වියත් මග - නාලක ගොඩහේවාගේ ලක්ෂ 50 නඩුව කල් යයි
පසුගිය රාජපක්ෂ රජය සමයේදී ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයාව සිටිමින් එම කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක රජයේ මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩගේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව නොවැම්බර් 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය.
ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ "තාරුණ්‍යයට හෙටක්" සංවිධානයේ කටයුතු සඳහා යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ එවකට සභාපති නාලක ගොඩහේවා, එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වන රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "වියත් මග" දේශපාලන ව්‍යාපෘතියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු ද වේ.
lankanewsweb

Last edited: