ගෝඨාභයට හා නම් මධුෂ්ට බැරි ඇයි?
රටේ නමගිය අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කිඩ අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂ, ටිරාං අලස්, වසන්ත කරන්නාගොඩ සේ කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
දැනට ඩුබායිහි සිටින සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ලංකාවේ වෙසෙන පුංචි අම්මා වන සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ්‍රියානි නමැත්තියයි. ඇය ඉදිරිපත් කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්යා බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති හෙයින් මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය හෝ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් මධූෂ්ගේ පුංචි අම්මා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.
පසුගියදා නීතිය උඩු යටිකුරු කරමින් අහිංසකයින් 11 දෙදෙනකුගේ ඝාතන වලට වගකිව යුතු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමෙන් වළකාලන අතුරු තහනම් නියෝග නිකුත් කළ ලංකාවේ අපූරු ශ්‍රේෂ්ඨාධිකරණය මධූෂ් වෙනුවෙන් කරන්නේ කුමක්දැයි රටේ මහජනතාව බලා හිඳිති. වසන්ත කරන්නාගොඩගේ පෙත්සම විභාග වූ අවස්ථාවේ අතුරුදහන් කරන ලද 11 දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු කියා පෑමට නීතිඥ මහත්වරුන් ඉල්ලා සිටි විට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නීතිඥවරු මහත්වරුන්ට ඊට ඉඩ නොදුන්නා පමණක් නොව පෙත්සම විභාග වෙනවා බැලීමට අධිකරණයට ඇතුළුවීමටවත් ඉඩ නොදුන්නේ ය.
නීතිය කාටත් සමාන නම් ගෝඨාභය, ටිරාං අලස්, වසන්ත කරන්නාගොඩ ලැබූ සහනය පාතාල නායක මධූෂ්ටද ලැබිය යුතුය. නොඑසේ නම් මධූෂ්ට බලපාන නීතිය ඉහත කී තුන් දෙනාටද ක්‍රියාත්මක විය යුතුය. මධූෂ්ගේ පුංචි අම්මාගේ පෙත්සමින් රටේ උපරිමාධිකරණය ගලේ පැහැරූ බළලුන්ගේ ගානට වැටී ඇති බව පැහැදිලිය.