ගෝඨාගේ ප‍්‍රතිපත්තියේ රටේ ඒකීය භාවය ගැන &#3505

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨාගේ ප‍්‍රතිපත්තියේ රටේ ඒකීය භාවය ගැන &#3505

CR-Hanwella.jpg



ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හංවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "අපි රණවිරුවන් සිරගත කරනවා එල්.ටී.ටී. සාමාජිකයින් නිදහස් කරනවා කියලා භීතියක් ඇති කරමින් තිබුණා. විවිධ හේතු මත හමුදා සාමාජිකයින් 48 දෙනෙකු අත් අඩංගුවට ගත්තා. ඉන් 7 දෙනෙක් අද රිමාන්ඞ් භාරයේ ඉන්නේ. අනෙක් සියලූ දෙනා ඇප ලබා නිදහස් වෙලා අවසන්. ගෝඨාභය මහත්තයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලන්න, ආයුධ සමග භාර වූ එල්.ටී.ටී.ඊ සමාජිකයින් 13,784ක් නිදහස් කළා කියනවා. දැන් එල්.ටී.ටී.ඊ සමාජිකයින් 66 ක් අත් අඩංගුවේ ඉන්නේ. ඔවුන් දහතුන් දහසක් නිදහස් කළා කියලා ගෝඨාභය රාජපක්ෂම පිළිගෙන තිබෙනවා. යුධ සමයේ විවිධ චෝදනා වලට ලක්වූ හමුදා සමාජිකයින් නිදහස් කරන්න අපි පියවර ගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. යුධ සමයේ නොයෙක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කළ පුද්ගලික වැඩ කළ හමුදා නිලධාරීන් නිදහස් කරන්න මොකුත් කළේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. යුද්ධය සම්බන්ධයෙන් දඬුවම් විදින හමුදා සාමාජිකයින් මෙන්ම, එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද නිදහස් පුරවැසියන් කරනවා කියා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ දැන් අත් අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදහස් කරනවා කියලා රාම් නගුලන් කොටි නායකයින් ඇතුළු දහතුන් දහසක් නිදහස් කර තිබෙනවා. ඔවුන්ට හමුදාවේ බුද්ධි අංශ මගින් පඩි ගෙවනු ලැබුවා. සුනිල් රත්නායක ඇතුළු හමුදාවේ පිරිස අත් අඩංගුවට ගත්තේ රාජපක්ෂ පාලන සමයේ ඔවුන් නිදහස් කරන්න කටයුතු කලේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. දැන් කියනවා ඔවුන් නිදහස් කරනවා කියලා. මෙතරම් කාලයක් රූපවාහිනී නාලිකා දෙක තුනක් තබාගෙන රටේ ජනතාව බියවද්දමින් කටයුතු කළා. දැන් ඒ සිදුකරමින් ගිය බොරුවත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් එළි වෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා දස වැදෑරුම් ප‍්‍රතිපත්තියක් ගැන සඳහන් කරනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රට බිය වද්දමින් ගියා. අපේ රජය මගින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හැදුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයත් සම්බන්ධකරගෙන. ඉන් රට බෙදන්න යනවා. ඒකීය භාවය නැතිවෙන්න යනවා කියලා කතා පැතිරුවා. බුද්ධ ශාසනයට තිබෙන තැන නැති වෙනවා කියලා කතා පැතිරුවා. ගෝඨභය රාජපක්ෂ මහතාගේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තියේ රටේ ඒකීය භාවය ගැන අකුරක් නැහැ. නව වෙනි පිටුවේ ජාතික සමගිය යන මාතෘකාව යටතේ ඉතා කුඩාවට ඒකීය රාජ්‍ය හා බුද්ධාගම ගැන සඳහන් කරනවා. මෙය දස වැදෑරුම් ප‍්‍රතිපත්තියේ අංක 1 ලෙස සඳහන් විය යුත්තක්. නමුත් ඒ ප‍්‍රමුඛතාවය ලබාදී නැහැ. මේ දේවල් වලින් පෙනෙන්නේ කුමන දෙයක් කීවත්, මොවුන්ගේ ප‍්‍රතිපත්ති තුළ මේ කිසිම දෙයක් නැහැ කියන එක.

මේ රටට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් රටේ ඒකීය භාවයට හෝ සම්බුද්ධ සාසනයට ලබාදී ඇති ප‍්‍රමුඛතාවය හා සෙසු ආගම්වලට ලබා දී ඇති සමානතාවය ඉස්පිල්ලකින් පාපිල්ලකින්වත් අපි වෙනස් කරන්නේ නැහැ” යැයි පැවසීය.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගොටගේ ප්‍රතිපත්ති ගැන හොයන වෙලේ පුතානෝ-හුකානෝ ට කියපන් උගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දාන්න කියලා....
    අනුන්ගේ ලබ්බවල් හොයා හොයා යන කලින් තමන් ගේ වැඩේ කොරල ඉන්න කියහන්....
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගොටගේ ප්‍රතිපත්ති ගැන හොයන වෙලේ පුතානෝ-හුකානෝ ට කියපන් උගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දාන්න කියලා....
    අනුන්ගේ ලබ්බවල් හොයා හොයා යන කලින් තමන් ගේ වැඩේ කොරල ඉන්න කියහන්....
    උගේ ප්‍රතිපත්තිය එළිදැක්කුවේ 1989 බන්. මතක නැද්ද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කෝ බන් සජිත් සර්ගෙ පෙතිපත්ති ප්‍රකාශනය...
    මොකෝ තාම නැත්තෙ...
    තැපැල් ඡන්දත් දැම්මට පස්සෙද ඒක දෙන්නෙ...
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හුටා! ඒකීය භාවය හලලා නේහ්? හෙහ් හෙහ්.. ඒ මොකෑ කොල්ලනි??:P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හුටා! ඒකීය භාවය හලලා නේහ්? හෙහ් හෙහ්.. ඒ මොකෑ කොල්ලනි??:P:P

    කෝ බන් සජිත් සර්ගෙ පෙතිපත්ති ප්‍රකාශනය...
    මොකෝ තාම නැත්තෙ...
    තැපැල් ඡන්දත් දැම්මට පස්සෙද ඒක දෙන්නෙ...

    අනුන්ගෙ පඩේ දිග පළල බලන්න කලින්, තමන්ගෙ වස්තරේ අසූචි හෝදගෙන ඉඳපන්... ආයිබෝං....