප සමුළුව පැවැත්වීමට ද නියමිතය.

    මේ අතර මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකත්වයට පත් වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්වරයාට හැකියාව ලැබේ. එසේම ශ්‍රීලනිප සමුළුවේදී ඔවුන් සම්මත කර ගන්නා කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති අතර ශ්‍රීලනිපය තරහ කර නොගෙන ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ.

    ඒ අනුව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කල් දැමීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ තවත් දින දෙකක් පමණි.
     
    • Like
    Reactions: Challenger SRT8

    Similar threads