ගෝඨාගේ ලංකාව

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ‘ගෝඨාගේ යුද්ධය’ ට (මේ නාමකරණය මගේ නොව ‘Gota’s War’ මෙන්ම ‘කොළපාට සමාජය’ද ලියූ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමගේය.) පසුව ‘ගෝඨාගේ ලංකාව’ (අපි ඉංග‍්‍රීසියෙන් ‘Gota’s Lanka’ යයි කියමු. මේ නාමකරණය මගේ ම බව ද කිව යුතු ය.) දැන් බිහිවී ඇත. එමනිසා දැන් ගෝඨාගේ ලංකාවේ අසිරිය විමසා බලමු. මේ ලංකාවේ අසිරිය කටුවන ජ.වි.පෙ. රැස්වීමට වෙඩිතබා දෙදෙනෙක් මරා දැමීමෙන් ලොවට පෙන්නුම් කෙරී ඇත. දැන් මේ සිද්ධියට ආණ්ඩුවට චෝදනා කරන්නේ කුමන පදනමක් මතදැයි දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධූරය දරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන "ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ" "අධ්‍යක්ෂ ජෙනරාල්" වන ලක්ෂ්මන් හුලුගල්ල මහතා අපෙන් අසයි. ඔහු සැබවින්ම නිවැරදිය. එසේ චෝදනා කිරීම කිසිසේත්ම නිවැරදි නැත.

    හැබැයි හුලුගල්ල මහතා එතරම් කලබල වීමද ඒ වගේම උචිත නැත. ඒ මහතා අනවශ්‍ය ලෙස කලබල වී ඝාතනය පසුපස සිටින්නන් පිළිබඳව කලින්ම අනාවැකි කීමට යාම නිසා ඒ මහතා ගේ ආරක්ෂාව යටතේ සිටින ආණ්ඩුව පිළිබඳ සැක මතුවීම නොවැලැක්විය හැකිය. ආණ්ඩුව ආරක්ෂා කිරීමට යන ‘මෝඩ වඳුරන්‘ පිළිබඳව කතා කිරීම විමල් වීරවංශ මහතාගේ පක්ෂයම පවා දැනටමත් ආරම්භ කොට ඇති බව මට ඇසුනා වගේ මතකය. හුලුගල්ල මහතාත් ඒ ‘මෝඩ වඳුරන්‘ ගෙ ගණයට වැටිය යුතු නැත.

    අනෙක් අතට මෙවන් අවස්ථාවල පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ද අපරාධ පිළිබඳව විශේෂයෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ කතාකරන කල්හී තමන්ගේ මුහුණේ ඉරියව් පිළිබඳව ප‍්‍රවේසම් විය යුතුය. මක්නිසා ද යත් මේ දිනවල රටේ කිසියම් අපරාධයක් සිදුවූ කල්හී, ඒ පසුපස කිසියම් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක ද යන්න ගැන දැනගැනීමට අවශ්‍ය නම් මා මුලින්ම කරන්නේ අජිත් රෝහණ මහතාගේ ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව නැරඹීමයි.

    ජූලම්පිටියේ අමරේ ගැන කතා කිරීමට ගොස් පොලිස්පති ඉලංගකෝන් මහතා නම් කුමාර් ගුණරත්නම් සිද්ධියේදී මෙන්ම හරිම ජංජාලයක පැටලුන නිසා සිදුවී ඇත්තේ කුමක් ද යන්න ගැන දැනගනීම බෙහෙවින් පහසු විණි. නමුත් සෑම සිද්ධියක් ගැනම ඒ මහතා උනන්දුවක් නොදක්වන නිසා අපට වැඩිපුර හමුවන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතාය. අදාල සිදුවීම පිළිබඳව කතා කරන විට ඒ මහතාගේ මුහුණේ ඉරියව් ප‍්‍රවේශමෙන් නිරීක්ෂනය කිරීම මඟින් අඩුම තරමින් අදාල අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා අවංක පරීක්ෂනයක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ පැහැදිළි නැඹුරුවක් තිබේ ද නැද්ද යන්න ගැන සෑහෙන අවබෝධයක් ලැබිය හැක. ලංකාවේ පුරවැසියන් අතරින් මේ රහස දන්නේ මා පමණක් නොවන බව මම හොඳින්ම දනිමි. විශේෂයෙන් ලංකාවේ පුරවැසියන් අතුරින් සැලකිය යුතු පිරිසක් තවමත් අවාසනාවකට මෙන් ප‍්‍රවෘත්ති ලබාගැනීමේ තම එකම මූලාශ‍්‍රය ලෙස ITN රූපවාහිනී නාලිකාව පමණක් භාවිත නොකරන බැවිනි.

