ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය; ගෝඨාට පුළුවන්ද බැරිද? රිට් පෙත්සමේ සඳහන් කරුණු සරලව

Athila-Athawuda.jpg

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත.

එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය:-

1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 92 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත.

2. ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දරණ ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ.

3. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

4. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ.

5. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යයි.

6. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ.

7. ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරු වලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී.

8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත.

9. නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2015 නොවැම්බර් 23 වැනිදාය.

10. අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය.

11. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා එනම්‍ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේය.

12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත.

13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

14. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොණු කළ යුතු ලේඛන රාශියක් තිබේ.

15. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැළකියයුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර කිසිසේත්ම දිනක් ඇතුලත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ.

16. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත.

17. එම තත්වය යටතේ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකුද නැත්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය.

18. සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණ වේ.

19. යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ.

20. ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය සඳහා ඒ වන විට වලංගු තත්වයේ නොමැති ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංක වල විධිහීනතා ආදී කාරණා ගණනාවක් පිළිබදව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත.

නීතිඥ අථිල ආතාවුද
 
Last edited:
  • Like
Reactions: waca

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොලයක් කිව්වට මු ඔක්කොම අල කරගන්නවා සොහොන් කේස් මිග් කේස් වගේම තමයි අතේ පත්තු වෙන්නේ. අපොයි ඒ කාලේ හිතන්නේ නැතුව ඇති සපුමාල කුමාර වෙයි කියල හිටං

    p.s

    හිටන්ම මේක ඇදල ගත්තද දන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    e නිවුස් ටොන් පච අල්ලන් ගූ ඇන් පී කාරයො සිහින දකිනව..:lol::lol:

    71327265_989047564777291_2945679512957878272_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gotage votes ape pissu kotata dennna . awurudu 20k parlimenthuwe indala tiyenawa karapu wadak na but salli dena paththata anuwa kade yanawa 1994 chnadrika ,2005 mahinda ,2010 fonseka 2015 my3 , me para pissu kota and wikalpa balawega:D;);):yes: pissek raja karapu rate pissu kotek raja unata awulak na. punchi ammalata th kiyanna:yes:;):yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ.

    එහෙනම් කේස් එකක් නෑ :yes:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    මොලයක් කිව්වට මු ඔක්කොම අල කරගන්නවා සොහොන් කේස් මිග් කේස් වගේම තමයි අතේ පත්තු වෙන්නේ. අපොයි ඒ කාලේ හිතන්නේ නැතුව ඇති සපුමාල කුමාර වෙයි කියල හිටං

    p.s

    හිටන්ම මේක ඇදල ගත්තද දන්නේ නෑ

    mig nam dinala iwaryi ne raththran ashwayo wage apahasa naduwenuth dinum Sunday Leader samawath aragena 2015

    http://sinhala.adaderana.lk/news/49780/හිටපු-ආරක්ෂක-ලේකම්ගෙන්-සන්ඩේ-ලීඩර්--ආයතනය-සමාව-ඉල්ලයි-
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Gotage votes ape pissu kotata dennna . awurudu 20k parlimenthuwe indala tiyenawa karapu wadak na but salli dena paththata anuwa kade yanawa 1994 chnadrika ,2005 mahinda ,2010 fonseka 2015 my3 , me para pissu kota and wikalpa balawega:D;);):yes: pissek raja karapu rate pissu kotek raja unata awulak na. punchi ammalata th kiyanna:yes:;):yes:

    :lol::lol::lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය.

    ගෝටාබය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ හා මහාචාර්‍ය තේනුවර ඔහුගේ හැදුනුම් පත් හා ගමන් බ්ලපත් වලට අදාලව පරීක්ෂන වාර්තාද මා හොදින් හැදෑරුවා.මගේ නිගමනය ඔහුට ජනාදිපතිවරනයකට තරග කිරීමේ අයිතියක් නැතිබවය
    තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත්‍ර ප්‍රස්නය ප්මනක් ගත්තත් ඔහු සිදුකර තිබෙන වැරදි ඉතාම බරපතලයි.ඔහු ප්‍රවැසි නීති උල්ලන්ගනය කර තිබෙනවා.ආගමන ව්ගමන නීති උල්ලන්ගනය කර තිබෙනවා.කූට ලේකන සකස් කර තිබෙන බව පැහැදිලිව පෙනෙන්වා.
    ඔහු පරන හැදුනුම් පත ලබාගෙන තිබෙන්න 1976 දෙසැම්බර් 21වනදා.එහි අන්කය 491724021v.විදේශ ගමන් බලපත් අන්කය n5384975.ඔහුට ඇමරිකන් පුරවැසි බාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදා.

    පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිබාවය ලබාගත් පුදිගලයෙකුගෙ ලන්කාවෙ. පුරවැසිබාවය ස්වයන් ක්‍රීය ලෙස අහිමිවනවා.2005 ජනාදිපති මැතිවරනයෙදි ඔහු ලන්කාවට පැමින තිබෙන්නෙ ඇමරිකන් පුරවැසියෙකු ලෙස තාවකාලික සන්චාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාදිපති දූරයට තේරී පතවන්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝටාබයට ද්වීත්ව පුරවැසි බාවය ලබාදී තිබෙන්නේ නොවැම්බර් 21 වන සදුදාය.සීග්‍රගාමි වේගයකින් ඒ දේ සිදුවී තිබෙන්නේ විෂයබාර ඇමතිවරයෙකු පවා පත්නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසිබාවය සදහා එදිරිපත්කල අයදුම් පතේ ගොටා තමන් හදුන්වා ගෙන ඇත්තෙ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුලත් කූට ලේකනයක් වශයෙනි.

    ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

    නීතිය ක්‍රියාතමක වීමේදී ගෝටා සම්බන්දයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිවනොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාදිප්තිවරනයට තරග කල නොහැකිය.ඒ බරපතල වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.

    Victor Ivan :confused::rolleyes:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.

    ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
    නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
    19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගෝටා ජනාදිපති වරනයට පෙර අවුට් විය හැකිය.

    ...

    ඔහු අලුත ජාතික හැදුනුම් පත(194917210010)ලබාගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි බාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් හැදුනුම් පතක් ලබාගෙන තිබියදී 2017,2018 හා2019 යන වර්ෂ සදහා මැතිවරන නාම ලේකනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලන්ගු පරන හැදුනුම් පත යොදාගෙනය.එයද චේතනාන්විතව කරන ලද බරපතල වරදක් ලෙස සැලකිය හැකිය.ගෝටා තමන්ගේ ශ්‍රී ලන්කා විදේශ ගමන් බලපත්ත්‍රය (n 192600594)ලබාගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි බාවය තිබිය දීය.ඒ සියල්ල බරපතල වැරදි වන අතර චේතනාන්විත්ව කරතිබෙන වැරදි වශයෙන් මිස නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

    ඩුවල් සිටිසන්ශිප් තිබෙන අයට ලන්කාවේ අයිඩෙන්ටිටි කාඩ් එකක් නැද්ද
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.

    ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
    නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
    19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට

    gota naduwa paradanna one naha nomination iwara wenakan gota ge purawasi bawe thinduwa denakan

    ohuwa ayin karanna inne
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රෙසිඩන්සි කැන්ඩිඩෙට් වීමට අදාළ වන්නේ ගොටාභයට ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්ද නැද්ද යන්න මතයි.

    ඔහු අමෙරිකන් පුරවැසි බව අත්හැරියා.
    නිරායාසයෙන් ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවට පත් වෙනවා.
    19 න් ගෙනා ඩුවල් සිටිසන් ෂිප් ප්‍රශ්නෙත් නැහැ. 2003, 2005 අවශ්‍ය නැහැ මේකට
    අදාල නැත්තෙත් නෑ, අවශ්‍ය නැත්තෙත් නෑ. මුගේ ද්විත්ව පුරවැසි බව නෛතික නැත්නම්, මූ විදේශිකයෙක්, මූ කොහොමද චන්දවලට ලියාපදිංචිවුනේ, චන්දය පාවිච්චි කලේ? ඒ ඔක්කොම නීති විරෝධි දේවල් වෙනවා. මැතිවරණ නීතිය උල්ලංඝනය කරපු එකෙක්ට මැතිවරණ වලට ඉල්ලන්න බැහැ! චක බ්ලාස්!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඩුවල් සිටිසන්ශිප් තිබෙන අයට ලන්කාවේ අයිඩෙන්ටිටි කාඩ් එකක් නැද්ද
    ඩුවල් එක ගන්න කලිං මූ හැඳුනුම්පත අරං! මහා ගොනෙක් බං! :lol::lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    gota naduwa paradanna one naha nomination iwara wenakan gota ge purawasi bawe thinduwa denakan

    ohuwa ayin karanna inne

    Election commission is the decider.
    They will accept Gota's candidate as no court decision.

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.- Amathyawarayek pathkaranethnam 19ta pera janadipathi nikanma amathyansa pradaniya wenawa .. amathynsa lekam kenek nethnam ehiweda balanne janadipathi lekam . ayathanayaka pradaniya ho balaya pewaru kenekuta puluwan lekanawalata sign karanna . eka nila liyavillak wenawa ...
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අදාල නැත්තෙත් නෑ, අවශ්‍ය නැත්තෙත් නෑ. මුගේ ද්විත්ව පුරවැසි බව නෛතික නැත්නම්, මූ විදේශිකයෙක්, මූ කොහොමද චන්දවලට ලියාපදිංචිවුනේ, චන්දය පාවිච්චි කලේ? ඒ ඔක්කොම නීති විරෝධි දේවල් වෙනවා. මැතිවරණ නීතිය උල්ලංඝනය කරපු එකෙක්ට මැතිවරණ වලට ඉල්ලන්න බැහැ! චක බ්ලාස්!

    Election dept isn't investigation dept. they check whether GOTA was prisoned for 6 months. whether he has Identity card. whether he is dual citizen...

    no problem then.

    Others can hand over PETITION AGAINST GOTA.:)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.- Amathyawarayek pathkaranethnam 19ta pera janadipathi nikanma amathyansa pradaniya wenawa .. amathynsa lekam kenek nethnam ehiweda balanne janadipathi lekam . ayathanayaka pradaniya ho balaya pewaru kenekuta puluwan lekanawalata sign karanna . eka nila liyavillak wenawa ...

    උඹට වඩා නීතිය ඉගෙනගෙන තියෙන කන්ස්ටිටියුශනල් ලෝයර් කෙනෙක් මේක ලියලා තියෙන්නේ, ඒ නිසා ඔය බයියන්ගේ සිත නිවන කතා මෙතන කියන්න එපා පුතා!