” ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ්රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. ඕස්ටේ්රලියානු පුරවැසියෙකුට මෙහෙ දේශපාලනය කරන්න බෑ” යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධානියකු වන කුමාර් ගුණරත්නම් මහතාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසු බව ‘ලංකා සි නිවුස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මෙනවිය විසින් මෙරටදී අතුරුදහස් වූවේ යයි පැවසෙන සිය රටේ පුරවැසියෙකු වන පේ‍්‍රමකුමාර ගුණරත්නම් මහතා වහා සොයා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මහකොමසාරිස්වරිය දුරකතනය මඟින් මෙම ඉල්ලීම කර ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.
” ඕස්ටේ්රලියානු මහ කොමසාරිස්වරිය මගෙන් කුමාර් ගණරත්නම් කියලා එයාගේ පුරවැසියෙක් නැතිවෙලා ඉන්නවා හොයලා දෙන්න කියවලා ඉල්ලූවා. එත් එහෙම කෙනෙක් ඒහේ ඉඳන් මෙහේට ආවා කියලා වාර්තා වෙලා තිබුනේ නැහැ. මම ඇහුවා කවදද ලංකාවට ආවේ කියලා. ඒත් ඇය දන්නෙ නැහැ කීවා. ඒ වෙලාවේ මම ඇයට කිවුවා දන්නේ නැති කෙනෙක් ගැන තොරතුරු කියන්නේ කොහොමද කියලා. ඒ නිසා අපට ඔය කියන ඕස්ටේ්රලියානු පුරවැසියාගේ තොරතුරු වහාම දෙන්න කියලා. ඔහුගේ නම, පාස්පෝට් අංකය, කවදද ආවේ, මොන පදනමක් යටතේද ඇවිත් ඉන්නේ ඒත් මහ කොමසාරිස්වරිය ඒවා දන්නෙ නෑ.” යයි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.
” කොහොම උනත් සිද්දිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. එත් මේක අමුතු කතාවක්. ඔය කියන විදිහට ගුණරත්නම් ලංකාවේ නැහැ කිවුවා නේද. දැන් කොහොමද මේ අය ඇවිත් ඉන්නවා කියන්නේ. ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ්රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙහේ වීසා නැතිව ඉන්න ඕනෑ. මෙහේ දේශපාලනය කරන්න බෑනේ ඕස්ටේ්රලියානු පුරවැසියෙකුට. ඉතින් මම එයාට කිවුවෙත් ඒකයි. අනික එහෙම කෙනෙක් ලංකාවට ආවා කියලා මේ වන තෙක් ඕස්ටේ්රලියානු තානාපති කාර්යාලයෙන් මෙහෙම කෙනෙක් ආවා කියලා කිසිදු දැනුම් දීමක් කරලා නෑ.
අනික තව දෙයක්. ගුණරත්නම්ගේ බිරිඳ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ ඇයගෙන් ආරක්ෂක අංශ ඔහු ගැන යම් ප්‍රශ්න කිරීමක් කලා. ඒ අවස්ථාවේ ඇය ප්‍රකාශ කලේ එවැන්නෙක් තමන් සමඟ ලංකාවට ආවේ නෑ කියලයි. ඔහු ඕස්ටේ්රලියාවේ ඉන්නා බවයි. ඉතින් දැන් කියනවා ගුණරත්නම් අතුරුදහන් වෙලා කියලා.’ යයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.