ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    4OwNlNB.jpg




    ගෝටා දිනල ඉවරයි බන්. :love: ඉතුරු පොටෝ ටික හෙමීට දාන්නම් ත්‍රෙඩ් එක නැගල ගියොත් :cool:
     
    • Haha
    Reactions: Kolama and 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර

    ජනපති හිමිකම් අහෝසි පනත සම්මතයි - මහින්ද හෙටම තංගල්ලට - තංගල්ලේ 'මහ පිළිගැනීමක්​


    අද (10) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත වූ 'ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)' පනත් කෙටුම්පත, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමිව තිබූ වරප්‍රසාද රැසක් අහෝසි කරනු ඇත. මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පනතට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.





    ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (10) පස්වරුවේ අත්සන් තැබීය.

    මෙම පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි. එමගින් 1986 අංක 4 දරන 'ජනාධිපතිවරයන්ගේ හිමිකම්' පනත අහෝසි කිරීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, හිටපු ජනාධිපතිවරයකුට හෝ ඔහුගේ වැන්දඹුවකට ලබා දී තිබූ නිල නිවාස, මාසික දීමනා,


    ලේකම් දීමනා, නිල ප්‍රවාහන සහ අනෙකුත් සියලු පහසුකම් මෙලෙස අහෝසි වනු ඇත.
    ජීවත්ව සිටින අයට විශ්‍රාම වැටුප පමණක් හිමිවනු ඇත.

    මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) දින විජේරාම නිල නිවසෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වේ. පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟම මෙම තීරණය ගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. හෙට පෙරවරුවේදී විදේශ තානාපතිවරුන් කිහිපදෙනකු හමුවීමට නියමිත රාජපක්ෂ මහතා, දහවල් 12:00ත් 1:00ත් අතර කාලයේදී තංගල්ලේ පිහිටි සිය නිවස බලා පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ මහතා පිළිගැනීමට විශාල පිරිසක් තංගල්ලේ රැස්වීමට නියමිත බව ද වාර්තා වේ.