ගෝඨාගේ කුඩු මිතුරා අයි.එස්. ත්රස්තවාදියෙ
කෝටිපති කුඩු ජාවාරම්කාර මුජහීඩ් අයි.එස්. ත්‍රස්‌තයෙක්
සමන් ගමගේ
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මෙරට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙය වූ ජාත්‍යන්තර කුඩු ඒජන්තයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහීඩ් නමැත්තා අයිඑස්‌අයිඑස් ත්‍රස්‌ත සංවිධානයේ ප්‍රබලයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
අයිඑස්‌අයිඑස් ත්‍රස්‌ත සංවිධානයට අරමුදල් රැස් කිරීමේ ජාලයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන මුජහීඩ් හෙරොයින් ජාවාරමෙන් උපයන සුවිශාල ධනය එම ත්‍රස්‌තවාදී සංවිධානයේ කටයුතු සඳහා ලබාදෙන බවටද වාර්තා වී ඇත.
ඒ අනුව ජාත්‍යන්තර බුද්ධි සේවාවන්හි සහායද ලබා ගනිමින් මුජහීඩ් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් පියවර ගෙන තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් "දිවයින"ට පැවැසීය.
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස ප්‍රභූ සමාජයේ ගැවසෙමින් කටයුතු කළ මොහොමඩ් මුජහීඩ් නමැත්තා ජාත්‍යන්තර මත්කුඩු ඒජන්තවරයකු ලෙස පසුගියදා මුල්වරට ලෝකයට අනාවරණය කරනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සෘජු අධික්‍ෂණය හා උපදෙස් මත යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සහ රාජ්‍ය බුද්ධි සේවාවේද සහාය ලබා ගනිමින් ඉකුත් 2012 වසරේ සිට වසර තුනක් තිස්‌සේ අඛණ්‌ඩව සිදුකළ ඉතාම රහසිගත මෙහෙයුමක් මගින් මුජහීඩ් පිළිබඳ තොරතුරු හෙළි කරනු ලැබීය. ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදුකළ එම මහෙයුම මේ වන විට ඇමරිකානු රාජ්‍ය බුද්ධි සේවාවේද ප්‍රශංසාවට ලක්‌ව ඇත.
- http://www.divaina.com/2015/08/07/news17.html
ගෝඨාගේ කුඩු මිතුරා අයි.එස්. ත්‍රස්තවාදියෙක්!
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වන බව හෙළි වී තිබෙන අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිදීන් නැමැත්තා අයි. එස්. ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන්නෙකු බව ඇතැම් ප්‍රවෘත්ති වෙබ් අඩවි හෙළි කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔහු උපයාගන්නා මුදල් සම්භාරය මෙම ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදවන බව පැහැදිලි වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දිගු කලක් කරන ලද විමර්ශන අනුව මුබාරක් මොහොමඩ් නැමැත්තා පිළිබඳව තොරතුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ. මෑතකදී එම තොරතුරු මාධ්‍යයට හෙළි කළේය.
ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර සම්බන්ධතාවය පිළිබඳව අප වෙබ් අඩවිය මුල්වරට ඡායාරූප සහිතව තොරතුරු හෙළි කෙරිණ. මෙරට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කිහිපයක නිෂ්පාදන කටයුතු වෙනුවෙන්ද මොහු මුදල් යොදවා තිබිණ. එක් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සංජය ලීලාරත්න නළුවා හට මුදල් ආයෝජනය කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් මුබාරක් මොහොමඩ් බව හෙළි විය.
- http://www.lankatruth.com/home/sinh...:2015-08-07-08-12-58&catid=41:local&Itemid=74