ගෝඨා කවුද?

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    cfd71a0d99.jpg

    ගෝඨාභය පිළිබඳ බෙහෙවින් කතාබහට ලක්වන වෙනත් කාලයක් තිබුණේ නැති තරම්ය. ඒ තරමටම ආණ්ඩු පක්ෂයේ බහුතරයකුත් විපක්ෂයේ බහුතරයකුත් ගෝඨා ගැන කතා වෙන්නේ රටේ තීරණාත්මක කාලවකවානුවකදීය.
    "ජනාධිපතිවරණයට එන්නේ ගෝඨා"
    "ගෝඨා එන්නෙ නෑ. එන්නෙ බැසිල්"
    "මහින්ද තමයි තීරණය ගන්නෙ. සමහර විට මධ්‍යස්ථ කෙනෙක් වන චමල්ව දාන්න පුළුවන්"
    "බැසිලුත් නෙවෙයි, ගෝඨාත් නෙවෙයි, ශිරන්තිව දාන්නත් පුළුවන්"
    "ඔය කවුරුවත් නොවේ දාන්නෙ දිනේෂ්ව"

    මේ රටේ තොටේ ජනතාව හැම තැනම කතා වෙන දේය. එයින් බහුතරයකගේ කැමැත්ත මේ අතරින් කවුරුන් හෝ විය හැකිය. එහෙත් එය මහින්ද අතේ තියෙන තීන්දුවක් නිසා ජනතාව අතර මේ ගැන උනන්දුවක් ඇති අය සිතන්නේ ඒ ගෝඨා විය හැකිම බවය. එසේ නොවේ නම් බැසිල් හෝ චමල් විය හැකි බවය. කෙසේ වෙතත් 'ගෝඨා' සාධකය ප්‍රබලය. ඒ නිසාම මහින්ද පිලේ ලොකුම තුරුම්පුවක් වන්නේ ගෝඨා විය හැකිය.

    එසේ නම් විරුද්ධ පාර්ශ්වයේ එනම් රනිල් පිලේ විරෝධතාව එළිපිට දැක්වූයේ නැතිවුවත් ගෝඨා යම් කතාබහකට ලක්වූ අයකු වී හමාරය. එබැවින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් නොව එකී භූමිකාවෙන් බැහැරව ගෝඨා ජනාධිපති අපේක්ෂකයකු වන්නේ නම් ඔහුට ඒ සඳහා ඇති සුදුසුකම කුමක්දැයි විමසිය යුතුය.

    ගෝඨා ආරක්ෂක ලේකම් වන්නට පෙර යුද බිමේ සටන් පෙරමුණේ ඉදිරියෙන්ම සිටි සෙන්පතියකු නිසා යුද බිමෙන් දේශපාලන කරළියට පැමිණි ලෝකයේ බලවත් රාජ්‍යයන්ගේ නායකයන් සිහිපත් කරවන්නේය. ඔවුන්ද යම් දැක්මක් සහිත වූවෝ වෙති.

    ගෝඨා ජනාධිපති තරගයට දමන්නේ නම් උතුරු නැඟෙනහිර ඡන්ද සඳහා ඔහුගේ ආමන්ත්‍රණය හා දැක්ම වැදගත්ය. ගෝඨා උතුරු නැඟෙනහිර ජනතාවගේ සැබෑම ප්‍රශ්නය ඇති තැන හඳුනාගත් හැටි දක්වන්නේ මෙසේය.

    "උතුරේ ජනතාවට දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස අවශ්‍යයි. කොටි සංවිධානය පරාජයට වඩා ලොකුම ජයග්‍රහණය හැටියට මා සලකන්නේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ සංවර්ධනයයි. අන්තර්ජාතික ප්‍රජාව හෝ අන්තර්ජාතික සංවිධාන මේ තත්ත්වය තවම හඳුනාගෙන නැහැ. 2009-2014 අපි බොහෝ දේ ලබා ගත්තා. ඒ කෙටි කාලයේදී යටිතල පහසුකම් ඇති කළා පමණක් නොව දේශපාලන වශයෙන්ද බොහෝ දේ ඇති කර ගත්තා. මා තදින්ම විශ්වාස කරන්නේ උතුරේ ආර්ථික නිදහස ඉතා වැදගත් බවයි. දේශපාලන නිදහසට පෙර ආර්ථික නිදහස ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒ නිසයි"

    ගෝඨාභය රාජපක්ෂ
    2018.04.10

    දෙමළ ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන ඊනියා දෙමළ දේශපාලන නායකයන්ගේ බොරුව හෙළි කරන ගෝඨා උතුරේ ජනතාවගේ අත මිට සරුවන වැඩසටහනකට සිත යොමන බව ඉඟි කරයි. ප්‍රභාකරන්ලාට එකතු වූ දෙමළ තරුණ තරුණියන්ට එදා නොලැබුණු ආර්ථික නිදහස වත්මන් දෙමළ තරුණ තරුණියන්ට ලබාදීමෙන් ඔවුන් අවි ඔසවන තැනින් මුදා ගන්නා තැනකට ගෙන ඒම ගෝඨාගේ දැක්ම බව පෙනේ.

    රටට සංවර්ධනය පිළිබඳ කතිකාවක් අවශ්‍ය බව ගෝඨා කියන්නේය. එය පවතින සංවර්ධනයට පිටින් යන යථාවාදී එකක්ද නැත්ද යන්න පිළිබඳ කතිකාවක් රට තුළ ඇතිවූයේ ගෝඨා දැක්වූ අදහසක් නිසාය.

    "හරි නායකත්වයක් ලබාදී කැපකිරීමකට යොමුකර හරි අරමුණක් ලබාදී ඉදිරියට යනවා නම් සාර්ථකත්වය අහිමි වන්නේ නැත. ජනතාව නිරන්තරයෙන් නායකත්වය දෙස බලති. නායකත්වය අවංක යැයි ජනතාවට හැඟෙන්නේ නම් හරි අරමුණක් කරා ගමන් කරන බව වැටහෙන්නේ නම් ක්‍රමයෙන් අනෙක් අයත් ඒ වෙත යොමු කරවන්නට පුළුවන. ආයතනයක් වුවත් රටක් වුවත් දියුණු කළ හැක්කේ එලෙස යොමු කිරීමෙනි. ලෝකයේ දියුණු රටවල් මෙන්ම ආයතනද සනාථ කරන ඇත්ත එයයි. ලංකාවේ අපි සිටින්නේ එවන් තැනකදැයි ආපසු හැරී බැලීම අවශ්‍යය".

    ගෝඨාභය රාජපක්ෂ
    2018-04-12 පුවත්පතකට

    රටක් සංවර්ධනය කළ හැක්කේ ස්ථිර දැක්මක් සහිත අරමුණක් වෙත යෑමෙන් බව මින් ධ්වනිතය. එය සෘජු තීන්දු තීරණ හා බැඳුනකි. එබැවින් ගෝඨා කියන හැටියට සංවර්ධනයට නව කතිකාවක් අවශ්‍යය. එමෙන්ම රටේ දිළිඳුකම පිටුදැකීම සඳහාද ඔහු දක්වන අදහස වෙනස් වූවකි.

    "දිළිඳුකම පිටුදැකීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව අපි දනිමු. එසේ තිබියදීත් දිළිඳුකම තුරන්ව නැත්තේ ඒවා නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙනි. ඒ වගේම මේවායේ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තේ කාටද යන්න නිවැරැදිව සොයා බලා කටයුතු නොකිරීමද මේ අසාර්ථකත්වයට හේතුවකි. මූල්‍ය ආධාර දීමෙන් පමණක්ම දිළිඳුකම තුරන් කළ නොහැකි බවද මේ හරහා තහවුරු කර තිබේ. පුද්ගලයන්ගේ හැකියාව වර්ධනය කිරීමෙන් පමණක් මේ අභියෝගය ජයගත හැකි බවද අමතක නොකළ යුතුය.

    මේ පිරිස්වලට රැකියාවක් කිරීමට ඇති හැකියාව දියුණු කිරීමෙන් දිළිඳුකමට විසඳුම් ලබාගැනීමට හැකි වනු ඇත. දිළිඳු අය ජීවත්වන ප්‍රදේශයෙන්ම මේ හැකියාව ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට පුළුවන. දීර්ඝ කාලයක් තිස්සේ යම් වැඩසටහන් ක්‍රියාවට නංවා ඒවායෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රශ්නයක් නිසා විය හැකිය. ඒ නිසා මූලිකව මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම මෙහිදී අතිශයින් වැදගත්ය".

