ගෝටා පැනලා ගිහින්!
ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට පැනගොස් ඇතැයි වාර්තා වේ. ඔහු ඊට හේතු ලෙස දන්වා ඇත්තේ තම බිරිඳගේ මවගේ අසනීප තත්ත්වය නිසා ඇයව බලන්නට යන බවයි. බිරිඳගේ මව වාසය කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ ය. ඇමරිකාවේ දී අත් අඩංගුවට ගන්නේ නැතැයි යනුවෙන් ලැබුනු කිසියම් සහතිකයක් මත ඔහු ඇමරිකාව බලා ගිය බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට දැන ගන්නට ලැබී තිබේ.
මේ අතර වෙනත් තොරතුරු කරුවන් පවසන්නේ ගෝඨාභය ඇමරිකාව බලා යෑමට තවත් හේතුවක් තිබූ බවයි. ඒ නම් තජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට දැනට අත් අඩංගුවට ගෙන සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාගේ ප්‍රකාශය අනුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගැනීමට යෑමයි. තමාට නීති විරෝධී නියෝග දුන්නේ අනුර සේනානායක බවට සුමිත් චම්පික පෙරේරා පාපෝච්චාරණය කළා සේම අනුර සේනානායකද තමාට නීති විරෝධී ලෙස කටයුතු කරන්නට නියෝග දුන් අය කව්දැයි පාපෝච්චාරණය කීරීමට සූදානම් වී සිටීමයි. මෙහිදී තජුඩීන් ඝාතනයට පමණක් නොව තවත් සිදුකරන ලද අතෝරක් නැති නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නියෝග දුන්නේ කව්දැයි හෙලිකරමින් අනුර සේනානායක ගෝඨාභය රාජපක්ෂ පාවා දෙනු ඇතැයි යන භීතිය මත ගෝඨාභය තම නැන්දනියට මුවා වී ඇමරිකාවට පැන ගත්තේ යැයිද තොරතුරු කරුවෝ පවසති.
මහින්ද ගෝඨා විරසකයක්
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ සහභාගී වූ හයිඩ්පාර්ක් රැලියෙන් පසු ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ අතර නොහොඳ නෝක්කාඩුවක් ද හට ගෙන තිබේ. ගෝඨාභයගේ මතය වන්නේ ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දිය යුත්තේ මහින්ද රාජපක්ෂ නොව නව නායකයෙක් ලෙස තමාට එම නායකත්වය ලබා දිය යුතු බවයි. ගෝඨාභය ඉදිරියට එනවාට බැසිල් රාජපක්ෂ ගේ කැමැත්තක් නැති අතර මහින්ද රාජපක්ෂ ද ගෝඨාභය නායකයෙකු ලෙස ඉදිරියට එනවාට කැමැත්තක් නැත. මේ සිදුවීම් මත හයිඩ්පාර්ක් රැලියෙන් පසු මහින්ද රාජපක්ෂ ඔහුගේ හිතවතෙකු හා පවසා සිටියේ එම රැලියෙන් පසු තමන්ට ගෝඨා නැති වූ බවයි. ගෝඨාභය ඇමරිකාව බලා යෑමට එම සිදුවීම ද බලපා තිබෙන බව රාජපක්ෂ හිතවත්හු පවසති.
කෙසේ වෙතත් ලංකාවේ අපරාධයකට ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට ලංකාවේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය වේ නම් ඔහු ඇමරිකාවේ සිටීම ඊට බාධාවක් වන්නේ නැති බව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
ලංකාවේ යුද්ධය නැගී එද්දී එනම් 1990 දී ගෝඨාභය ශ්‍රී ලංකාවේ හමුදාවෙන් ඉවත් වී ඇමරිකාවේ පදිංචියට ගියේ ය. ඒ යද්දී ඔහු සමුගැන්මේ සාදයේදී කියා සිටියේ ‘දැන් ඉස්සරහට යුද්දයේ එන්නේ සොල්දාදුවන් මැරෙන යුගය නොව මේජර් ලා කර්නල් ලා මැරෙන යුගය‘ බවයි.. තමන් ඊට පෙර ඇමරිකාවට යන බව ඔහු සිනහා වෙමින් එම සාදයේදී පැවසීය. ඔහු හමුදාවෙන් අස් වන විට සිටියේ කර්නල් තනතුරේ ය. ඉන්පසු ඇමරිකාවේ ගෙවුනු වසර 15 ක කාලය තිස්සේ ඔහු කෙදිනකවත් ලංකාවට පැමිණියේ නැත. ඔහු ඇමරිකානු පුරවැසි භාවය ද ලබා ගත්තේය. ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ එල්ටීටීඊ විරෝධී පෙළපාලි, උද්ඝෝෂණ කිසිවකට ගෝඨාභය ප්‍රේක්ෂකයෙකු ලෙසවත් සහභාගී වූයේ නැත. පසුව මහින්ද රාජපක්ෂට 2005 දී එජනිසයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමෙන් පසු, එම ඡන්ද ව්‍යාපාරය භාගයක් දුර ගියාටත් පසු ගෝඨාභය ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේ ය. පැමිණ ඡන්ද ප්රචාරක පත්‍රිකා හමුදා කඳවුරු වලට බෙදීම බාර ගත්තේය. මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමෙන් පසු සිදු වූ දේ ලංකා ඊ නිව්ස් පාඨකයන් දන්නවා ඇත. පසු කලෙක ඔහු තම ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත් බව පැවසේ.