ගෝඨා භාරත ඝාතනයට අණ දීලා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගෝඨා භාරත ඝාතනයට අණ දීලා

ගෝඨා, භාරත ඝාතනයට දුමින්දට අණ දීලා


2011 ඔක්තෝබර් 15 වෙනි සෙනසුරාදා, 13:42 අති විශේෂ
Duminda_Gothapaya.jpg

ජනාධිපති උපදේශකව සිටි භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාව උසිගන්වා ඇත්තේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් බව මේවන විට හෙළිදරව් වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අප වෙත පැවසීය.

මෙම ඝාතනය සත්‍ය තොරතුරු යට ගසා, පරීක්‍ෂණ කටයුතු වෙනතකට යොමු කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවත් එබැවින් මේ පිළිබඳව නොපමාව වාර්තා කරන ලෙසත් එම නිලධාරියා අපගෙන් ඉල්ලීමක් කළේය.
පසුගිය අටවැනිදා පැවති පළාත් පාලන ඡුන්දයෙන් ප‍්‍රචාරක කටයුතු 5 වනදා අවසන් වූ අතර එදින කොළොන්නාවේ පැවති අවසන් රැුළියක් අමතා භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා කුඩුදුමින්ද මන්ත‍්‍රීවරයා සහ ඔහුට සහය දෙන ප‍්‍රධානියෙකු පිළිබඳව බරපතල ලෙස විවේචනය කර තිබේ.
කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට යටතේ සිටින කුඩු ජාවාරම්කරුවන්ට රැුකවරණ ලබා දෙන්නේ මෙම ආරක්‍ෂක ප‍්‍රධානියා බව එම රැුස්වීමේදී සඳහන් කර ඇති පේ‍්‍රමචන්ද්‍ර මහතා, කොළොන්නාව ආසනය කුඩු ජාවාරම්කරුවන්ගෙන් හා ඔවුන්ට රැකවරණ දෙන පුද්ගලයන්ගෙන් ආරක්‍ෂාකරගත යුතුබව අවධාරණය කර තිබේ.
කොළොන්නාව පොලිසියේ නිලධාරීන් විසින් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ කථාව මුළුමනින්ම පටිගත කර ඇති අතර එහි ප‍්‍රධානියෙකු එදින රාත‍්‍රියේම එම කැසට් පටියේ පිටපතක් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා වෙත ලබාදී තිබේ. කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා වහාම ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසට ගොස් එම කැසට්පටය ආරක්‍ෂක ලේකම්වරයා අතට පත් කර ඇති අතර කැසට් පටයක් ගෙන එය ශ‍්‍රවනය කිරීමටද සලස්වා තිබේ.
එම කැසට් පටයට සවන්දීමෙන් බලවත්සේ ආවේගයට පත් වී ඇති ආරක්‍ෂක ලේකම්වරයා, ‘‘මූව ඉවරයක් කරලාම දාන්න ඕන’’ යැයි දැඩි කෝපයෙන් යුතුව ප‍්‍රකාශ කර තිබේ. කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා මෙහිදී කිසිවක් ප‍්‍රකාශ නොකර, ‘‘හරි සර් මම බලාගන්නම්’’ යැයි පවසා තිබේ.
අනතුරුව කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා විසින් 6 සහ 7 දෙදින තුළම භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමට අවශ්‍යය සැලසුම් සකස්කර තිබේ.
2114Duminda&Gota_J.jpg

ඒ සම්බන්ධයෙන් ඔහු, ඔහුට අතිශ්‍යයින් හිතවත් පාතාල සාමාජිකයක් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කීහිපවරක්ම දීර්ග වශයෙන් සාකච්ඡා කර තිබේ. කොයිම මොහොතකම හෝ මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට සූදානමින් සිටින ලෙස කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා අදාළ පිරිසට උපදෙස් දී තිබේ.
ළඟදීම භාරතට හොඳපාඩමක් උගන්වන බව කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා 7වන දා රාත‍්‍රීයේ තම සඟයින් සමඟ බීමත්ව සිටියදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට දුරකතනයෙන් කථා කොට ප‍්‍රකාශ කොට ඇත. ඡන්දය අවසන්වන තෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නැයි නාමල් මන්ත‍්‍රීවරයා මෙහිදී කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාට අවවාද කර ඇත.
කෙසේ වුවද 8 වන දා පස්වරුවේ භාරත මහතා සහ කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා මුල්ලේරියාවේදී මූණට මූණ හමුවීමත්, දුමින්ද මන්ත‍්‍රීවරයා විසින් භාරත මහතාගේ කම්මුලට පහර දීමත් සමඟ භාරත මහතාගේ ආරක්‍ෂකයෙකු අහසට වෙඩි තැබීමත් හේතුවෙන් ඡන්දයෙන් පසුවට සිදුකිරීමට තිබූ ‘‘රාජකාරිය’’ එම මොහොතේ එය ඉටුකිරීමට දුමින්ද මන්ත‍්‍රීවරයාගේ ආරක්‍ෂකයින් හා පාතාල සාමාජිකයන් කටයුතු කර තිබේ.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඊට අදාළ පුද්ගලයින් දෙදෙනකු ඉන්දියාවටත් තවත් එක් අයකු සිංගප්පූරුවට යවා ඇති ආරක්‍ෂක ලේකම්වරයා අනෙකුත් කීප දෙනා ආරක්‍ෂිතව රඳවා තබා ගන්නා ලෙස නුගේගොඩ ප‍්‍රදේශය භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම තොරතුරු හෙළිදරව්කරගෙන ඇතැත්, ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය මත එම පරීක්‍ෂණ කටයුතු වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කර තිබේ.
ඒ සඳහා මේ වන විට ‘අත්අඩංගුවට’’ ගෙන ඇති බොහෝ දෙනෙකු මෙම සිද්ධියට අදාළ පුද්ගලයන් නොවන බවත් මෙම සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති අවිආයුධ සිද්ධියට අදාළ ඒවා නොවන බවත් අප වෙත තොරතුරු ලබාදුන් පොලිස් මූලස්ථාන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 ඔක්තෝබර් 15 වෙනි සෙනසුරාදා
 
Last edited:
  • Like
Reactions: urajdrlk

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Gotabaya Rajapaksa boycotted Baratha Laxman funeral last week.He is the man who ordered to kill him.Gotabaya's next target is Thilanga Sumathipala.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගෝඨා ලැබූ දැවැන්ත පරාජය පිලිබඳ ඇමතිවරු සතුටින්..

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on Oct 10th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

Who-is-this-300x221.jpg
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ නගර සභා ඡන්දයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පරාජයට පත් වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෑත කාලයේ ලැබූ විශාලතම ජයග‍්‍රහණය යැයි සලකා ආණ්ඩුවේ බහුතරයක් ඇමතිවරුන් ඉතා සතුටට පත්ව ඇතැයි වාර්තාවේ.
කොළඹ ජයග‍්‍රහණය ලබා ගෙන අග‍්‍රාමාත්‍යධූරය ලබා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැරූ උත්සාහය පරාජයට පත් වීම භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි ඇමතිවරුන් හාස්‍යයෙන් යුතුව කතා බහට ලක් කර තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවුල් පාලනයෙන් මුදවා ගෙන යළි සැබෑ පාක්ෂිකයන්ට උරුම කර දීමේ අවශ්‍යතාවයද එහිදී කතා බහට ලක් වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයෙන් ශ‍්‍රිලනිපයට එක්වූ පිරිසගෙන් පක්ෂයට එල්ල වී ඇති උවදුර පිළිබඳව ඉදිරියේදි මීට වඩා අවධාණයෙන් යුතුව කටයුතු කළ යුතු බව එම ඇමතිවරු වැඩිදෙනාගේ මතය වී තිබේ.


 

hasith911

Member
Aug 19, 2011
71
4
0
දුමින්දත් නිකන් ඇඟෙ ගූ ගාගාත්ත
UNP එකේ හිටියනම් කුඩු කාරයා කියන නමවත් එයාට ගෑවෙන්නෙ නැහැ..

එයා මිනිස්සුන්ට උදව් කරේ නෑ කියනව නම් ඒක පට්ට පල් බොරුවක්.
මිනිස්සුන්ට වහලට සෙවිලි තහඩුවේ ඉඳන් හාල් මිටිය දක්වාම දුන්න‍

ඕනවට වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගියපු එක වැරැද්ද වුනේ. පැත්තකට වෙලා තමන් හම්බකරන් හිටියනම් ඔය මොකුත් නැහැ
 
  • Like
Reactions: kinkon

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile
භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා කුඩුදුමින්ද මන්ත‍්‍රීවරයා
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,988
    4,580
    113
    දුමින්දත් නිකන් ඇඟෙ ගූ ගාගාත්ත
    UNP එකේ හිටියනම් කුඩු කාරයා කියන නමවත් එයාට ගෑවෙන්නෙ නැහැ..

    එයා මිනිස්සුන්ට උදව් කරේ නෑ කියනව නම් ඒක පට්ට පල් බොරුවක්.
    මිනිස්සුන්ට වහලට සෙවිලි තහඩුවේ ඉඳන් හාල් මිටිය දක්වාම දුන්න‍

    ඕනවට වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගියපු එක වැරැද්ද වුනේ. පැත්තකට වෙලා තමන් හම්බකරන් හිටියනම් ඔය මොකුත් නැහැ

    na na onawata wada hambu kerane giya nisa tamai oka une. UNP eken giya eka hodai. oya wage uwun UNP eke naa ekai
     

    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    කවුදෝ කිව්වලු ලංකාවේ විධායක ජනාධිපතිට කරන්න බැරි එකම දේ, ගෑනියෙක්ව මිනිහෙක් කරන්නයි මිනිහෙක්ව ගෑනියෙක් කරන්නයි විතරයි කියලා.
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    කවුදෝ කිව්වලු ලංකාවේ විධායක ජනාධිපතිට කරන්න බැරි එකම දේ, ගෑනියෙක්ව මිනිහෙක් කරන්නයි මිනිහෙක්ව ගෑනියෙක් කරන්නයි විතරයි කියලා.
    JR Jayawardene-1981
    :lol::lol: