ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    මෙතන ගොඩක් දේවල් විශ්වාස කරන්න හෝ නොකරන්න බැරි දේවල් නේ...

    අපි ඇහැටම දැක්ක දේවල් ගැන කතා කරමුද ..?

    අර 30 ඇමති මණ්ඩලය වගේ දේවල්..
    8 pass නැති ඇමති ඔක්කොටම 100% tax free වාහන ටික අරන් මිනිස්සුන්ට ගන්න බැරි වෙන්න tax වැඩි කල දේවල්
    electric cars වලට light bill එකෙන් සහන දෙනවා කිව්වා වගේ දේවල්..
    වාහන ගණන් අඩු කරනවා වගේ කිව්වා දේවල්...
    දුශිතයෝ පාර්ලිමේන්තුවට ගන්නේ නෑ කිව්ව වගේ දේවල්..
    අව්ෂද ප්‍රතිපත්තියක්ද මොකක්ද ගේනවා කිව්ව වගේ දේවල්..
    දුමින්ද , කුඩු ලංස හිරේ දානවා කිව්ව වගේ දේවල්..
    KP ආව ගමන් හිරේ දානවා කිව්ව වගේ දේවල්
    සහෝදර සමාගම් ගැන කිව්ව වගේ දේවල්..
    බුද්ධි අංශ නිලධාරීන් හිරේට ගන්න දේවල්..
    හමුදාව restructure කරන්න UK වලින් සල්ලි දුන්න වගේ දේවල්..

    මේ දේවල් නම් ඇහැටම දැක්ක දේවල්..! තව ගොඩක් දේවල් නම් තියනවා..
    අපි අපි මරාගන්නවා ..වෙන උන් අපිටම කෙලලා යනකන් දන්නේ නෑ..!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපොස සා/පෙල වැඩ 6 ක් අසමත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ගිය හැටි: ලක්ෂ 217 ක් මහජන මුදල් වියදම් කර ආචාර්ය උපාධියක් ගන්න හැදූ හැටි -වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙලිකරයි (Video)


    ඉතින් ගුවන් හමුදාපතිගේ පුතා ගියෙත් වැඩ ඔක්කොම පාස් වෙලාද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ගුවන් හමුදාපතිගේ පුතා ගියෙත් වැඩ ඔක්කොම පාස් වෙලාද?

    :D ආ කොල්ල කොහොමද ??

    නලින්ද ජයතිස්ස්යා බොරු කියන්නේ.. ප්‍රබාකරන මැරෙන්න කලින් මුලතිව් වලින් පැනලා යන්න හදනකොට මුහුදෙන් ගිහින් තනියම මුර කලේ යෝෂිත. ප්‍රබා එක දැනගත්ත නිසා ඒ පැත්තට ගියේ නැහැ. මොකද ආමි එකේ සාමාන්‍ය සෙබළු 1000 එක්ක සටන් කරන්න පුළුවන් උනත් යෝෂිත එක්ක සටන් කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ ප්‍රබාට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් සින් එක කියන්නේ මේකේ ජාතික අරක්ෂව ගැනයි සෙබළුන්ගේ කැපකිරීම ගැනයි මොර දෙන එක මහින්ද පෙරිමියෙක් වත් මේකට වචනයක් වත් කියන්නේ නැතුව දැක්කේ නැහැ වගේ යන එක... හා හා ඕලෙවල් ෆේල් වෙච්ච් එකෙක්ට පුලුවන්ම්ද බන් නාවික හමුදා ගණනය කිරීම් කරන්න වීර නිලදාරිය මුහුදට ගිහින් දන්නා තියෙන්නේ බෝට්ටුවක් එක්ක තනියෙන් හොටගෙන් ගොඩට වරෙන් කියල . ලංකාව කියල ඔස්ටෙලියාවට යයිද දන්නේ නැහැ මොකද ගණනය කිරීම් දන්නේ නාහෙන්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12347630_1122724121079075_4618594859164560271_n.jpg
    [/IMG]
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මරුසිරා;19399585 said:
    සද්දෙයි පඩ ගදයි විතරයි ..වැඩ නැ :P:lol::lol:
    ඔව් බන් ඕකුන්ගෙ පවුලම එහෙමයි සද්දෙයි පුක උලුප්පලා පෙන්නීමයි විතරයි..:lol::lol: මෙලෝ වැඩක් කරපු එවුන්ද.. :rofl::rofl: උබලා වගේ නෙමෙයි, ඔය යෝශිතයා අටවත් පාස්ද දන්නෙ නෑ.. :lol::lol::rofl::rofl:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙතන ගොඩක් දේවල් විශ්වාස කරන්න හෝ නොකරන්න බැරි දේවල් නේ...

    අපි ඇහැටම දැක්ක දේවල් ගැන කතා කරමුද ..?

    අර 30 ඇමති මණ්ඩලය වගේ දේවල්..
    8 pass නැති ඇමති ඔක්කොටම 100% tax free වාහන ටික අරන් මිනිස්සුන්ට ගන්න බැරි වෙන්න tax වැඩි කල දේවල්
    electric cars වලට light bill එකෙන් සහන දෙනවා කිව්වා වගේ දේවල්..
    වාහන ගණන් අඩු කරනවා වගේ කිව්වා දේවල්...
    දුශිතයෝ පාර්ලිමේන්තුවට ගන්නේ නෑ කිව්ව වගේ දේවල්..
    අව්ෂද ප්‍රතිපත්තියක්ද මොකක්ද ගේනවා කිව්ව වගේ දේවල්..
    දුමින්ද , කුඩු ලංස හිරේ දානවා කිව්ව වගේ දේවල්..
    KP ආව ගමන් හිරේ දානවා කිව්ව වගේ දේවල්
    සහෝදර සමාගම් ගැන කිව්ව වගේ දේවල්..
    බුද්ධි අංශ නිලධාරීන් හිරේට ගන්න දේවල්..
    හමුදාව restructure කරන්න UK වලින් සල්ලි දුන්න වගේ දේවල්..

    මේ දේවල් නම් ඇහැටම දැක්ක දේවල්..! තව ගොඩක් දේවල් නම් තියනවා..
    අපි අපි මරාගන්නවා ..වෙන උන් අපිටම කෙලලා යනකන් දන්නේ නෑ..!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    ලුතිනන් යෝෂිත රාජපක්‌ෂගේ විදෙස්‌ පුහුණුවලට රජය දෙකෝටි විසි ලක්‌ෂයක්‌ වැය කරලා

    අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්ද නොමැතිව නාවික හමුදාවට බඳවාගත් ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ මහතාට විදේශ රටවල පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් දෙකෝටි විසි දෙලක්‌ෂයකට අධික මුදලක්‌ වැයකර ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති, ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ත්‍රිවිධ හමුදාවට නවක සොල්දාදුවන් සහ නිලධාරීන් ලෙස බැඳීමට රටේ තරුණයන් තුළ උනන්දුව ඇති කිරීම සඳහා නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්‌ෂ මහතාව නාවික හමුදාවට බඳවා ගෙන ඇතැයිද එවක රටේ ජනාධිපතිවරයා යෝෂිත රාජපක්‌ෂ මහතාගේ පියා වූ බැවින් මෙසේ ඔහු නාවික හමුදාවට බඳවා ගත් බවද ආරක්‌ෂක අමාත්‍යාංශය විසින් එවා තිබූ ලේඛනයක්‌ ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

    එකී පදනම මත 2006 දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බඳවා ගත් යෝෂිත රාජපක්‌ෂ මහතා ඉන් මාසයක්‌ ගතවීමට මත්තෙන් 2007.01.01 දින මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවකට යවා ඇතැයිද ඊට වැයකර තිබෙන මුදල රුපියල් හැටදෙලක්‌ෂ අසූ හතර දහසක්‌ බවද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

    ඉන්පසු 2010 වසර දක්‌වා වසරින් වසර තුන් වතාවක්‌ මහා බ්‍රිතාන්‍යයේ සහ යුක්‌රේනයේ පාඨමාලාවලට යෝෂිත රාජපක්‌ෂ මහතාව යවා ඇතැයිද කී ගයන්ත කරුණාතිලක මහතා නාවික හමුදාවට බැඳීම සඳහා එක්‌වරකදී සිංහල, ඉංගී්‍රසි, ගණිතය, විද්‍යාව යන විෂයයන්ට සම්මාන සමඟ සම්මාන සාමාර්ථ 6 ක්‌ අපොස (සා/පෙළ) සඳහා තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.

