ගෝඨාභය අපරාධ කළ බව බැසිල් පිළිගනී

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨාභය අපරාධ කළ බව බැසිල් පිළිගනී

රාජපක්ෂ පාලන සාමය තුළ ජාතික ආරක්ෂාවට මුවාවී අහිංසක වැසියන් ඝාතනය වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ පිළිගැනීම උඩබලාගෙන කෙල ගැසීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයකු සඳහන් කර සිටියි.

ඔහු මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පැමිණීමට විරුද්ධ නිසා බවත් එහෙත් තමන් දිගටම ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

පසුගිය පාලන සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග සීමාව ඉක්මවා ගිය බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කල විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

බැසිල් රාජපක්ෂ අදාළ ප්‍රකාශය සිදුකර සිටියේ පසුගිය 14 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති දකුණු පළාත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුව අමතමින්ය.

එහිදී බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා රාජපක්ෂ රෙජීම පාලන සමයේ හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩිතබා සිදුකල ඝාතනය, කටුනායක රොෂේන් රොෂේන් චානක ඝාතනය ඇතුළු සිදුවීම් කිහිපයක් සිහිපත් කරමින් සඳහන් කර සිටියේ ජාතික නාමයෙන් පමණ ඉක්මවා කටයුතු කල අවස්ථා බවය. එසේම ඉදිරි පාලනයකදී එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලා ගත යුතු බවද ඔහු පවසා තිබිණ.


https://www.colomboxnews.com/2018/06/16/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1-%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1-%E0%B7%84%E0%B7%8F/
 
Last edited:

Similar threads