ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

මහජන රැළි පැවැත්වීම අතින් මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ජනතාව හමුවීම සඳහා තේ සාදයක් සූදානම් කර තිබේ.
#TeawithGota නමින් අලුත්ම හෑෂ්ටැගයක් පමණක් නොව වෙනම වෙබ් අඩවියක්ද මේ වන විට ඒ සඳහා නිර්මාණය කර ඇත.
‘‘Join me for a chat over a cup of tea as my special guest‘‘- ‘‘මාත් එක්ක තේ කෝප්පයක් බොන්න එන්න.. ඇවිත් මගෙ විශේෂ අමුත්තා වෙන්න‘‘ යන අදහස ඇතිව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසි බසින් දැක්වෙන මේ ‘ඉවෙන්ට්‘ එක පැවැත්වෙන දිනයක් හෝ වේලාවක් දැනගන්නට නැති අතර, ඔහුගේ අනුගාමිකයන් (?) මේ පිළිබඳ විශාල තැතිගැන්මකින් යුතුව අදහස් පළ කර ඇති ආකාරය දැකගත හැකිය.
මේ කමෙන්ට්ස්වල දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගෝටාබය රාජපක්ස (ඔහුගේ නිවැරදි නම ගෝඨාභය රාජපක්ෂ නොව ගෝටාබය රාජපක්ස - Gotabaya Rajapaksa වේ) හට මෙහි අදහස් දක්වන්නන් විසින් ‘සර්‘ කියා ඇමතීමයි. ‘ඉට්ස් අ ගුඩ් අයිඩියා සර්‘, ‘බ්‍රිලියන්ට් අයිඩියා සර්‘ ‘වෙල්ඩන් සර්‘ යනාදී වශයෙන් සඳහන් කමෙන්ටු අතර, ‘‘දේශපාලකයන්ට සර් සර් ගාන තොපි වහල්ලුද බොලව්‘‘ යනුවෙන් ඒවාට උත්තර ද දැකගත හැකිය.
කෙසේ නමුත් මාධ්‍යවලට පවා විවෘත නොකර තරුණ සමුළු පැවැත්වූ ගෝටාබය රාජපක්ස මේ අන්දමින් වැසුණු දොරවල් සහිත ශාලාවකට ජනතාව තේ පැන් සාදයක් සඳහා ඇරයුම් කිරීම මගින් බොහෝ දෙනෙකුට ‘‘ආසයි - බයයි‘‘ මානසිකත්වයක් නිර්මාණය කර දී තිබේ.
තේ කෝප්පයක් තොල ගාන ගමන් ලසන්ත හෝ තාජුඩීන් ඝාතනය වැනි ප්‍රශ්නයක් ඇසුවහොත් ගෝටා ස‘ විසින් තේ කෝප්පයෙන්ම දමා ගසන්නට සීයට දෙසීයක සම්භාවිතාවක් ඇති නිසා ‘ආසයි-බයයි‘ ගණයේ බොහෝ ගෝටා රසිකයන්, ‘‘කෝකටත් හෙල්මට් එකක් දාගෙන යනවා‘‘ යනුවෙන් මේ තේ පැන් සාදයේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන අහුමුළුවල කතා වන බවද දැනගන්නට ලැබී තිබේ.