ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙ&

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙ&

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් බව අද (15) Daily FT සහ Daily News යන පුවත්පත් වාර්තා කර තිබේ. ඇමති මංගල සමරවීරගේ සමීපතමයන් විසින් පවත්වා ගෙන යන ලීඩර් වෙබ් අඩවිය ද එම පුවත වාර්තා කර තිබේ. රාජ්ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ ඒ පිළිබඳ සටහනක් තබා ඇත.


    මේ සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ තව දුරටත් ඇමරිකානු පුරවැසියකු බවත් ඔහුගේ පුරවැසිභාවය අහෝසි වී නොමැති බවත් පැවසීමට සාක්ෂිය ලෙස ගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ මහා භාණ්ඩාගාරයේ අභ්‍යන්තර ආදායම් සේවය මගින් සෑම කාර්තුවක් අවසානයේම නිකුත් කරන ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ හෝ ඉවත් කරගත් අයගේ නාම ලේඛනයකි.


    2019 ජුනි මස 30 වෙනිදා එක්සත් ජනපදය නිකුත් කළ එම ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම නොමැති බවත් පුරවැසිභාවය ඉවත් කරගත්තේ නම් ඔහුගේ නම අදාළ ලේඛනයේ සඳහන් විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති. එහෙයින් ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකැයි ඔවුහු තර්ක කරති.


    කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුණේ 2019 අප්‍රේල් 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි බව සඳහන් කරමින් මැයි 03 වෙනි දින ඇමරිකානු රජයෙන් ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ ලේඛනය තමාට ලැබුණු බවය. ඒ අනුව ඔහු සිය ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රය එම තානාපති කාර්යාලයට භාර දුන් අතර ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ද ලබා ගත්තේය. එපමණක් නොව එමගින් සිංගප්පූරුව බලා ගොස් නැවත ලංකාවට ද පැමිණියේය.


    ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වීම පිළිබඳ නිත්‍යානුකූල ලේඛනය වන්නේ වන්නේ ඒ වෙනුවෙන් ඇමරිකානු රජය ඒ ඒ පුද්ගලයාට පෞද්ගලිකව නිකුත් කරන පුරවැසිභාවය අහෝසි වීම පිළිබඳ සහතිකය මිස ඇමරිකානු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නම් ලැයිස්තුව නොවන බව ඔවුන්ට අලුතින් කියාදිය යුුතු දෙයක් නොවේ.


    එවැනි පසුබිමක ඇමරිකානු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලේඛනයක ගෝඨාභයගේ නම නොතිබුණු පමණින් ඔහු ඇමරිකානු පුරවැසියකු යැයි හැඳින්වීමට ජාතික තලයේ පුවත්පත් සහ ආණ්ඩුවේ වගකිව යුතු මැතිඅමැතිවරු කටයුතු කිරීමේ අභිලාෂය කුමක් දැයි විවිධ දේශපාලන කවවල සාකච්ඡාවට බඳුන් වී තිබේ.


    ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වීම වෙනුවෙන් ලැබුණු ලේඛනය දැනටමත් පුවත්පත් මගින් ප්‍රසිද්ධ කර ඇති පසුබිමක මෙවැනි පදනම් විරහිත අභූත චෝදනා නැඟීම සංකේතවත් කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභයගේ ඉදිරිපත් වීම ආණ්ඩු පක්ෂයට කෙතරම් නම් අභියෝගයක් අපේක්ෂාභංගත්වයට හේතුවක් වී තිබේ ද යන්න බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.


    එසේම ගෝඨාභය රාජපක්ෂ යනු තමන්ට ඉතා පහසුවෙන් පරාජය කළ හැකි ජනාධිපති අපේක්ෂකයා බව පවසන පිරිසම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතු කර ඔහුට වඩා ශක්තිමත් අපේක්ෂකයකු ලබා ගෙන සිය ජයග්‍රහණය අවධානමේ හෙළා ගැනීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ සමච්චලයට සහ උත්ප්‍රාසයට හේතු වී ඇත. සැබවින්ම ගෝඨා දුර්වලම අපේක්ෂකයා නම් ඔහු ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ ප්‍රතිවිරුද්ධ කඳවුර සතුටු විය යුතු නොවෙද?


    මේ අතර අප කළ විමසුමක දී හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සඳහන් කළේ 2010 වසරේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරවාගත් තමාගේ නම ඇමරකානු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලේඛනයට ඇතුළත් කර තිබුණේ සිය පුරවැසිභාවය අහෝසි වී අවුරුද්දකට පසු එනම් 2011 වසරේ බවය. කිසිවකුට උවමනා නම් අපට එම ලේඛන ද ඉදිරිපත් කළ හැකිය.


    මේ පිළිබඳ ප්‍රශ්න කළ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ පවසා තිබුණේ අවශ්‍ය අවස්ථාවක තම කඳවුරේ ජනාධිපති අපේක්ෂකයාගේ පුරවැසිභාවය අහෝසි වීම පිළිබඳ ලේඛන ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවත් හර්ෂ ද සිල්වා ඒ පිළිබඳ කරදර නොවී සිය පක්ෂයේ ගැටළු නිරාකරණය කරගැනීමට යොමු වීම වඩා හොඳ බවත්ය. වඩාත් උත්ප්‍රාසජනක කරුණ වන්නේ හර්ෂ ද සිල්වා යොදාගත් ඇමරිකානු මූලාශ්‍රය අන්තර්ජලයෙන් ඉවත් කර ගැනීමට ඇමරිකාව කටයුතු කර තිබීමය.


    මේ සියලු කරුණු කාරණාවලින් තහවුරු වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීමෙන් මිස ඔහුගේ නියත ජයග්‍රහණය වළක්වාලීමට දැන් කිසිම ජගතෙකුට නොහැකි බව ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුර මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගෙන ඇති බවය. ගෝඨාභය රාජපක්ෂ වටා දින දින ඒකරාශී වන මහා ජන සන්නිපාතය දෙස බලා සිටින විට කිසිවකුට එසේ සිතීම පුදුමයට කරුණක් නම් නොවේ.

    btgotabaya20190811.jpg

    ඉඳුනිල් වික්‍රමසිංහ / emanisa.lk
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    Gotabayata kakul mattuwak dammoth e pawule ethulin thamai. Thama usa purawasikam thiyenawa kiyana eka nam mooda choon katha.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    SAjith awe nathnam kohomath GOTA. mun dennagen kawuda dinanne kiyala decide wenne kawuda ara pissu kota anura kumarawai uge gon ralai maranawa kiyala porondu wenne kiyana eka matha. eka dawasak hari colombo parak wahuwaoth ballo nawanawa wage horse walin minissu nawwoth. unge lamai pvt uni dagena sapata ahinsaka uni lamai parata genalla awwe yawwoth oya Anura kumarayawa yakada batayak dala passen maranawa kiyala kiyanne kawuda u dinananawa:):):)
     
    • Like
    Reactions: HKavinda