    ගෝඨාභය රාජපක්ෂ
    2018-05-03

    නගර අලංකරණය ගැන ගෝඨාට හොඳ ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණු නිසා පක්ෂ විපක්ෂ කවුරුත් ඒ ගැන පැසසුම් කිරීමට පසුබට නොවෙති. රටේ ප්‍රධානම ප්‍රශ්නයක් වී ඇති, සංවර්ධනයට බාධාවක් වී ඇති වාහන තදබදය ගැනද ගෝඨා අලුත් අදහස් ඇතිව කතා කිරීම කතාබහට ලක්වූවකි. මේ ඒ ගැන ගෝඨා පුවත්පතකට කියූවකි.

    "නගරයෙන් එපිට රථගාලක මෝටර් රථය නවතා පොදු ප්‍රවාහනයේ ගමන් කරන සංකල්පය ර්ථීචපඬ චදඤ පඪඤඥ පෙරට ගන්නට පුළුවන. බොහෝ මෝටර් රථ පාවිච්චි වන්නේ කාර්යාලවලට යෑමට පමණි. මේවායේ බොහොමයක ගමන් කරන්නේ තනි පුද්ගලයෙකි. මේ පුද්ගලයාට වඩා පහසුවෙන් තමන්ගේ කාර්යාලයට යෑමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නේ නම් අතිශය බහුතරය එය ප්‍රයෝජනයට ගැනීමට පසුබට නොවනු ඇත. මේ සංකල්පය ක්‍රියාවට නැංවීමේදී උසස් ප්‍රමිතියේ සැප පහසු බස් රථ සේවයට එක් කළ යුතුය. මේ සංකල්පයේදී මොරටුව, මාලබේ, කඩවත ආදී ප්‍රදේශවල ප්‍රමාණවත් වාහන නැවතුම් පොළවල් ගොඩනඟන්නට පුළුවන. එම ස්ථානවලින් දියුණු පොදු ප්‍රවාහන සේවා විවිධ ප්‍රදේශවලට ආරම්භ කළ හැකිය. ඒ වගේම සවස් කාලයේ මේ ක්‍රියාවලිය අනෙක් දිශාවට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වූවකි".

    මොනෝ රේල් රථවාහන තදබදයට හොඳ විසඳුමකි. බොහෝ රටවල මෙය භාවිත වන ක්‍රමයකි. මාලබේ සිට බොරැල්ලටත් එතැන් සිට ඇස්වාට්ටුවට, කොටුවට, කොල්ලුපිටියට, කොටහේනට, මොනෝ රේල් ධාවන කිරීමේ සැලසුමක් තිබිණි.

    ගෝඨාභය රාජපක්ෂ
    2018-06-17

    රටේ දැවෙන ප්‍රශ්නයක් වූ කුණු කසළ බැහැර කිරීමේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් තවමත් ලැබී නැති මොහොතක ගෝඨාගේ දැක්ම මෙසේ විස්තර කර ඇත.

    "කසළ නිෂ්කාශනයට ක්‍රමවේදයක් යෙදිය යුත්තේ මධ්‍යම රජයේ මැදිහත් වීමෙනි. දුප්පත් පොහොසත්, දියුණු නොදියුණු, සංවර්ධනය වෙමින් පවත්නා සෑම රටකටම කසළ නිෂ්කාශනය ප්‍රශ්නයට මුහුණ දීමට සිදුව තිබේ. එනිසා මේ ප්‍රශ්නය ලංකාවට පමණක් සීමා වූ කාරණාවක් නොවේ. අනෙක් රටවල් මේ සම්බන්ධව විවිධ පර්යේෂණ කර, විවිධ ක්‍රම යොදා ඉහළ තත්ත්වයකට කසළ කළමනාකරණය පත් කරගෙන තිබේ. ඒ නිසා මේ චක්‍රය අලුතෙන් සෙවීමේ වුවමනාවක් අපට නැත. සාර්ථකව මේ කටයුත්ත කෙරෙන රටවල් පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් කර ඒවායෙන් හොඳම ක්‍රමවේදය අපේ රටට ගළපාගන්නට පුළුවන. කසළ පුලුස්සා ඉන්ධනයක් ලෙස භාවිතයට ගෙන විදුලිය බවට හැරවීමේ තවත් ක්‍රමයකි. චීනයේ කසළ පුලුස්සා විදුලිය නිපදවන ව්‍යාපෘතියට දිනකට කසළ මෙටි්‍රක් ටොන් 2,000ක් ගෙනැවිත් පිළිසකර කරනු ලැබේ. කොළඹ, කඩුවෙල, මහරගම ආදී ප්‍රදේශවල කසළ ප්‍රශ්නයට ටොන් 2,000ක පමණ මෙවන් ව්‍යාපෘතියකින් ස්ථිර විසඳුමක් සොයන්නට පුළුවන".