    එහෙත් යෝෂිත රාජපක්‌ෂ මහතා සිංහල විෂයය සඳහා පළමුවර සාමාන්‍ය සාමාර්ථයක්‌ ලබා දෙවැනි වර එනම් 2004 දී අධි සාමාර්ථයක්‌ ලබාගෙන ඇතැයි කී ගයන්ත කරුණාතිලක මහතා නියමිත සුදුසුකම්වලින් බැහැරව ඔහු බඳවා ගෙන තිබෙන්නේ පියා රටේ ජනාධිපතිවරයා වීම නිසා බවද කීය.

    ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ මහතාට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කළ නාවික හමුදා ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයිද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

    ඒ අනුව අදාළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීමට නාවික හමුදාවට දන්වා ඇතැයිද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

    ජවිපෙ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.


    - http://www.divaina.com/2016/01/27/news27.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    රාජපක්ෂලාගේ ‘ඉන්ටර්වල්‘ ඉවරයි..! මහජන මුදල් සහ දේපොල ගසා කෑ යෝෂිත, අර්ජුනගේ මලයා නිශාන්ත, මරා මාධ්‍ය ප්‍රකාශක වැලිවිට ඇතුළු CSN ලොක්කන් 5 ක් අත් අඩංගුවට: ලබන 11 දක්වා රිමාන්ඩ්

    දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මහජන මුදල් සොරකම් කරමින් තම මඩිය තර කර ගත් රාජපක්ෂ චෞරයන්ගේ ‘ඉන්ටර්වල්‘ අහවර වී තිබේ. මෙකී ඉන්ටර්වල් එක ලැබී තිබුනේ දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට යයි විපක්ෂ දේශපාලකයන්ගේ මුවින් කියැවුනද එය අදාල සොරකම් වලට අවශ්‍ය සාක්කි සොයා ගැනීම වෙනුවෙන් යයි ආණ්ඩුව පාර්ශවයෙන් කියැවින.

    ආණ්ඩුවේ කියමන සනාථ කරමින් අද සීඑන්එන් නාලිකාව සඳහා මහජන මුදල් සහ දේපොල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ ද එම නාලිකාවේ අධ්‍යක්ෂවරු වන ඇමැති අර්ජුන රණතුංගගේ සොයුරු නිශාන්ත රණතුංග ද, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට ද ඇතුළුව ජේ.ටී.එස්.ප්‍ර‍නාන්දු හා කවීෂාන් දිසානායක යන සීඑන්එන් අධ්‍යක්ෂ වරුන් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හෙවත් FCID යෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළේය

    යෝෂිත රාජපක්ෂට ප්‍රකාශයක් ලබා ගැනීමට නාවික හමුදා මූලස්ථානයට පැමිණෙන්නැයි අද උදෑසන දන්වා තිබූ අතර යෝෂිත මූලස්ථානයට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන අත් අඩංගුවට ගෙන FCID යට බාර දී තිබිණ. ඒ අතරවාරයේදී රොහාන් වැලිවිට සිය නාරාහේන්පිට නිවසේදී ද අනෙකුත් සැකකරුවන් ඔවුනොවුන්ගේ නිවෙස් වලදී ද අත් අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අධිකරණයට ගෙන ආ අවස්ථාවේ දී මහින්ද, ශිරන්ති, නාමල්, බැසිල්, ගෝඨාභය ආදී ඉදිරියේදී නිසැක වශයෙන්ම ‘ඉන්ටර්වල්‘ අහවර වීමට නියමිත අනෙකුත් රාජපක්ෂ චෞර රාජයන්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

    අවසානයේ දී CSN නාලිකාව මගින් රජයේ දේපොල අපහරණය කිරීම ඇතුළු චෝදනා රැසකට යෝෂිත සහ පිරිස ලබන පෙබරවාරි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කෙළේය. තීන්දුවෙන් පසුව පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ කියා සිටියේ බිරිඳ සොහොයුරන් පුතුන් හිරේ දැම්මත් තමාගේ ‘පන්නරය‘ නැති නොවන බවයි. ඔවුන් හිරේ වැටෙන්නේ තමාගේ පාලන කාලයේ සිදුකළ වැරදි නිසා බව වියපත් වුවද චෞර මහින්දට නොවැටහීම පව්කාර කමකි. යෝෂිත අත් අඩංගුවට ගතහොත් තමා වස පානය කරන බව ශිරන්ති රාජපක්ෂ විසින් පැවසූ බවක් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.

    තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.


