ගෝඨාභය ජනාධිපති සටනින් ඉවත් වේ...!!!

shoo

Banned
Mar 5, 2009
592
24
0
ගෝඨාභය ජනාධිපති සටනින් ඉවත් වේ...!!!

එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බවට බහුතරයේ විශ්වාසය දිනාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකයා තබා පන්සලකටවත් ගොඩවීම සිය බිරිඳ වන අයොමා රාජපක්ෂගේ සහ පුතු මනොජ් රාජපක්ෂගේ අනුමැතිය ලබාගැනීම මත සිදුවන කටයුත්තක් බවට තිබේ.

විශේෂයෙන්ම එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂක ධුරය අත් හැරිය යුතු යැයි පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත් එම පවුලේ ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ මේ වන විට ඔහු පෙලෙන දැඩි රෝගී තත්වයයි. බරපතල හෘද සැත්කමකට මුහුණ දී ශ්‍රීලංකාවට ඔහු පැමිණ සිටියත් තව මාස තුනක්වත් යන තුරු ශබ්ද්ධ නඟා කතා කිරීමවත් නොකළ යුතු බව වෛද්‍ය වරු ඔහුට උපදෙස් දී තිබේ. ඒ කොහොම වුණත් ජීවිත කාලය පුරා වෙහෙස වීම ඔහුට ඇකැප දෙයක් බව වෛද්‍ය නිර්දේශය බවද පැවසේ.


මේ අනුව සිය සැමියාගේ ජීවිතය ‍රැක ගැනීම වැදගත්ම දේ කරගෙන සිටීන එම ආදරණීය බිරිඳගේ වචනයට පිටින් යෑමට ගෝඨාබයට සිදු කළ නොහැක. අප මීට පෙර හෙළිදරව් කළ පරිදි ගොඨාබය ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන බවට නිශ්චිත තීන්දුව ගත්තේ සිංගපුරුවේ රෝහල් ඇ‍ඳෙහි සිටින මොහොතේදීය. ඒ මොහොතේදී වඩා බලපැවැත්වූයේ ඔහුට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් එල්ලවී තිබූ දේශපාලන බලපෑමයි.(සැබැඳිය පහළ)

පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම ගෝඨාභය වුවත් මෙම අසනීප තත්වය හමුවේ පවා ඔහු යම් හෙයකින් ඉදිරිපත් වූවත් ලෙඩෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්කර ගැනීම ගැන විශාල විවාදයක් රටේ මහජනතාව තුල ඇතිවිය හැකි නිසාත් එය දැඩි අවාසිදායක තත්වයක් වන නිසාත් පොදු ජන පෙරමුණු ගෝඨා හිතවාදී නායකයන්ද මේ වන විට ගෝඨාභය අපෙක්ෂකයා වශයෙන් නම් නොකිරීම වඩා හොඳ යැයි කල්පනා කරන්නට පටන් ගෙන තිබේ. නමුත් ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවන තෙක් ගොඨාභයගේ අපේක්ෂකත්වය ගැන ප්‍රචාරත්මක කටයුතු කරමින් තත්වය උණුසුම්ව පවත්වාගෙන යායුතු බවටත් ඇතැමෙකු යෝජනා කර තිබේ.ෙ

ඒ කොහොම වුවත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරියකු සිටියදී ඉන් ඉවත් වීමට බලපැම් සිදු කරන ලද්දේද සිය බිරිඳ විසින් බවට පසුගියද හෙළිදරව් විය. ඒ අනි තැනක් ඔහු කර ඇති ප්‍රකාශයකිනි. පවුල කියනා සැටියෙන් කරනා සැමියකු වන වන ගෝඨාබය ගන්නා දේශපාලන තීන්දු තීරණද පවුලගේ තීන්දු මිස ගෝඨාබයගේ තීන්දු නොවන බව රට වැසියා දැන්වත් දැන ගත යුතුය.

සැබැඳි පුවත: ගෝඨාභය ජනාධිපති සටනින් ඉවත් වේ...!!! සිරිසේන දැනට දිනුම්
Last m
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,398
    113
    කොහොමට හිටිය මනුස්සයෙක්ද ?
    කරුමේ ඉත්න් ගෙවලම ඉවර කරන්න එපයි
    මිනිහ අය්යා වගේ මේකප් පාරක් වත් දානවනම් වයස හංගගන්න තිබ්බා