ගෝඨාගේ අණින් නි.ඇමැති නිදහස් - කොස්තාපල් ද"
ගෝඨාගේ අණින් නි.ඇමැති නිදහස් - කොස්තාපල් දං ගෙඩියට
පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල රථය වේග සීමා උල්ලංඝණය කිරීමේ වරදට දඩ කොළයක් නිකුත් කළ පොලිස් කොස්තාපල්වරයාට කාර් රථයක් මිලට ගැනීමේ හැකියාව ලැබුණේ කෙසේ දැයි සොයා බලන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නියෝග කර ඇත. පොලිස්පතිවරයා අදාල නියෝගය ලබා දී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි ය.
පසුගිය 20 දා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගේ නිල රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර් 146 ක වේගයෙන් ගමන් කර ඇති අතර, වේග සිමා උල්ලංඝණය කිරීමේ වරදට අදාල රථයේ රියැදුරාට දඩ කොලයක් ලබා දීමට එම අවස්ථාවේදී කොට්ටාව පිවිසුමේ සේවය කර ඇති පොලිස් කොස්තාපල් සුමන්දි සමන් මහතා කටයුතු කර ඇත.
පසුව පසුගිය 30 දා රාත්‍රී පොලිස් කොස්තාපල් සුමන්දි සමන් මහතා සිය නැනෝ වර්ගයට අයත් මෝටර් රථයෙන් සිය නිවසේ සිට සේවයට වාර්තා කිරීමට යමින් සිටි අවස්ථාවේදී බෝම්ඹුවල ප්‍රදේශයේදී කළු පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහර දී ඔහුගේ මෝටර් රථය ගිනි තබා විනාශ කර ඇත.
අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම පසෙක තබා පොලිස් කොස්තාපල්වරයාට මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාව ලැබුණේ කෙසේ දැයි පරීක්ෂා කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත.

wcb
okkoma horu me lankawe mama witharai hoda minihekta inne me rate . tu nodakin mehema ratak