    ගෝඨාභය රාජපක්ෂ
    2018-05-24

    ගෝඨා තායිලන්තය වැනි රටවල ආදර්ශ හඳුනාගත් බවක් මතු කරමින් කුඩා ව්‍යාපාර හා ව්‍යවසායකයා පිළිබඳ නව දැක්මකින් කතා කිරීමද කතාබහට ලක්කළ යුතුව තිබෙන්නකි.
    "කුඩා හා මධ්‍යම ව්‍යවසාය බිහිකර දියුණු කිරීමේදී ඒවා මුල් කාලයේදී නිසි විගණනයකට ලක් කිරීම, නවීන තාක්ෂණය හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන්ද යම් ක්‍රමවේදයක් යොදන්නේ නම් සාර්ථක වීම ලබන්නට පුළුවන. මහා පරිමාණ ව්‍යවසායකයන්ට මේ වෙනුවෙන් සිත නැවෙන්නට පුළුවන. ඔවුන්ගේ සමාජ වගකීම් ව්‍යාපෘතිවලින් යම් කොටසක් මෙවන් ක්‍රියාවලියකට යොදන්නේ නම් ඔවුන්ට මෙන්ම සමාජයටත් ඵලදායී වනු ඇත. තමන්ට ව්‍යවසායකයකු විය හැකි බවට විශ්වාසයක් සමාජයේ සෑම කෙනකු තුළම ගොඩනැඟීම මෙහි මූලික අරමුණ විය යුතුය. රැකියා සොයන්නකු වෙනුවට රැකියා නිපදවන්නකු බවට පත්කිරීම මේ හරහා සිදුවිය යුතුය"

    ගෝඨාභය රාජපක්ෂ
    2018-05-31

    ගෝඨාභය පිළිබඳ විවිධ කතා පැතිර යන වෙලාවක ඔහු දක්වන දැක්ම කතාබහට ලක්වීම කළ යුත්තකි. රටට අවශ්‍යව ඇත්තේ දර්ශනයක් සහිතව නිවැරැදිව ගමනක් යා හැකි පිරිසක් වන නිසා මේ කියැවීම කළ යුත්තකි.

    ගෝඨා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එසේ නොවූවද මේ කියැවීම් වැදගත්ය. මීට සාරවත් යමක් එකතු කරන ප්‍රබුද්ධයන් සමඟ යහපත් සැලසුම් සැකසිය යුතුය. එය රටට අවශ්‍ය දර්ශනය ගොඩනඟන්නට සමත් වීමට මඟ පාදන්නේය.

    ගෝඨාභය නමැති සාධකය සමාජය තුළ කතාබහට ලක්වන්නේ විවිධ පැතිකඩ ඔස්සේ වුවත් මේ සංවාදය රට පුරා කෙරිය යුත්තේය.

    එහි ඵලය වන්නේ යහපත් වැඩපිළිවෙළක් ඉදිරියට මතුවීමය. එම මඟ යා යුත්තේ කෙසේදැයි කවුරු කවුරුත් සිතිය යුතුය. නිමැවුම් කළ යුතුය. එකට එකතු විය යුතුය.


    උපුටා ගැනිම මව්බිම
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ගෝටා යනු අමුම අමු මිනීමරුවෙකි! පල් හොරෙකි! නිවට බයගුල්ලෙකි! පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු මස්තබාල්දු හිවලෙකි!


    onna sudu van ekak duwapan :lol: :lol: :lol:
     

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    කාටවත් කඩේ යන්න එපා. මහින්ද රාජපක්ෂ​ යුගය ඉවරයි. ඒක ඉවර වුනා නෙමෙයි බලෙන් ඉවර කෙරෙව්වා.:angry: ඒකට බැසිල් රාජපක්‍ෂ​, ගෝඨාභය රාජපක්‍ෂ​, නාමල් රාජපක්‍ෂ සහ එවකට ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි. පවතින වාතාවරනෙත් එක්ක ගෝඨාභය ජනාධිපතිවරණෙට එන්නේ නැහැ . බැසිල් රාජපක්‍ෂ තමයි තරගෙට එන්නෙ. කවුරු ආවත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ නෑ. මේ ජාරා දේශපාලකයන් ගෙන් තොර පුද්ගලයෙක් ජානාධිපති වෙනකල් මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ​


    33806393_377335626091139_2300414844861415424_n.jpg
     
    • Like
    Reactions: mayadmax

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    කාටවත් කඩේ යන්න එපා. මහින්ද රාජපක්ෂ​ යුගය ඉවරයි. ඒක ඉවර වුනා නෙමෙයි බලෙන් ඉවර කෙරෙව්වා.:angry: ඒකට බැසිල් රාජපක්‍ෂ​, ගෝඨාභය රාජපක්‍ෂ​, නාමල් රාජපක්‍ෂ සහ එවකට ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි. පවතින වාතාවරනෙත් එක්ක ගෝඨාභය ජනාධිපතිවරණෙට එන්නේ නැහැ . බැසිල් රාජපක්‍ෂ තමයි තරගෙට එන්නෙ. කවුරු ආවත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ නෑ. මේ ජාරා දේශපාලකයන් ගෙන් තොර පුද්ගලයෙක් ජානාධිපති වෙනකල් මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ​



    33806393_377335626091139_2300414844861415424_n.jpg


    HA RANILTA DEMUDA?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ගෝටා යනු අමුම අමු මිනීමරුවෙකි! පල් හොරෙකි! නිවට බයගුල්ලෙකි! පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු මස්තබාල්දු හිවලෙකි!


    පාසැල් ළමුන්ට මහපාරේ වෙඩිතැබූ, පැන්ෂන් එකක් එල්ලපු තරුණයින් ගාතනය කල මිනීමරුවෙකි !!
     
    • Like
    Reactions: Oli_Vili

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ම්පි

    කාටවත් කඩේ යන්න එපා. මහින්ද රාජපක්ෂ​ යුගය ඉවරයි. ඒක ඉවර වුනා නෙමෙයි බලෙන් ඉවර කෙරෙව්වා.:angry: ඒකට බැසිල් රාජපක්‍ෂ​, ගෝඨාභය රාජපක්‍ෂ​, නාමල් රාජපක්‍ෂ සහ එවකට ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි. පවතින වාතාවරනෙත් එක්ක ගෝඨාභය ජනාධිපතිවරණෙට එන්නේ නැහැ . බැසිල් රාජපක්‍ෂ තමයි තරගෙට එන්නෙ. කවුරු ආවත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ නෑ. මේ ජාරා දේශපාලකයන් ගෙන් තොර පුද්ගලයෙක් ජානාධිපති වෙනකල් මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ​


    33806393_377335626091139_2300414844861415424_n.jpg
    Anura kumaratada machan denna one
     
    • Like
    Reactions: JayeSL

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Anura kumaratada machan denna one
    ඔව් බන් ඒ වගේ පක්ෂෙක එකෙක්ට තමා දෙන්න ඕනෙ. මේ ඉන්න අනිත් එවුන් ඔක්කොම මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාලෙ උනුයි උන්ගෙ පවුලුයි ගොඩදාගන්නව විතරයි. ඒත් අනුර කුමාර වගේ මිනිස්සුන්ව තමන්ගෙ පාලකය කරගන්න තරම් ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නෑ. ලංකාවෙ මිනිස්සු තාමත් ගෝත්‍රිකයි. ලංකාවෙ උන් තාමත් ඉන්නෙ ගල් යුගේ වහල් මානසිකත්වයෙන්. උන්ට ඕනෙ පාලකයෙක් නෙමේ රජෙක්. උන්ට ඕනෙ පුරවැසියෙක් වෙන්න නෙමේ වහලෙක් වෙන්න.
     
    • Like
    Reactions: errors

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඔව් බන් ඒ වගේ පක්ෂෙක එකෙක්ට තමා දෙන්න ඕනෙ. මේ ඉන්න අනිත් එවුන් ඔක්කොම මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාලෙ උනුයි උන්ගෙ පවුලුයි ගොඩදාගන්නව විතරයි. ඒත් අනුර කුමාර වගේ මිනිස්සුන්ව තමන්ගෙ පාලකය කරගන්න තරම් ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නෑ. ලංකාවෙ මිනිස්සු තාමත් ගෝත්‍රිකයි. ලංකාවෙ උන් තාමත් ඉන්නෙ ගල් යුගේ වහල් මානසිකත්වයෙන්. උන්ට ඕනෙ පාලකයෙක් නෙමේ රජෙක්. උන්ට ඕනෙ පුරවැසියෙක් වෙන්න නෙමේ වහලෙක් වෙන්න.

    :lol::lol::lol: