ගෝඨා ගේම ඉල්ලයි
ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අලළා කරන ලද ප්‍රකාශ පිළිබඳ මුස්ලිම් ජනතාවගේ දැඩි කලකිරීම පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය ප්‍රකාශ කරයි.
ආරක්ෂක සම්මන්ත්‍රණය අමතා කල දේශනයේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කල ආකාරයේ මුස්ලිම් අන්තවාදී කොටස් හෝ සන්නද්ධ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවන බව පවසන මෙම නිවේදනය තව දුරටත් අවධාරණය කර සිටින්නේ ගැටුම් පැවති තිස් වසරක කාලයක් තුල කිසිදු පැකිළීමකින් තොර ව රජයට සහාය දුන් මුස්ලිම් ප්‍රජාව සන්නද්ධ නැගිටීමකට කිසි විටෙක සම්බන්ධ නොවූ බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශ, සුළු ජන ප්‍රජාවට එරෙහි වෛරය කුළුගැන්වෙන ආකාරයේ ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කරන අන්තවාදී සංවිධාන විසින් කරන ප්‍රකාශයන්ට ලබා දුන් සහතිකයක් ලෙස මෙන්ම ඔවුන්ගේ ක්‍රියාදාමයට ලබා දුන් රාජ්‍ය අනුග්‍රහයක් ලෙස සලකා ඇති බවද ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.
මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකාවේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් පුර්ණ කැපවීමෙන් කටයුතු කරන බවට සහතික විය හැකි බව පවසන මුස්ලිම් ප්‍රජා නායකයෝ, මුස්ලිම් ජනතාව අතර සන්නද්ධ කල්ලි සිටිතැයි එල්ල කර ඇති චෝදනා පිළිබඳව සිදු කෙරෙන සියලු පරීක්ෂණ වලට සහාය දීමට සුදානම් බවද ප්‍රකාශ කර සිටිති.
මාතෘභූමියේ උන්නතිය සලකා කලින් සිදු කළ ප්‍රකාශය නිවැරදි කිරීමේ උත්සාහයක් වෙත ආරක්ෂක ලේකම් වරයා යොමු වන්නේ නම් ඒ පිළිබඳ තම ප්‍රසාදය පල වන්නේ යැයි ද ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය ප්‍රකාශ කරයි.
lanka C news