ගෝඨාභය අත්අඩංගුවට ?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මෙරටට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    කටුනායක ගුවන් තොටුපලේ දී අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් වැය කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට පෙරදී මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) මඟින් මෙම චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.






    දැන් ගෝඨාභය හිරේ ගිහින් අවුරුද්දක් විතර වෙනව නේද මචන්.. :P