    සෝවියට් දේශයේ බිඳවැටීම පිළිබඳව අදහස් දක්වමින් වරක් ප‍්‍රකට විචාරකයකුවන අභාවප‍්‍රාප්ත රෙජී සිරිවර්ධන මහතා කළ ප‍්‍රකාශයක් මට යන්තම් මතකය. මට මතක විදිහට ඒ මහතා ප‍්‍රකාශ කළේ 70 ගනන් වන සිටම සෝවියට් සංගමය බරපතල දෘෂ්ටිවාදී බංකොලොත් භාවයකට පත්වී තිබූ බවය. කිසියම් පාලන තන්ත‍්‍රයක් දෘෂ්ටිවාදීමය වශයෙන් බංකොලාත් වෙනවාය යන්නේ එක් අර්ථයක් වන්නේ එම පාලන තන්ත‍්‍රයේ සදාචාරාත්මක වලංගුභාවය තර්ජනයට ලක්වනවාය යන්නය. ප‍්‍රකට මාක්ස්වාදී දේශපාලන චින්තකයකු වූ අන්තොනියෝ ග‍්‍රාම්ස්චි ගේ වචන පාවිච්චි කරමින් කිවහොත් කිසියම් පාලක කණ්ඩායමකට පොදුජනයා මත ස්ථාවර ආධිපත්‍යයක් පවත්වාගෙන යාමට නම් එම පොදුජන සමාජය මත සදාචාරමය හා බුද්ධිමය ආධිපත්‍යය එම පාලක කණඩායම සතුවිය යුතුය.

    දැන් පෙරමුණු කීපයකදීම රාජපක්ෂ පාලන තන්ත‍්‍රයට පොදුජන සමාජය මත වූ බුද්ධිමය මෙන්ම සදාචාරමය ආධිපත්‍යය ද අහිමි වෙමින් පවතී. මේ සමබන්ධව ඉතාම කැපී පෙනෙන වර්ධනය වන්නේ පොදුජන සමාජය හා රාජපක්ෂ පාලන තන්ත‍්‍රය අතර මැද සිට එහි බුද්ධිමය හා සදාචාරාත්මක අතරමැදියන් ලෙස කටයුතු කරන ‘රාජපාක්ෂිකයින්ගේ‘ කාර්ය භාරය ද මේ වනවිට බෙහෙවින් දුෂ්කර තත්වයකට පත්වී තිබීමයි. මෙගා ටෙලිනාට්‍යයක් මෙන් කොටස් අතිවිශාල සංඛ්‍යාවකින් රඟ දැක්වුනු කැලණියේ මර්වින් සිල්වා නාටකය රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ රෙදි සෑහෙන ප‍්‍රමාණයක් ගලවා දැම්මේය. අපගේ කතානායක ගෝඨාභය මහතා ද ප‍්‍රධාන චරිතයක් රඟපෑ කොලොන්නාවේ භාරත-දුමින්ද නාටකය ද එවැන්නක්ම වීය.

    2004 මහා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන සටන් පාඨයක් වී තිබුනේ "කව්ද මේවට වග කියන්නෙ?" යන්නයි. එම පාඨය රැගත් ප‍්‍රචාරක දැන්වීම් මගින් මූලික වශයෙන්ම මහජන අවධානයට යොමුකරනු ලැබ තිබුනේ ආණ්ඩුවක් සහ ජනයා අතර ඇති යහ පාලනය පිළබඳ සම්මුතිය බිඳවැටිම සලකුණු කෙරෙන අවස්ථා මාලාවකි. මර්වින් සිල්වා මෙගා නාටකය, භාරත ඝාතනය, කටුවන ඝාතන වැනි සිදුවීම් ඉදිරියේ සලකා බැලුවොත් නම් එම සිදුවීම් කොහොමත් ඉතාම නොවැදගත් ඒවා ලෙස සැලකීමට සිදුවනු නොවැලැක්විය හැකිය.

