ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද??
ගෝඨාභය ලඟ මෝරුන් ඉන්න බව ඇත්තද??
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ගල්කිස්ස නිවස තුළ මෝරුන් ඇති කරන බව අද යම් වෙබ් අඩවි කිහිපයක දැක්කෙමි. කළකට පෙර නිවැරදි තොරතුරු නැතත් මේ පිළිබඳව පුවතක් පළ වුනේ ඉරිදා ලංකා පුවත්පතේය..ඒ මීට වසර තුනකට පමණ පෙරදීය.මේ පිළිබඳ මට මුලින්ම තොරතුරක් ලැබුනේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය..එහි පළමු තොරතුර හමු වූයේ දිනපතාම වැල්ලවත්ත මුහුදූ සීමාවෙන් උදෑසනට බවුසරයකින් මුහුදු ජලය ඒ ආසන්න ප්‍රදේශයේ නිවසකට ගෙන යන බවකි..එයද යුද හමුදා සෙබලුන් විසින් කරන්නක් බවත්,එම මුහුදු ජල බවුසරය ගල්කිස්ස හෝ දෙහිවල යම් ප්‍රභූ නිවසකට ගෙන යන බවත් එම තොරතුර පිළිබඳව සොයද්දී හමු වූ කාරනා කිහිපයකි.ඒ අනුව සොයා බැලීමේදී ඒ ආසන්නයේ ඇති වඩාත්ම ප්‍රභල ප්‍රභූ නිවස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතණුවන් වෙනුවෙන් ඉදි කළ නිවස බවත්,එහි ආරක්ෂාවට හමුදා සෙබලුන් ඇති බවත්,ලේකම්වරයා එම නිවසේ නිතර රැඳන බවත් හෙළි විය..
නිවසක මෝරුන් ඇති කළ හැකිද,හැකි නම් ඒ කෙලෙසද යන්න නොදත් කාරනා පිළිබඳව මා මීගමුවේ සුප්‍රසිද්ධ ධීවර ව්‍යාපාරිකයෙකුගෙන් විමසූ අතර මේ ගැන අසන්නත් ප්‍රථම ඔහු කීවේ ඇයි දන්නෙ නැද්ද ගෝඨාභය මහත්තයට මෝරු දුන්නෙ ........ මුදලාලිනෙ කියාය..ඔහුට අනුව මෝරුන් ඇති කිරීම සඳහා ටැංකියට නිතිපතා නැවුම් මුහුදු ජලය මාරු කළ යුතුය..එලෙසම ආහාර සඳහා පණපිටින් සාමාන්‍ය ප්‍රමානයේ මාලුවන් දිය යුතුය..මා දන්නා පරිදි සහ කියවා ඇති පරිදි යුද මානසිකත්වයෙන් හා බලයෙන් උන්මාදයට පත් වූවන්ට අමුතුම ආකාරයේ විනෝදාංශ හා ත්‍රාසය,ලේ දැකීමේ අශාව වැනි මනෝව්‍යාධීන් වලින් පෙලුන බව මා දනිමි..වගකිවයුතු පුවත් පත් මාධ්‍යවේදීයෙකු ලෙස සහ පුවත්පතක් ලෙස නිවැරදි තොරතුරු සියල්ල හා සාක්ෂි නිවැරදි තහවුරු වීමකින් තොරව පළ නොකිරීම රාවයේත්,මාගේත් ප්‍රධානම ප්‍රතිපත්තිය බැවින් එදා එය පළ නොකලේය.. ඒ අනුව යම් ලෙසක එවැනි දෙයක් තිබුණාද,තිබුණා නම් ඒ කෙලෙසද යන්න මහජනතාව වෙනුවෙන් ඔවුන් බලයේ සිටිද්දී හෙලි කිරීමට නොහැකි වීම ගැන යම් පසුතැවීමක මා පසුවේ..මා සතුව තිබූ තොරතුරු ඇත්තක් වනතුරු අද දවසේ බලා හිඳී..
මෙකී පුවත පසුපස කළක් සොයා බැලුවද ජීවිත අවදානම සහ තොරතුරු ලබා ගැනීමේ දැඩි අවදානම හෙතුවෙන් එකී කරණාව සෙවීම ඉතා මන්දගාමී විය.එලෙසම යමෙකු "ඇයි දැන් ඕවා කියන්නේ" යැයි මාගෙන් විමසිය හැක.."ඕවා මඩ" යැයි තවතෙකු කියනු ඇත..එවන් අයෙකුට කීමට ඇත්තෙ ගාලු වරායට ගොස් ටග් යාත්‍රාවක ඇති නාවික අවි ගබඩාව කාගේදැයි බලන ලෙසය..ශ්‍රී ලංකාව හරහා යන නැව් වල අවි ගබඩා කිරීමෙන් මෙරට රජයට ලැබුන මුදල් කලක පටන් ගියේ කාගේ පුද්ගලික සාක්කුවටදැයි සොයන ලෙසය..ඒ ගනුදෙනු පිලිබඳවද කළක් පුරා ම සෙව්වෙමි..මේවා පිලිබඳව දන්නා බොහෝදෙනෙකු මෙහි කොමෙන්ටු බියකින් තොරව පළ කරනු ඇතැයි ම අපේක්ෂා කරමු.මක්නිසාදයත් මේ ගැන දන්නා නමුත් ගෝඨාභය රාජපක්ෂට තිබූ බය නිසා නිහඬව සිටි මගේ මිතුරන් රාශියක් මෙහි ඇත..
පුද්ගලික ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි
මාධ්‍යවේදී
කසුන් පුස්සෙවෙල
එසේනම් ඔය අතුරුදහන් උනා කට්ටියට උන දේ මේකද ?