ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.
( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)
( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)
ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...
එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..
ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..
ඔව් ඔබ යා යුතුමය...
ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...
වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..
ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..
අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..
' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."
කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..
ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...
