ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට ව&#3505

monson

Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට ව&#3505

    ගෝඨාලා හිරේ දැමු බුද්ධි අංශ නිලධාරියාට වන්දි ගෙවන්න නියෝග

    Ghotabaya%2014.jpg.JPEG


    Lasantha’s murder; SC holds Army officer’s rights violated

    The Supreme Court yesterday held that the fundamental rights of an Army Officer attached to the Intelligence Unit, who had been arrested and detained under the pretension of being a suspect regarding the murder of Journalist Lasantha Wickramathunga, have been infringed and awarded Rs.100,000 as compensation.

    The Bench comprised Justices Sisira J. De Abrew, Upaly Abeyrathne and Anil Gooneratne.

    Petitioner K. Priyawans, who was the 7th Military Intelligence Unit of the army as a Lance Corporal challenged the legality of his arrest, decisions to detain him and his long and continuing detention.

    He cited former Defence Secretary Gotabhaya Rajapaksa, DIG C.N. Wakishta of TID, OIC of the Welikada Remand Prisons, former Additional Defence Secretary S. Hettiarachchi, Inspector Bogammuwa of the TID and the Attorney General as Respondents.

    J.C. Weliamuna with Pasindu Silva instructed by Gowry Shangary Thavarasha appeared for the Petitioner. Senior State Counsel Nayomi Wickramasekera appeared for the Respondents.

    The Compensation is to be paid by Inspector Bogamuwa who arrested him.

    Petitioner stated that he was brought to the TID on 27.02.2010 and questioned inter alia as to whether he had any involvement with the murder of Lasantha Wickramathunga and whether he had associated General Sarath Fonseka. Petitioner answered the said questions in the negative.

    He stated that he was produced in the Colombo Magistrate’s Court on 26.05.2010 and was discharged from the proceedings on the basis that no further legal action would be pursued against him.

    Though he was discharged from the proceedings, he was not released from detention and instead added as a suspect to the proceedings pending the murder of Lasantha Wickramathunga, he alleged.

    He lamented that as a result, he had been in detention for more than one-year and claimed that such long and continuing deprivation of his liberty is in violation of his fundamental right to equality and to the freedom from arbitrary arrest and detention. (S.S. Selvanayagam)

    - http://www.dailymirror.lk/article/L...ds-Army-officer-s-rights-violated-123915.html

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ලසන්ත ඝාතනයේ සැබෑ තතු වසන් කිරිම සඳහා බොරු චෝදනා ඉද්රිපත් කරමින් අත්අඩංගුවටගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකුට වන්දි ගෙවන ලෙස එවකට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ඇතුළු හතරකට එරෙහිව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

    බොරු චෝදනා කරමින් තමන්ව එසේ රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු වන කේ. පියවංශ විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පත් ඩී.එස්. වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කර ලැබ සිටියහ.

    ඒ අනුව එම හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

    විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වී තිබේ.


    - http://harigossip.com/2017/02/18/a27975/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    ලසන්ත මැරුවා කියා බොරු චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා වසරක් සිර කර තැබුවාට ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය වැරදිකරු කරයි: වන්දි ගෙවන්නත් නියම කරයි

    රාජපක්ෂලාගේ ‘රණවිරු‘ උන්මාදය රෙද්ද පල්ලේ..!


    අද අපරාධකරුවන්ට රණවිරු ලේබල් අලවමින් ඩෙඟා නටන රාජපක්ෂලා එදා සැබෑ රණවිරුවන්ට ව්‍යාජ අපරාධ ලේබල් අලවා සැලකූ අන්දම හෙළිකරන අපූරු නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිණ. ඒ තම අපරාධ වසා ගැනීමට බොරු අපරාධ චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වසරක් තිස්සේ තමන්ගේම අත්සනින් සිර ගත කර තැබීම ගැන ගෝඨාභය රාජපක්ෂව වරදකරු කර වන්දි ගෙවීමටද නියම කිරීමයි.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැබෑ තතු වසන් කිරීම සඳහා බොරු චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ ලාන්ස් කෝප්‍රල් වරයෙකු වූ කේ. පියවංශ නමැත්තෙකි.

    බොරු චෝදනා කරමින් තමන්ව රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවුනේ යයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ලාන්ස් කෝප‍්‍රල් පියවංශ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණ.

    පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී.

    විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වීය


    - http://www.lankaenews.com/news/5332/si