    අපගේ කතානායකයා වන ගෝඨාභය මහතාට ද ස්ථිරසාර දේශපාලන චින්තනයක් ඇතිබව පෙනේ. ඒ මහතා වරින් වර සිදු කරනු ලබන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ ඉතාම බරපතල ඒවාය. එම ප‍්‍රකාශ වල සම්පප‍්‍රලාප (nonsense) ඇත්තේ නැත. ඒවායේ ඒ මහතා ලංකාව පරිකල්පනය කරන අයුරු අඩංගු වී තිබේ. යහ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප එම පරිකල්පනය තුල ඇතත් ඒවාට ඒ මහතා දෙන අර්ථ සාමාන්‍ය දේශපාලන කතිකාවත තුල ඒවාට ඇති අර්ථ නොවේ. උදාහරණයක් ලෙස භාරත ඝාතනයෙන් පසුව ප‍්‍රසිද්ධියේම දුමින්ද සිල්වාගේ ජීවිතය හා ආරක්ෂාව වෙනුවෙන් විශේෂ උනන්දුවකින් ක‍්‍රියා කිරීම, වරෙන්තුකරුවකුවූ සුදර්මන් රදලියගොඩ සමඟ ප‍්‍රසිද්දියේ පෙනී සිටීම වැනිදේ මඟින් එම මූලධර්ම උල්ලංඝනය වෙතැයි ඒ මහතා නොසිතන බව පෙනේ. ඒ තත්වය තුළ ‘ගෝඨාගේ ලංකාව’ තුල කටුවන සිද්ධිය නීතියේ ආධිපත්‍යය හෝ යහ පාලනය බිඳවැටීම සංඥා කරන්නක් නොවීමට බොහෝ දුරට ඉඩ තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ මුවින් ගිලිහෙන වචන වලට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුවින් ගිලිහෙන වචන වඩා වැදගත් බව මගේ අදහසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ මුවින් පිටවන වචන එතරම් අර්ථාන්විත යැයි මම නොසිතමි. මක්නිසා ද යත් ඒ මහතා කිසිවක් නොකරන නිසාවෙනි. ඒ මහතා කරන දෙවල් දැනගැනීමට කෙනෙකුට අවශ්‍යනම් කල යුත්තේ රාවය පුවත් පතේ විමලනාත් වීරරත්නගේ සතිපතා තීරුලිපිය කියැවීමයි. ඒ මහතාගේ මුවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන වචනය පිට වුනොත් ඒ ගැන කලබල වීමට දෙයක් නැත. ඒ එයට නිෂ්චිත අරුතක් නොමැති බැවිනි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුවින් ඒ වචනය පිට වුවහොත් කෙනෙක් අතිශයින් කලබලයට පත්වී එයින් ඒ මහතා අදහස් කරන්නේ කුමක්දැයි සොයා බැලීමට උනන්දු විය යුතුය. මක් නිසා ද යත් ඒ හුදෙක් වචනයක් ලෙස පමණක් ඉතිරිවීමට ඒ මහතා ඉඩ නොදෙන බැවිනි. ඒ හරියටම කොළඹ සම්බන්ධයෙන් ඒ මහතාගේ පොරොන්දුව මෙනි

    -උපුටා ගෑනීම ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ගේ ලිපියකිනි-

    ආචාර්යතුමාගේ සමහරක් මතවාද, විවේචන මා පිලිකුල් කලත්, මේ ලිපියේ යම් වෑදගත්කමක් ඈති නිසා උපුටා දෑක්වුවෙමි.

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊයේ ශාන්ත විජේසූරිය උස්සන්න්න ගිහින් නොන්ඩි වෙලා
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    "අපගේ කතානායකයා වන ගෝඨාභය මහතාට ද ස්ථිරසාර දේශපාලන චින්තනයක් ඇතිබව පෙනේ!"

    අප්පද බොල!! උට එහෙම එහෙකුත් තියෙද? :lol:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    "අපගේ කතානායකයා වන ගෝඨාභය මහතාට ද ස්ථිරසාර දේශපාලන චින්තනයක් ඇතිබව පෙනේ!"

    අප්පද බොල!! උට එහෙම එහෙකුත් තියෙද? :lol:



    උන්නෑනේ රාජ්ය සේවකයෙක් උනාට දේශපාලනේ චුට්ටකුත් කොරනවා නේ..:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    "අපගේ කතානායකයා වන ගෝඨාභය මහතාට ද ස්ථිරසාර දේශපාලන චින්තනයක් ඇතිබව පෙනේ!"

    අප්පද බොල!! උට එහෙම එහෙකුත් තියෙද? :lol:
    :no::no::no:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    11.gif
    11.gif
    11.gif
    11.gif