uba kiyana de hari. Eth Root cause ekata solution ekak denne natuwa wena mona dewal kalath wadak na.Solid application ekak hadagaththama enhancement karana eka gemak na ban. mata therena widiyata mama kiwwe.
එහෙම සොලිඩ් ඇප්ලිකේශන් එකක් හදන්න පුලුවන් වෙන්නෙ මචන් ඕස්ට්‍රේලියා ඇමරිකා වගේ කලින් තිබ්බ ඒව සම්පූර්ණයෙන්ම අයින් කරල අලුතෙන් ටවුන් වල ඉදලම හදනකොට විතරයි. දැන් අපිට තෝරගන්න තියෙන්නෙ යුරෝපෙ වගේ රටවල් හැදුන පාත් එක. කොහොමත් අපි දැන් ආයෙ පස්සට යන්නෙ නෑනෙ. අපි කවුරුවත් රජකාලෙට ආයෙ යන්නෙ නෑ ඒවගෙ තියෙන අඩුපාඩු හොද දේවල් අරගෙන අපිට ගැලපෙන සිස්ටම් එකක් හදාගෙන යන එකනෙ මේ කරන්නෙ. එහෙම එකපාරට මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න බෑ.
උදාහරණයක් කියන්නන් මට වෙච්ච.
බූමිතෙල් පෝලිමක හිටිය මේ දවස් 2කකට කලින්. ඒ වෙනකොට බඩු ටික ඇවිත් තිබ්බෙ නැති නිසා කට්ටියම පෝලිමේ ඉදගෙන අම්ම මුත්ත මතක් කර කර ගෝඨට බනිනව කිසි පිලිවෙලක් නෑ සිස්ටම් එකක් නෑ කියල. දැන් ඔහොම ඉන්නකොට එ පාරටම බඩු ටික ආව. මෙන්න අර බැන බැන ඉදපු උන් එකා දෙන්න ඉස්සරහ ඉන්න යාළුවො ලගට ගිහින් උන්ගෙත් හිස් බූලි ටික තියල එනව. අන්තිමට පෝලිමේ 10 වෙනියට එහෙම යාළුවො ලගට යන්නෙ නැතුව හිටපු එකාට තෙල් නෑ. අර විදියට බූලි තියපු පිටිපස්සෙ හිටපු උන් බූලි ටික පුරාවගෙන මාරු. ඉතින් අපෙන්ම සාම්පල් එකක් තමා ආයෙ පත් වෙන්නෙත්. හැබැයි ඒ සාම්පල් එක අදට වඩා ටිකක් හොද වෙයි. ඒ ටික 0.001%ක් උනත් ඇති.
මේ ප්‍රශ්නෙ තව අවුරුදු 5ක් විතර ඇදුනොත් 5%ක් විතර හොද වෙයි සාම්පල් එක. ජපනට වගේ කෙලම වෙලා ගියොත් නන් ජෙනරේශන් 4කින් විතර හොද තැනකට එයි.
#IgnoreErozan