"ගෝඨා බිය"

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
"ගෝඨා බිය" ඇතිකරන්න ගෝඨාබය හිතන් ඇති - අනුර දිසානායක ප්‍රධාන පුවත 2010 ජනවාරි 31 වෙනි ඉරිදා, 14:34
jvp20100131_01.jpg
තර්ජන සහ බියවැද්දීම් තුළින් "ගෝඨා බිය" ඇති කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිතනවා විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි.


අද පැවැති ප්‍රවෘතිත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කිසිවකින් බිය වැද්දිය හැකි පක්ෂයක් නොවන බවයි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"සරත් ෆොන්සේකා මහතාට උදව් කළ පක්‍ෂවල ප‍්‍රධාන සටන් පාඨය වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න කියන එක. දැන් ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන් පේනවා මේ යන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක්. බව. ඔබට මතක ඇති ජාතික රූපවාහිනිය ඉඩි අමීන්, හිට්ලර් වැනි චිත‍්‍රපට පෙන්නුවා. දැන් ඒ පාලනය ස්ථාපතික කරමින් තිබෙනවා.

ලංකා පුවත්පත තහනම් කොට එහි කාර්යාලය මුද්‍රා තබා තිබෙනවා. 70 දශකයේ දවස පුවත්පත් කාර්යාලය හා පුවත්පත මුද්‍රා තැබුවාට පසුව අවුරුදු 40කට පසුවයි එවැනි සිදුවීමක් සිදු වුණේ. පුවත්පත තහනම් කරන්න හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ලංකා පුවත්පතේ ලිපි මගින් ත‍්‍රස්ත විමර්ශන කටයුතුවලට බාධා පැමිණෙනවා සහ රාජ්‍යයේ කටයුතු හෙළිදරව් කරනවා කියලා. ලංකා පුවත්පත ආණ්ඩුවේ වංචා ¥ෂණ හෙළි කළා. ත‍්‍රස්තවාදයට මුවා වී සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා හෙළිදරව් කළා. එය තමයි ජනමාධ්‍යයක වගකීම. එම පුවත්පතේ අයිතිකරුවන් හා මාධ්‍යවේදීන් ඒ කාර්යය මැනවින් ඉටු කළා. ඒ පිළිබඳ ඇගැයීමක් අපට තිබෙනවා.

ඒ වගේම ලංකා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා දින 90කට රඳවාගෙන තිබෙනවා. පුවත්පතේ වැඩ කරන තවත් මාධ්‍යවේදීන් රැසක් පසුපස මර්දනයේ හස්තය පැමිණෙමින් තිබෙනවා.

ඒ වගේම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය වසා දමා තිබෙනවා. එහි මාධ්‍යවේදියකු පැහැරගෙන ගොස් තිබෙනවා, අද වන තුරු ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැහැ. එම මාධ්‍ය ආයතනය අවට නාඳුනන සන්නද්ධ පිරිසක් සැරිසරනවා. වෙබ් අඩවියට දිගින් දිගටම තාක්‍ෂණික බාධා එල්ල වුණා. එම වෙබ් අඩවිය පිළිබඳව අපට යම් යම් විවේචන තිබෙනවා, නමුත් ඔවුන් පසුගිය කාලය පුරා ආණ්ඩුවේ විවිධ ¥ෂණ පිළිබඳව තොරතුරු අනාවරණය කළා.

මෙය නොවේද ඉඩි අමීන් වර්ගයේ පාලනය?
ජනාධිපතිවරණයේදී අපි අනතුරු ඇගෙව්වා රාජපක්‍ෂ පාලනය ඒකාධිපති වියරුවකට ගමන් කරමින් තිබෙන බව. දැන් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ එයයි. දැන් එය එළිපිට ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ අපේ පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ සහෝදරයාට දුරකතනයෙන් කතා කොට තර්ජය කළා. ගෝඨබය හිතනවා ඇති "ගෝඨා බිය" ඇති කරන්න පුළුවන් කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ බිය ගන්වන්න ඔය කිසිවෙකුටත් බැහැ.

මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් ගොඩ නැගිය යුතුයි. ඒ වෙනුවෙන් සක‍්‍රියව කටයුතු කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්."

jvp20100131_02.jpg

මෙම මාධ්‍ය හමුව‍ට ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් සහ මධ්‍යම කමිටු සාමාජික දුමින්ද නාගමුව යන මහත්වරුද සහභාගී වූහ.
 

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Oya ela-kiri eken yanawa kiyala ke gahuwa neda???

    ai me tawat awit apita pawu denne??
    election eka iwarai danwat paduwe inna
    oyalage ala sara bite wela iwarai

    wena weda nadda oyata minissunta mada gahanawa arenna. oya bedala ne neda oyata kellekut ne ne neda???(I assum that ur not GAY if so pls apply for refugee visa n go to canada there gay marrages are legal..:P )
    oyawage oluwa upset yanawa nisi kalata owa nokerunama...mata hari dukai:no::no::no:
    kellek (or even an aunty) hoya ganna balanna oya gati adu wei

    get a life man
    may god forgive ur soul......
     
    • Like
    Reactions: thelaa rox