ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

    ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

    මහජන රැළි පැවැත්වීම අතින් මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ජනතාව හමුවීම සඳහා තේ සාදයක් සූදානම් කර තිබේ.

    #TeawithGota නමින් අලුත්ම හෑෂ්ටැගයක් පමණක් නොව වෙනම වෙබ් අඩවියක්ද මේ වන විට ඒ සඳහා නිර්මාණය කර ඇත.

    ‘‘Join me for a chat over a cup of tea as my special guest‘‘- ‘‘මාත් එක්ක තේ කෝප්පයක් බොන්න එන්න.. ඇවිත් මගෙ විශේෂ අමුත්තා වෙන්න‘‘ යන අදහස ඇතිව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ඉංග්‍රීසි බසින් දැක්වෙන මේ ‘ඉවෙන්ට්‘ එක පැවැත්වෙන දිනයක් හෝ වේලාවක් දැනගන්නට නැති අතර, ඔහුගේ අනුගාමිකයන් (?) මේ පිළිබඳ විශාල තැතිගැන්මකින් යුතුව අදහස් පළ කර ඇති ආකාරය දැකගත හැකිය.



    මේ කමෙන්ට්ස්වල දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගෝටාබය රාජපක්ස (ඔහුගේ නිවැරදි නම ගෝඨාභය රාජපක්ෂ නොව ගෝටාබය රාජපක්ස - Gotabaya Rajapaksa වේ) හට මෙහි අදහස් දක්වන්නන් විසින් ‘සර්‘ කියා ඇමතීමයි. ‘ඉට්ස් අ ගුඩ් අයිඩියා සර්‘, ‘බ්‍රිලියන්ට් අයිඩියා සර්‘ ‘වෙල්ඩන් සර්‘ යනාදී වශයෙන් සඳහන් කමෙන්ටු අතර, ‘‘දේශපාලකයන්ට සර් සර් ගාන තොපි වහල්ලුද බොලව්‘‘ යනුවෙන් ඒවාට උත්තර ද දැකගත හැකිය.

    කෙසේ නමුත් මාධ්‍යවලට පවා විවෘත නොකර තරුණ සමුළු පැවැත්වූ ගෝටාබය රාජපක්ස මේ අන්දමින් වැසුණු දොරවල් සහිත ශාලාවකට ජනතාව තේ පැන් සාදයක් සඳහා ඇරයුම් කිරීම මගින් බොහෝ දෙනෙකුට ‘‘ආසයි - බයයි‘‘ මානසිකත්වයක් නිර්මාණය කර දී තිබේ.

    තේ කෝප්පයක් තොල ගාන ගමන් ලසන්ත හෝ තාජුඩීන් ඝාතනය වැනි ප්‍රශ්නයක් ඇසුවහොත් ගෝටා ස‘ විසින් තේ කෝප්පයෙන්ම දමා ගසන්නට සීයට දෙසීයක සම්භාවිතාවක් ඇති නිසා ‘ආසයි-බයයි‘ ගණයේ බොහෝ ගෝටා රසිකයන්, ‘‘කෝකටත් හෙල්මට් එකක් දාගෙන යනවා‘‘ යනුවෙන් මේ තේ පැන් සාදයේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන අහුමුළුවල කතා වන බවද දැනගන්නට ලැබී තිබේ.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!


    තේ කෝප්පයක් තොල ගාන ගමන් ලසන්ත හෝ තාජුඩීන් ඝාතනය වැනි ප්‍රශ්නයක් ඇසුවහොත් ගෝටා ස‘ විසින් තේ කෝප්පයෙන්ම දමා ගසන්නට සීයට දෙසීයක සම්භාවිතාවක් ඇති නිසා ‘ආසයි-බයයි‘ ගණයේ බොහෝ ගෝටා රසිකයන්, ‘‘කෝකටත් හෙල්මට් එකක් දාගෙන යනවා‘‘ යනුවෙන් මේ තේ පැන් සාදයේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන අහුමුළුවල කතා වන බවද දැනගන්නට ලැබී තිබේ.
    :lol::lol::cool::cool:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    75418838_2358051377777448_4440347755671453696_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ගෝට වගේ ම ගොනෙක් වෙන්න ඕනේ මේව පිලිගන්නේ. ඇයි යකෝ අවුරුද්හට ඩොලර් 50000ක් තියෙනව නම් ඒකෙන් අලුත්වාහනයක් අරන් එහෙට වෙලාම හිටියාම ඉවරයිනේ.. මාර ගොන් කතා, කවුද බන් මේව ලියන ගොනා!
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාස්කු ප්‍රහාරයේ මිනී මතින් ජනපති වීමට තනන සජිත්
    -------------------------------------------------------
    කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

    එම වීඩියෝ පටය මගින් ISIS සාමාජිකයකු බවට පැවසෙන මුස්ලිම් ජාතිකයකු විසින් සිදුකරන පාපොච්චාරණයක් ඇතුලත් වන අතර එම පුද්ගලයා ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවට වූ ප්‍රකාශයක් සිදු කරවන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අදාල වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචරනයටද මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇති බවයි පැවසෙන්නේ.

    අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රෝසි සේනානායක, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් සෝමපාල, හෙක්ටර් අප්පුහාමි, යන පුද්ගලයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බැවින් කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන තුෂාර වන්නිආරච්චිගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

    97 වතාවක් පාස්කු ප්‍රහාරය එල්ලවන බවත් ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තයන්ගේ නම් ගම දුරකථන අංක පවා ලැබී තිබියදී ප්‍රහාරය දවසේ උදේ පවා විදේශ බුද්ධි අංශ පවා තහවුරු කරද්දී මෙන්ම රජයේ අමාත්‍යවරු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටිද්දී එය වලක්වා ගැනීමට නොහැකි වූ කාලකන්නි වැඩබැරි ආණ්ඩුව දැන් මිනිස් ජිවිත 300ක් පරලොව යවමින් ඒ මිනී මත සිට දේශපාලනය කරන්නට සුදානම් වීම කෙතරම් අවාසනාවක්ද?
    01.jpg
    පුළුවන් තරම් ශෙයාර් කර මෙවන් නරුමයන් ගැන මිනිසුන් දැනුවත් කරන්න
     

    Similar threads