ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තමන්ගේ අම්මගේ තාත්තගේ සොහොන රජයේ වියදමින් හැදුවට කමක් නැද්ද එතකොට
    බැදුම්කරෙන් මිලියන 25,000 ක් පොනිලා ගැහුවා වගේද, සොහොන නෙහ්? තෝ වගේ උන්ට තමයි ඔහොම සොහොන් හදන්න ඕනේ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරියාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නැවතත් ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දන්වා ඇත.
    හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස මෙම නිලධාරියා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
    කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ තමන ආණ්ඩු කාලයේදී නම් මෙවන් සිදුවීමක් සිදු වූයේ නම් කරන්නේ හමුනා නිලධාරියා පමණක් නොවන හමුදා කණ්ඩයාමම ආපසු ගෙන්වා ගන්නා බවයි.
    ආණ්ඩුව ජාත්‍යන්තරය දිනා ගත්තේ නම් ත්‍රස්තවාදය පරාජය කරන්න නායකත්වය දුන් හමුදා නිලධාරියෙකුට මේ ආකාරයට යුධ අපරාධ චෝදනා එල්ල වන්නේ කෙසේ දැයි ඔහු ප‍්‍රශ්න කරයි.
    පිටකෝට්ටේදී පැවැත් එලිය’ සම්මන්ත‍්‍රණයක් අමතමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.
    ‘අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබෙනවා මාලි රටේ සාම සාධක රාජකාරී සඳහා යැවූ අපේ අණදෙන නිලධාරිවරයාව එම රටෙන් පිට කරන ලෙසට. එදා යුද්ධයට හා ත‍්‍රස්තවාදීන් සමග මුහුණ දුන් හමුදා නායකයන් කිසිවෙකුට බටහිර රටවල්වලට යන්න බැරි තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. සාම සාධක හමුදාවලට යවන නිලධාරීන්ටත් එම රටවලට යන්න පුළුවන්කමක් නැහැ. නමුත් අද රජය ලෝකයා දින්නා කියනවා. එහෙම ලෝකයා දින්නා නම් මෙවැනි දේවල් වළක්වා ගන්න තිබුණා. එදා යුද්ධයෙන් ඉදිරියෙන්ම සිටි හමුදා නිලධාරීන්ව වෙනත් රටවල්වලට යවන්න එක්සත් ජාතීන්ගෙන් අවසර ලබා ගන්න ඕනෙ නම් අපේ රටට තිබෙන ෙසෙවරීත්වය කුමක්ද? අපේ රටේ ක‍්‍රියාදාමයන් වෙනස් කරන්න කාටවත් බැහැ.
    2015 අගෝස්තු මස අකුරුගොඩ ත‍්‍රිවිධ හමුදා සංකීර්ණය අවසන් කරන්න හිටියා. නමුත් අද රජයේ අ¥රදර්ශී වැඩ නිසා එම ව්‍යාපෘතිය නිම කරන්න බැරිව තිබෙනවා. හම්බන්තොට වරාය නිසා ණය උගුලකට ශ‍්‍රී ලංකාව පත් වුණා කියන බොරු මතයක් ලෝකයට ගෙන අරන් ගියා. හම්බන්තොට කියන්නේ ලෝකයේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. මෙවැනි යටිතල පහසුකමක් හදන එක තවත් දෙයක්. එම යටිතල පහසුකම වාණිජ සැලැස්මක් ඇති කර ගැනීම තවත් කාරණයක්. නමුත් අපේ රජය මේ වරාය හැදුවා වගේම එය පාලනය කළේ වරාය අධිකාරිය යටතේ. එය කිසිම රටකට භාර දුන්නේ නැහැ. එය දියුණු කරන්න වාණිජමය සැලැස්මක් අප සතුව තිබුණා. මේ රජය එම සියලූ සැලසුම් නතර කරලා විදේශ රටකට පවරා දුන්නා. මත්තල ගුවන් තොටුපළත් එහෙමයි. කිසිම රජයකට දෙවැනි ගුවන් තොටුපළක් හදන්න බැරි වුණා. මහින්ද රාජපක්‍ෂ රජයට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක සිහිනය සැබෑ කරන්න හැකියාව ලැබුණා. අද නොයෙක් හේතූන් මත කටුනායකට යන්න බැරි ගුවන් යානා යන්නේ මත්තල ගුවන් තොටුපළට. වාණිජ සැලැස්මක් ඇති කරන්නේ නැතිව ගුවන් තොටපුළේ වී ගබඩා කළා. දේශපාලනික, පුද්ගලික වශයෙන් පළිගන්නයි එහෙම කළේ. අද රජය මත්තල ඉන්දියාවට ලබාදී මුදල් ගන්න සූදානම් වෙනවා. එවැනි අ¥රදර්ශී ක‍්‍රියාවන් නිසා තමයි රටේ ආර්ථිකයට මෙහෙම වෙලා තිබෙන්නේ. අද ව්‍යාපාරිකයන් ඇතුළු සියලූම ව්‍යවසාකයන් ගැටලූ රැුසකට මුහුණ දී සිටිනවා.
    මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න නම් මේ රටේ වගේම විදේශීය ආයෝජකයන් අවශ්‍යයි. ගාලූමුවදොර අසලට ගියොත් සංවර්ධනය කෙසේද කියලා ඔබලාට බලා ගන්න පුළුවන්. එම සියලූ ව්‍යාපෘති මෙරටට ගෙනාවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් කොතරම් ව්‍යාපෘති ඉදිරිපත් වුණාද? සැපයුම්කරුවන් කොපමණ ඇති වුණාද? අද මේවා සියල්ලක්ම කඩා වැටිලා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයෙන් පමණක් රැුකියා ලක්‍ෂ හතරක් අහිමි වුණා. එදා මහින්ද රාජපක්‍ෂ රජයේ සංවර්ධනය සමච්චලයට ලක් කළා. නව ව්‍යවසාකයන් ඇති කිරීමට විශාල ව්‍යාපෘති කොළඹ ආරම්භ කළා. දියත උයන ආරම්භ කළේ කුඩා ව්‍යවසායකයන් වෙනුවෙන්. කොළඹ අවට සිදුකළ සෑම ව්‍යාපෘතියකම අරමුණ වුණේ කුඩා ව්‍යවසායකයන් ඇති කරන්නයි. මහින්ද චින්තනය තුළින් විශාල දැක්මක් එදා තිබුණා. මහාමාර්ග, වරාය, ගුවන් තොටුපළ ඇති කළේ ව්‍යවසාකයන් ඇති කරන්නයි.
    ඇතැමුන් අද චෝදනා කරනවා අපි සුළු ජාතීන්ට එරෙහිව කටයුතු කළා කියලා. අපි යුද්ධ කළේ ත‍්‍රස්තවාදීන් සමගයි. පශ්චාත් යුද සමයේදී උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ජීවිත ඉහළට ගේන්න කටයුතු කළා. උතුරු නැගෙනහිර අද තිබෙන සංවර්ධනය කාටවත් පේන්නේ නැහැ. උතුරු පළාත් සභා මැතිවරණය පළමු වරට පැවැත්වූවේ මහින්ද රාජපක්‍ෂ රජයයි. එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කළේ ඡුන්දය පැවැත්වීමෙන්. මේ රජය අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. නමුත් පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ. කොළඹ පැල්පත්වාසීන්ට නිවාස සංකීර්ණ යෝජනා ක‍්‍රම ඇති කළා. එම පැල්පත්වල ජීවත් වුණේ බහුතරයක් දෙමළ හා මුස්ලිම් ජනතාවයි.
    පසුගියදා දිගන සිද්ධිය ඇති වුණේ රජයේ හා පොලිසියේ ක‍්‍රියාදාමයන් නිසයි. එදා අලූත්ගම සිද්ධිය වූ වෙලාවේ පැයක් ඇතුළත පොලිස්පතිවරයා එම ප‍්‍රදේශයට යැව්වා. එහෙම යොදවලා කෙටි කාලයක් තුළ සිද්ධීන් පාලනය කළා. මේ රජයේ ඇමැතිවරයෙක් නිසයි එම සිද්ධිය ඇති වුණේ. අපේ රජය එම සිද්ධියෙන් පසුව විනාශ වූ නිවාස, ගොඩනැගිලි හදලා දුන්නා. මේ වගේ සිද්ධීන් ඇති කරලා මහින්ද රාජපක්‍ෂ රජය කෙරෙහි වැරදි මත ඇති කළා. නමුත් අද එම ජනතාව තේරුම් අරන් තිබෙනවා එදා මොකද වුණේ කියලා. අපේ රජය යටතේ සිවිල් ජනතාවට කිසිම සිද්ධියක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. යාපනයේ කල්ලි මඬින්න අද මුරකපොලූ දාලා. දකුණේ පාතාලය යළි හිසඔසවලා. මත්ද්‍රව්‍ය, අපරාධ වැඩි වෙලා. මේ රජය සෑම පැත්තකින්ම අද අසාර්ථක වෙලා. එහෙම වුණේ බොරු පොරොන්දු දී බලය ලබා ගත් නිසයි. එදා අපිට සෘජු තීන්දු තීරණ ගන්න පුළුවන් නායකත්වයක් තිබූ නිසයි යුද්ධය නිමා කරලා, රට ආර්ථිකයෙන් සහ සංවර්ධනයෙන් රට ගොඩනඟන්න හැකි වුණේ.
    – චාමින්ද කරුණාරත්න
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    එක නම් ඇත්ත මබ් මමත් තරයේ කියා සිටින්නේ මෙක Fast Track Project කරන්න දැන්. මහින්ද නැවතත් බලයෙනේ කරුණාකරලා දියුනුකරමු අපි මෙ රට , ගොටාගෙ කොළඕ අලංකාරයනම් පට්ට අපරාදේ මෙ සිරිසෙන කිසිදෙයක් කරෙ නැහැ

    රනිල් අර බැංකුව කඩපු සල්ලි තිබුනා නම් මෙක අද වෙන කොට ඉවරයි
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක නම් ඇත්ත මබ් මමත් තරයේ කියා සිටින්නේ මෙක Fast Track Project කරන්න දැන්. මහින්ද නැවතත් බලයෙනේ කරුණාකරලා දියුනුකරමු අපි මෙ රට , ගොටාගෙ කොළඕ අලංකාරයනම් පට්ට අපරාදේ මෙ සිරිසෙන කිසිදෙයක් කරෙ නැහැ

    රනිල් අර බැංකුව කඩපු සල්ලි තිබුනා නම් මෙක අද වෙන කොට ඉවරයි
    අනිවා බං.. කොලබ ට්‍රැෆික් එක 50%කින් අඩු වෙනවා, මේ ප්‍රොජෙක්ට් එක කලොත්....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඉතින් ප්ලෑන් එකේ වැඩ ආයිත් පටන්ගමු :yes: