ගෝඨා ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස ඝාතනය කර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Dr Munindradasa gana mamath danagatthe nathi wela kalayakata passe manussaya sahane waddek electronic & tele field eke ita amatharawa zoology (wildlife) scene eke hitapu kenek,Isreal waladi pneumonia hadila nathi une Army eke set ekak ekka wadakata giya weleka ehe :sorry:

    :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම වුනත් රටට වෙච්ච ලොකු පාඩුවක්. මේ මනුස්සයා කවුද? මොනවගේ ගතිගුණ තිබ්බ කෙනෙක්ද? රටට මොන තරම් සේවයක් කරපු කෙනෙක්ද කියලා දන්නේ නෑති, රට වෙනුවෙන් සත පහක දෙයක් නොකර රට වලපල්ලට ඈදන් යන දේශපාලුවන්ට කඩේ යන එවුන් උන්ගේ වාසියට මේ වගේ මිනිස්සු පාවිච්චි කරන එක මහ අපරාදයක්. ලන්කාවේ නෑතිව එන්ගලන්තේට වෙලා සුපිරි ජීවිතයක් ගෙවන්න තිබ්බ කෙනෙක්. අපේ ෆෑකල්ටි හෙඩ් වෙලා හිටියා කාලයක්. ඕන වෙලාවක ගිහිල්ලා සින්හලෙන් කතා කරන්න පුලුවන්, ඕන දෙයක් කතා කරලා උදව්වක් ඉල්ල ගන්න පුලුවන්. මාර මතකයක් තිබ්බ මනුස්සයෙක්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආචාර්ය අමිත් කියන්නේ පට්ට මීටරයක්. ඒ වගේම මාර සරල, රටට ආදරේ කරපු මනුස්සයෙක්. අපි ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න වාසනාවන්ත වෙච්ච කොල්ලෝ. ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමේ තව ක්ෂේත්‍ර ගණනාවක හසල දෑනුමක් තිබිච්ච මනුස්සයෙක්. ඔහු ආයුර්වේද බෙහෙත් පමණක් පාවිච්චි කලා කියන එක හුගක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ඒ ගෑන ඔහුට හොද දෑනුමකුත් තිබ්බා. ඔහුගේ මරණයෙන් වසර ගණනාවකට පස්සේ මේ වගේ ඒ මනුස්සයව දේශපාලන කුණු ගොඩට ඈද ගන්න දගලන එක පාහර වෑඩක්. තවත් තාජුඩීන් කේස් එකක් වගේ. ගෝටා ජනාදිපතිවරනයට එන්නම ඕනී උනා මේවා දාන්න. පාහර බල්ලෝ. ඒ රටක් වටින මනුස්සයව තමන්ගේ කුණු වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න හදන්නේ. සල්ලි වලට තමන්ගේ අම්මා නන්ගි හරි විකුණන බල්ලන්ට මේවා ඉතින් අමාරු වෑඩ වෙන්න බෑ. කොහොම වුනත් අමිත් සර් මතු ආත්මෙක නිවන් දකින්න ඕනී. එතකම් ආයේ මේ වගේ කුණු ගද ගහන අසමජ්ජාති රටක ඉපදෙන්න නම් එපා

    machn umba mokakda hithanne meka gena ithin ?
    i mean mewa true da ?:confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහොම වුනත් රටට වෙච්ච ලොකු පාඩුවක්. මේ මනුස්සයා කවුද? මොනවගේ ගතිගුණ තිබ්බ කෙනෙක්ද? රටට මොන තරම් සේවයක් කරපු කෙනෙක්ද කියලා දන්නේ නෑති, රට වෙනුවෙන් සත පහක දෙයක් නොකර රට වලපල්ලට ඈදන් යන දේශපාලුවන්ට කඩේ යන එවුන් උන්ගේ වාසියට මේ වගේ මිනිස්සු පාවිච්චි කරන එක මහ අපරාදයක්. ලන්කාවේ නෑතිව එන්ගලන්තේට වෙලා සුපිරි ජීවිතයක් ගෙවන්න තිබ්බ කෙනෙක්. අපේ ෆෑකල්ටි හෙඩ් වෙලා හිටියා කාලයක්. ඕන වෙලාවක ගිහිල්ලා සින්හලෙන් කතා කරන්න පුලුවන්, ඕන දෙයක් කතා කරලා උදව්වක් ඉල්ල ගන්න පුලුවන්. මාර මතකයක් තිබ්බ මනුස්සයෙක්.

    Analogue electronics ehema igannuwa neda. Mama dawasak hambela katha karala thiyanawa. Environmental subject ekakath phd ekak thibba neda. Patu dewal hinda watina jeewithayak nathi una.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    Mama danna widiyata amith munindrasa kiyanne Lankawe අයින්ස්ටයින් කියන්න පුළුවන් මනුස්සයෙක් .

    1) organic ගැන specialist කෙනෙක් .
    2) plasma TV වල theory 1 හොයාගෙන තියෙන්නෙ මිනිහා .
    3) මිනිහා england වල degree 1k කරද්දී campus lab 1k අලුත් තැනකට අරන් යන්න වෙලා .කාටවත් තේරුමක් තිබිලා නැහැ e lab equipment ගලවලා අලුත් තැන set කරන්න .අන්තිමට මිනිහා තමයි ඔක්කොම ගලවලා set කරලා තියෙන්නෙ .
    4)e campus එකෙන් ලොකු salary එකකට ඉන්න කියලා .ඒත් මිනිහා ඒක refuse කරලා .
    5)එහෙදි degree convocation එකට ගිහින් තියෙන්නෙ ජාතික ඇඳුම adala konde kada දාගෙන .( මිනිහට දිග කොණ්ඩයk thibunalu. )
    6) දෙන ඕනි වාහනයක් හදන්න පුළුවන් dial එකක් .එක පාරක් යාල ගිහිල්ලා ජීප් එකක් break down වෙලා mechanic la ගෙන්නල unuth හදන්න බැහැ කියපු ජීප් එක කැලේ ඇතුළේම ගොඩ දාල .
    7)හොඳ පරිසර වේදියෙක.මිනිහගෙ wild life photography වලට awards ලැබිල තියෙනවා .
    8) මැරෙන්න ඉස්සෙල්ලා වන අලි ගම්වලට එන එක නවත්වන්න electric belt එකක් හදාගෙන ගිහින් තියෙනවා .( x & y ඛාණ්ඩ ාංක අනුව අලියාගේ ගොදුරු ප්‍රදේශය analyse කරලා ඒකෙන් පිට පනිද්දි self electric shock වදින්න wagelu design කරලා තියෙන්නෙ .
    8)සිංහල ජාතියට පට්ටම ආදරයක් තිබ්බ මනුස්සයෙක් .ආයුර්වේද බෙහෙත් විතරයි බොන්නේ .ලොකු occasion වලට ජාතික ඇඳුම විතරයි අඳින්නේ .අපි දැකල තියෙන අනික් professor la වගේ කෙට්ටු පිංතූ dial එකක් නෙමෙයි .හෙණ හයේ හතරේ dial ekak.නිකං රිටිගල ජයසේන වගේ .
    9)multi barrel සම්බන්ධ සියළුම repair , අලුත් ඒවා inspection ඔක්කොම කරලා තියෙන්නෙ මිනිහා .හැබැයි මුකුත් course කරලා නෙවෙයි .නිකං අතපත ගාලා

    හැබැයි කවදාවත් සල්ලි වලට කඩන්න පුළුවන් dial එකක් නෙවෙි.

    මරණය wela තියෙන්නෙ niwmoniyawa නිසා කියලා තමයි කියන්නේ .හැබැයි ඒක ඝාතනයක් නම් ලොකු අපරාධයක් .අපිම උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් ...
     
    lovignedee

    Junior member
  • Jan 23, 2018
    34
    1
    8
    Colombo, Sri Lanka
    good :)

    ආචාර්ය අමිත් කියන්නේ පට්ට මීටරයක්. ඒ වගේම මාර සරල, රටට ආදරේ කරපු මනුස්සයෙක්. අපි ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න වාසනාවන්ත වෙච්ච කොල්ලෝ. ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමේ තව ක්ෂේත්‍ර ගණනාවක හසල දෑනුමක් තිබිච්ච මනුස්සයෙක්. ඔහු ආයුර්වේද බෙහෙත් පමණක් පාවිච්චි කලා කියන එක හුගක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ඒ ගෑන ඔහුට හොද දෑනුමකුත් තිබ්බා. ඔහුගේ මරණයෙන් වසර ගණනාවකට පස්සේ මේ වගේ ඒ මනුස්සයව දේශපාලන කුණු ගොඩට ඈද ගන්න දගලන එක පාහර වෑඩක්. තවත් තාජුඩීන් කේස් එකක් වගේ. ගෝටා ජනාදිපතිවරනයට එන්නම ඕනී උනා මේවා දාන්න. පාහර බල්ලෝ. ඒ රටක් වටින මනුස්සයව තමන්ගේ කුණු වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න හදන්නේ. සල්ලි වලට තමන්ගේ අම්මා නන්ගි හරි විකුණන බල්ලන්ට මේවා ඉතින් අමාරු වෑඩ වෙන්න බෑ. කොහොම වුනත් අමිත් සර් මතු ආත්මෙක නිවන් දකින්න ඕනී. එතකම් ආයේ මේ වගේ කුණු ගද ගහන අසමජ්ජාති රටක ඉපදෙන්න නම් එපා
     
    lovignedee

    Junior member
  • Jan 23, 2018
    34
    1
    8
    Colombo, Sri Lanka
    නමින් අමිත් මුණින්දද්‍රාස් වුණු ඔහුට ගොඩ

    අපේ රටේ නම ලෝකයට අරන් ගියපු සුපිරි මොළකාරියන් ගැන අපේ මිනිස්සු දන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම ඔවුන් කවුද කියලා හොයන්නත් දැන් කාලේ ඉන්න සමහර අය වැඩිය උනන්දුවක් නෑ. ඒ අතරේ අපි කවුරුත් නොදැන අපේ රටට සම්පතක් වෙලා ඉඳලා හිතපු නැති විදියකට අපි අතරින් වෙන්වුණු නිහඬ විරුවෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමෝම කතාවෙනවා.

    මේ ඔහු ගැන අපි දැනගන්න පුංචි කරුණු ටිකක්......

    ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් චෙක් ජනරජයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

    එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

    එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

    මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

    මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

    ඒ වගේම මේ සටහන දැකපු අමිත් මුණින්දද්‍රාස් ළඟින්ම ඇසුරු කරපු කිහිපදෙනෙක් ඔහු ගැන කියලා තිබුණේ මේ විදියට.....

    1. මම එතුමාව දැන ගත්තෙ හයේපන්තියේදි.නමුත් වඩාත් හොඳින් අඳුන ගත්තෙ හතේ පංතියෙ මගෙ අනිත් පැත්තෙ වාඩි වුන මිතුරා නිසා. මගේ මතකය ඔහු බොහොම නිහඬ වරිතයක් හැටියට.ඔහු කලින් සිටි විදුහලේ පුපුරන ද්‍රව්‍ය හා කල පරීකෂණ නිසා ඔහුට " බෝම්බයා " යයි අන්වර්ථ නාමයක් සැදී තිබුනි.අප සමග සිටි සජිත් ප්‍රේමදාස " fire animal" කියා ඔහුට විහිලු කර දුවපු අයුරැ තාමත් මතකයි.කුඩා කල සිට තිබූ මෙම ඇල්ම පසුකලෙක ඔහුව මෙලෙස දැවැන්ත චරිතයක් බවට පත් කරනු ඇතැයි කවුරැවත් ඒ කාලයේ සිතන්නට නැත.ඔහුගේ හදිසි වියෝව අසන්නට ලැබුනු විට ඔහුගේ සමකාලීන මිතුරන් බොහෝ කම්පා විය.ඔහුට කරන්නට තවත් බොහෝ දේ තිබෙන්නට ඇත.ඔහුගේ වටිනා සේවය ශිෂ්‍යයන්ට පමනක් නොව මුලු රටටම අහිමිවිය. දයාබර මුනියා ඔබට නිවන් සුව.

    2. මට මෙතුමාව මුණගැසුණා මගුල් ගෙදරකදි. මොහු පැමිණ සිටියේ මනමාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි අත්සන් කිරීමට. මොහු බොහෝම නිහඩව සිටියා. මම මනමාලියගේ මල්ලිගෙන් ඇහුවා ඔහු කවුද කියා. එතකොට ඔහු කිව්වා මොහු විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් කියලා. මට ඔහු ගැන හරි ආඩම්බරයක් දැනුනා.. මෙවැනි නිහතමානී උගතකු මුණ ගැසීම ගැන. අවුරුදු 02ක් ගතවුනා. මම මුලින් කියපු මනාමාලිය හදිසියේ මියගියා. අවමගුල් උත්සවයට මේ අය පැමිණියා. වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක මේවගේ මරණක් වුණේ ඇයි කියලා ඔහුගේ බිරිද මගෙන් ඇහුවා. විද්‍යාව කොතරම් දියුණු වුනත් ආයුෂ අඩුනම් ජීවිතයෙන් සමුගන්න වෙනවා කියලා මම ඇයට කිව්වා. සති දෙක තුනකින් බලාපොරොත්තු ‍නොවුන ආරංචියක් ආවා. මෙතුමා ඊශ්‍රායලයේදී නියුමෝනියාව වැළදී මිය ගිය බව. මෙය සිත් කම්පා කරවන අකල් මරණයක්. මම ගියා පානදුර පින්වත්තේ අවමංගල කටයුතු සූදානම් කරලා තිබූ නිවසට. ඒ නිවසේ සිටි අවස්ථාවේ තමයි මම දැනගත්තේ මොහු ඉතාමත් වටිනා උගත් රටට ආදරය කරපු රටට විශාල සම්පතක් වූ පුද්ගලයෙක් බව. අපිට වාසනාව නැතිනම් රටටත් වාසනාවක් නැතිනම් අපිට ඒ අය සමග වැඩි කාලයක් ඉන්න ලැබෙන්නේ නැහැ. හොද ‘ වැඩදායී පුද්ගලයෝ මේලෝකෙන් ඉක්මනින්ම නික්මෙනවා. කාටත් වැඩක් නැති පොළොවට රටට ජාතියට ලෝකෙට කරදරයක් බරක් වෙන අය වැඩි කාලයක් ලෝකයේ .ඉතිරිවෙනවා. මොහු අපෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු 10ක කාලයක් ගතවුනා. තවමත් ඹහුව මතකයේ තියෙනවා කියන්නේ ඔහු හැමෝගෙම හදවත්වල ඉන්නවා කියන එකයි. ඔහු සසර පතා ගෙන ආ ආකාරට ඔහු ප්‍රාර්ථනා කල යම්කිසි බෝධියකින් ජීවිතයේ අවසන අමා මහ නිවනට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    3. මෙතුමා මෑත කාලයේ බිහිවුන මහා විද්වතෙක්.....මොරටුව සරසවියෙ විද්යුත් සහ විදුලි සන්දේශ ඉන්ජිනේරු විද්යා අන්ශයේ ප්‍රධානියා(Head,Department of Electronics & Telecommunication Engineering ) ලෙස කටයුතු කල දක්ශ ඉන්ජිනේරුවෙක්...අනික් පැත්තෙන් යාන්තිරික ඉන්ජිනේරු විද්යාවටත්(Mechanical Eng) දක්ශය්.....වනජීවීන් සහ ඡායාරූප(Wildlife conservation & photography) කරනයට පවා අති දක්ශයෙක්....බටහිර වෛද්‍ය විද්‍යාවට එතරම් කැමැත්තක් නොදැක්වු මෙතුමා දේශිය වෙදකම ගැනත් ප්‍රවීනයෙක්....මීට අමතරව ගණිතය,තාරකා විද්යාව සහ තවත් නොයෙක් විශයන්ගෙන් දක්ශයෙක්.....මෙතුමා Liverpool University Convocation එකට Ph D එක ගන්න ගියෙත් ජාතික ඇදුම ඇදලා.....මෙතුමාගේ Extra Ordinary Brain Capacity එක නිසා ඊශ්‍රායලයේ යුධ තාක්ශණය copy කරාවි කියල බයක් මොසාඩ් එකට තිබුන කියලයි කියන්නෙ...ඒත් ඒක සාධාරණ සැක කිරීමක් පමණයි.

    4. මෙතුමාගේ නිවස සහ අපගේ මහගෙදර තිබුනේ වැට මයිමකින් වෙන්වය. මෙතුමාගේ පවුල සහ අපගේ පවුල අතර ඉතා සුහද නෑ මිතුරු කමකුත් තිබේ . කුඩා අවදියේ පානදුර ශ්‍රී සුමංගල විද්ද්‍යාලයට ගිය අතර 5 ශ්‍රේණිය කඩයිම් විබාගය හොදින් සමත්වී කොළබ රාජකීය විද්ද්‍යාලයට ඇතුලත් විය. කුඩා කල සිටම නිහතමානි චරිතයක් උ මෙතුමා. ආගම වෙනුවෙන්ද කැපවීමෙන් වැඩකෙරුවේය. මට මතකයි මගේ ලොකු අයියයා සමග මෙතුමා සෙලම් කරනවා. ඒ වගේම සරුංගලයක් හැදුවත් එය නිර්මාණය කරන්නේ වෙනස් ආකාරයකට. කුඩා කාලයේ සිටම යම් යම් මොටේර් බසිකල් කැලි ගෙනවිත් මොටෙර් බයිසිකල් නිර්මාණය කර අපගේ ගෙවල් ඉදරිපිට ඇති පාරේ පදින්නේය. සමහර විට අපිත් එම බයිසිකල් පිටිපස දුවමින් විනෝද විය. මෙතුමාගේ හසල හැකියාවන් කුඩා කල සිට දැක සිටියත් අවසාන කාලයේ මෙතුමා මෙතරම් දැවැන්ත චරිතයක් බව අපවත් නොදනිමි. මොකද ඒ තරමටම සාමාන්‍ය චරිතයක් හෙයිනි.මහාචාර්ය අමිත් මුනින්ද්‍රදාස රටට නිහඩව සේවය කල පුද්ගලයෙක් උවත් එතුමාගේ අබාවයෙන් පසුව එතුමාගේ දරුවන් දෙදෙනා සහ බිරිද වෙනුවෙන් රජයෙන් කිසිදු පහසුකමක් සපයා නැති බවා මහාචාර්ය අමිත් මහතාගේ මව අපගේ නෑදෑයන් විටෙක පවසා ඇත. කණගාටුවට කරුණක් නම් මෙවන් වටිනා පුද්ගලයන් රැක ගැනීමට වගකියයුතු නිලදාරීන් නිසි ලෙස ක්‍රියා කෙරුවේද නැද්ද යන්නය. මොකද එතුමාගේ මරණය අදටත් සැක සහිතයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඔය උට්ට වල් දැම්ම කියලා දැන් වැඩක් නැ
    ගොටා අවොත් ගේමක් නැතුව දිනනවා
    මේ උට්ටිගේ පුතාලා දැන් මිනිස්සුන්ට එපාම වෙලා තියෙන්නේ
    ගැහුව පදෙකුත් නැ බෙරේ පලුවකුත් නැ
     
    • Haha
    Reactions: maleesha udan

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආචාර්ය අමිත් කියන්නේ පට්ට මීටරයක්. ඒ වගේම මාර සරල, රටට ආදරේ කරපු මනුස්සයෙක්. අපි ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න වාසනාවන්ත වෙච්ච කොල්ලෝ. ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමේ තව ක්ෂේත්‍ර ගණනාවක හසල දෑනුමක් තිබිච්ච මනුස්සයෙක්. ඔහු ආයුර්වේද බෙහෙත් පමණක් පාවිච්චි කලා කියන එක හුගක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ඒ ගෑන ඔහුට හොද දෑනුමකුත් තිබ්බා. ඔහුගේ මරණයෙන් වසර ගණනාවකට පස්සේ මේ වගේ ඒ මනුස්සයව දේශපාලන කුණු ගොඩට ඈද ගන්න දගලන එක පාහර වෑඩක්. තවත් තාජුඩීන් කේස් එකක් වගේ. ගෝටා ජනාදිපතිවරනයට එන්නම ඕනී උනා මේවා දාන්න. පාහර බල්ලෝ. ඒ රටක් වටින මනුස්සයව තමන්ගේ කුණු වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න හදන්නේ. සල්ලි වලට තමන්ගේ අම්මා නන්ගි හරි විකුණන බල්ලන්ට මේවා ඉතින් අමාරු වෑඩ වෙන්න බෑ. කොහොම වුනත් අමිත් සර් මතු ආත්මෙක නිවන් දකින්න ඕනී. එතකම් ආයේ මේ වගේ කුණු ගද ගහන අසමජ්ජාති රටක ඉපදෙන්න නම් එපා

    ගෝටා ජනාදිපතිවරනයට එන්නම ඕනී උනා මේවා දාන්න. පාහර බල්ලෝ. ඒ රටක් වටින මනුස්සයව තමන්ගේ කුණු වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න හදන්නේ. සල්ලි වලට තමන්ගේ අම්මා නන්ගි හරි විකුණන බල්ලන්ට මේවා ඉතින් අමාරු වෑඩ වෙන්න බෑ.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අමන හැත්ත. මේ වගේ ගොන් පාට් වලින් කඩන්න පුලුවන් දුර්වල ඡන්ද පදනමක් නෙමෙයි ගෝඨාට තියෙන්නෙ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආචාර්ය අමිත් කියන්නේ පට්ට මීටරයක්. ඒ වගේම මාර සරල, රටට ආදරේ කරපු මනුස්සයෙක්. අපි ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න වාසනාවන්ත වෙච්ච කොල්ලෝ. ඉලෙක්ට්‍රොනික් විතරක් නෙමේ තව ක්ෂේත්‍ර ගණනාවක හසල දෑනුමක් තිබිච්ච මනුස්සයෙක්. ඔහු ආයුර්වේද බෙහෙත් පමණක් පාවිච්චි කලා කියන එක හුගක් අය විශ්වාස කරන දෙයක්. ඒ වගේම ඒ ගෑන ඔහුට හොද දෑනුමකුත් තිබ්බා. ඔහුගේ මරණයෙන් වසර ගණනාවකට පස්සේ මේ වගේ ඒ මනුස්සයව දේශපාලන කුණු ගොඩට ඈද ගන්න දගලන එක පාහර වෑඩක්. තවත් තාජුඩීන් කේස් එකක් වගේ. ගෝටා ජනාදිපතිවරනයට එන්නම ඕනී උනා මේවා දාන්න. පාහර බල්ලෝ. ඒ රටක් වටින මනුස්සයව තමන්ගේ කුණු වුවමනා වෙනුවෙන් පාවිච්චි කරන්න හදන්නේ. සල්ලි වලට තමන්ගේ අම්මා නන්ගි හරි විකුණන බල්ලන්ට මේවා ඉතින් අමාරු වෑඩ වෙන්න බෑ. කොහොම වුනත් අමිත් සර් මතු ආත්මෙක නිවන් දකින්න ඕනී. එතකම් ආයේ මේ වගේ කුණු ගද ගහන අසමජ්ජාති රටක ඉපදෙන්න නම් එපා

    You are from Moratuwa UNI too.? I also used to know him and work with him. :D