    - http://www.lankaenews.com/news/3434/si
     
    • Like
    Reactions: arsehole-froce

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    රාජපක්‍ෂ පුතාගේ ‘නේවි’ පැටිකිරිය

    මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමේ අතීතය යළි මතක් කළහොත් බොහෝ දේ සිහිපත් වේ. ඒ සියල්ල පසෙක තබා එක් නිෂ්චිත වැකියක් මෙහිදී උපුටා දැක්වීම අවශ්‍යය. ‘පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා ය.’

    මෙය සඳහන් වෙන්නේ මහින්ද චින්තන 2005 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේය. හරිම අගේ ඇති වාක්‍යයක්ය. මහින්ද රාජපක්ෂ පසුගිය වසර නවය පුරා ‘දරුවාගේ උරුමයෙහි හිමිකරුවා’ නොවන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙන ආකාරය තවමත් හරිහැටි නොදන්නා බොහෝ දෙනෙකු සිටිති. මේ රටේ රාජ්‍ය පාලන නීති රීති සමාජ හර පද්ධති සහ සිරිත් විරිත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ අයගේ වුවමනා එපාකම් අනුව බළල් අතක්, කෙළිබිමක් සහ දඩ බිමක් කරගත් ආකාරය පිළිකුල් සහගතය.


    ඒ පිළිබඳ නොදන්න වුන් ගැන අනුකම්පා කරනවා හැර අන් කළයුතු දෙයක් නැත. මේ සඳහා මූලික වී ක‍්‍රියා කළේ මහින්ද ගෝඨා හෝ බැසිල්ය. ඒ ප‍්‍රසිද්ධියේය. අප‍්‍රසිද්ධියේ තිරය පිටුපස සිට ක‍්‍රියා කළ බොහෝ දෙනෙකු ද රාජපක්ෂ පවුලේ තවත් හිඳිති. නාමල් රාජපක්ෂ ඒ අතරින් කැපී පෙනේ. තාත්තාගේ සහ බාප්පාගේ අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම කොපමණ දැයි දන්නේ ඒ පවුලේ උදවිය පමණය. එයින් පිට සියලූ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සීයකට අධික පිරිසක් නාමල් රාජපක්ෂට යටත්ව සිටි ආකාරය අත්දැක තිබේ. ඔවුන් ඒ පිළිබඳව යථා කාලයේ බොහෝ හෙළිදරව් කිරීම් කරනු ඇත. ඒ සඳහා ඉඩකඩ විවෘතව තැබීම යෝග්‍යය.


    වැඩි කතා බහට ලක් නොවන රාජපක්ෂ පුත‍්‍රයකු සිටී. ගගන ගාමියකු වීමට සිහින දකිනා රෝහිත රාජපක්ෂ ය. දැන් ඔහු තාත්තාගේ දේශපාලන වේදිකාවට ආනයනය කර සිටී. මෙහිදී කතා කරන්නේ රෝහිත ගැන නොව යෝෂිත රාජපක්ෂ ගැනය. පවුලේ හුරතල් නාමය ‘යෝ බබා’ ය. යෝ බබා දැන් නාවික හමුදාවේ ලූතිනන් වරයෙක්ය. ඔහු නාවික හමුදාවේ ලූතිනන් පදවියට පත්වූයේ නාමල් රාජපක්ෂ නීති උපාධියෙන් සමත් වූ ආකාරයටමය. එනම් නීතියට ඉහළින් සිටින ‘මහින්ද රාජපක්ෂ ජනාධිපති’ තාත්තාගේ බලතල තම ‘දරුවාගේ උරුමය’ වෙනුවෙන් යෙදවීම තුළින්ය. යෝෂිත රාජපක්ෂට ශ‍්‍රී ලංකා නාවික හමුදාව තෝරා දුන්නේ කුමන අරමුණකින්දැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ තෝරා ගැනීමය.
    ශ‍්‍රී ලංකා නාවික හමුදාව පිහිට වූයේ 1950 දෙසැම්බර් 09 වෙනිදාය.


    එදා එයට පූර්වාදර්ශ සියල්ල හිමිවූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන්ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන්නේ මහේෂාක්‍ය පිළිගැනීමක්ය. ‘සුද්දා වාගේ’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. නාවික හමුදාවට එම සුද්දන්ගෙන් ලබාදුන් පූර්වාදර්ශ සියල්ල එළෙසින්ම ආරක්‍ෂා කෙරෙන අතර තත්කාලීන ලෝකයේ නවතාවයන්ද එකතු කර ගත් බව නොඅනුමානය. නිදසුනක් වශයෙන් ආධුනික නාවික සෙබළකුගේ සිට ඉහළ නිලයන් සඳහා බඳවාගන්නා ආධුනික නිලධාරීන් සපුරාලිය යුතු අවම මූලික සුදුසුකම් දැක්විය හැකිය.




    ලකුණු රහස



    නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් නිර්දේශ කෙරී තිබිණ. අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා ඉතා සාහසික ලෙස බිඳ දැමීය. සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයකින් එය කළේය. ඒ ‘තම දරුවාට උරුමයක්’ සාදා දීම සඳහාය.


    ලූතිනන් ධුරය සඳහා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද බඳවා ගැනීමට ඉඩකඩ සැලසීය. මේ උරුමය ලබාදුන්නේ රජකුමාර යෝෂිතට පමණක් නොව ඔහුගේ ළඟම යාළුවාද වන දිසානායක සඳහාය. ඒ දෙදෙනාම නාවික හමුදාවේ ලූතිනන් නිලයේ ආධුනික නිලධාරීන් ලෙස ඇතුළත් විය. ඉන් පසුව 2007/ 08 වසර සිට යළි එම අධ්‍යාපන සුදුසුකම් පෙර තත්වයට පත් කළේය.


    නාවික හමුදා විධායක අංශයේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් වශයෙන් උසස් පෙළ ගණිත අංශයේ සම්මාන සහතික අවශ්‍ය බව නිර්දේශ කර තිබෙන්නේ ආවාට ගියාට නොවේ. නාවිකයන්ගේ ගමන් මාර්ග සහ ගමනේ දුර ප‍්‍රමාණයන් ආදී බොහෝ කටයුතු සඳහා ගණිතය අවශ්‍ය වන බැවින්ය.


    මෙසේ බඳවා ගන්නා ආධුනික නිලධාරීන් ත‍්‍රිකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාව හැදෑරිය යුතුය. එම කාලය තුළ පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්විය නොහැකිය. මෙම නියමය බිඳීමට යෝෂිත හා ඔහුගේ මිතුරා දිසානායකට ඉඩ ලැබිණ. පාඨමාලාවේ මුල් වසර තුළ න්‍යායික හා ප‍්‍රායෝගික මෙන්ම ශාරීරික අභ්‍යාස වෙනුවට ඔවුන් දෙදෙනාට වායු සමනය කරන ලද කාමර තුළ අධ්‍යාපනික පාඨමාලාව පමණක් විශේෂයෙන් සකස් කර ඉගැන්වීය. එයට හේතු වශයෙන් සඳහන් කරන ලද්දේ පැවැති ත‍්‍රස්තවාදී යුද්ධයේ තර්ජන තිබෙන බැවින් ජනාධිපතිගේ පුතාට විශේෂ ආරක්‍ෂක විධිවිධාන සලසන ලද බවය.




    පැරෂුට් ශිෂ්‍යත්‍වය


    මුල් වසරේ පාඨමාලාව මේ රාජකීය කුමරාට සහ ඔහුගේ මිතුරාට මාස තුනකට සකස් කර දෙන ලදී. එපමණක් නොව වසරක පාඨමාලාවෙන් පසුව අති විශිෂ්ට දක්‍ෂතා දක්වන ආධුනිකයාට මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. 2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක්ය. ඔහුව කපා දමා රාජකීය පුත‍්‍රයාට හා මිතුරා යන බානටම බි‍්‍රතාන්‍ය ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. එහි මුල් අදියරේ පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව පරීක්‍ෂණයක් පැවැත්වේ. එයින් දිසානායක සම්පූර්ණයෙන්ම අසමත්ව තිබිණ. ඒ නිසා ඔහු පෙරළා මෙරටට පිටත් කර එවීය. එහිදී යෝෂිත ලබාගත් දක්‍ෂතාව පිළිබඳ සහතිකය අප වෙත ලැබී තිබේ.


    එය Professional Prosress Grid සහතික පත‍්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප‍්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප‍්‍රශ්න පත‍්‍ර හයකින් හතරක්ම අසමත්ය.



    නාවික හමුදාවේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් නොමැති රජකුමාරයාගේ ටිකිරි මොළේ තරම විෂයන් හතක් අසමත් වීමෙන් පැහැදිලි වේ. විභාගයක් අසමත් වීම සාමාන්‍ය දෙයක්ය. ඒ සඳහා මුහුණ දෙන අවස්ථාවේ පවතින ශාරීරික සහ මානසික තත්වයට අනුව බොහෝ දේ තීරණය වන්නේය. කොටින්ම එය දැනුම මත පමණක් තීරණය නොවන්නේය. සත්‍යය එය වුවද ජනාධිපති බලතල යොදවා අඩු සුදුසුකම්වලට බඳවා ගැනීම අවුරුද්දක පුහුණුව වෙනුවට මාස තුනක පුහුණුව මෙන්ම දක්‍ෂතම සිසුවාට ලබාදෙන ශිෂ්‍යත්වය රාජකීය මජරයෙකුට ලබාදීම ආදී හේතු නිසා පරීක්‍ෂණය අසමත්වීම සාමාන්‍ය තත්වය නොවේ. අම්බරුකම ප‍්‍රදර්ශනය කිරීමක්ය. බලලෝභී පවුල් පාලනයක අමනකම් හෙළිවීමක්ය. ලංකාවෙන් මෙම පාඨමාලාව සඳහා යවන අයෙකු මෙයට පෙර අසමත් වී නොමැත.




    කුරුමානම


    නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වීම යනු වෙහෙසකර අභ්‍යාසයක ප‍්‍රතිඵලයක්ය. විධායක අංශයේ ලූතිනන් වරයෙකු වීම තවත් වෙහෙසකර අභ්‍යාසයක්ය. මන්ද නාවික හමුදාපති දක්වා යා හැකි මාර්ගය සැලසී තිබෙන්නේ මේ ඔස්සේ වන බැවින්ය. රාජකීය නාවික හමුදාවේ පුහුණුවීමෙන් පෙරළිකාර ලංකාවට කීර්තියක් ගෙනදුන් දක්‍ෂතමයන් අතීතයේ බිහිවී ඇත. ඔවුන් ඉහළටම යාම සඳහා නියම සුදුස්සන් බව ඔප්පු කර ඇත්තේය. නමුත් ජනාධිපතිගේ බලතල අනිසි ලෙස යොදා ඉහළට යැවීමේ මාර්ගය සකස් කර තිබෙන විට දක්‍ෂතා අවශ්‍ය වන්නේ නැත. ‘නිල් බලූකාය’ පිහිටුවාගෙන රටේ තරුණ තරුණියන් අනාථ කරමින් පිස්සු කෙළ වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තු ආ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ක‍්‍රියාත්මක කිරීම පමණය. නාමල් රාජපක්ෂ කරමින් සිටින්නේ එයය.



    නමුත් නාවික හමුදාවත් නිල් බලූකායේ තරමට හෙළන්නේ නම් තත්වය ඉතා බරපතලය. නාමල් පාර්ලිමේන්තුව ඔස්සේ රජ පුටුවට යා හැකිය. ආඩම්බරකාර තාත්තා සිටින තුරු බාධාවක් නැත. ඕනෑම පිස්සුවක් කෙළිය හැකිය. මැතිවරණවලදී ජිල්මාට් දමා වැඩිම මනාප ලබාගත හැකිය. නාමල්ට රජ පුටුව පිළිබඳ ඉලක්කයක් තිබේ. 2020 දී රටේ රජවීමය. ඒ සඳහා නිල් බලූකාය වැනි සංවිධාන ක‍්‍රියාත්මක කෙරේ. බැසිල් බාප්පා හැරුණු විට අනිකුත් සියලූම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නාමල්ට ඕනෑ විදියට අල්ලේ නටවමින් සිටින්නේ යුවරජකම දරමින්ය. මේ පවතින ක‍්‍රමය යටතේ ඊට කිසිම බාධාවක්ද නැත. නාමල් රජකරවීමේ ගමනට සමාන්තරව යෝෂිත නාවික හමුදාපති කරවීමේ ක‍්‍රියාන්විතයක් පවතීනම් එය ඉතාම බරපතලය. දැන් සිදු කෙරෙමින් පවතින්නේ නාවික හමුදාව යෝෂිතකරණය කිරීමය. මේ ජඩ ක‍්‍රමය යටතේ රජවීමට කිසිදු පිළිගත් ක‍්‍රමවේදයක් නැතත් නාවික හමුදාවට පිළිගත් නීති රීති හා විනය ක‍්‍රියාමාර්ග ඇත්තේය.


    යම් හමුදාවක ප‍්‍රධානියා වීම අසීරු කාර්යභාරයකි. එය පහසු දේශපාලන ගේමක් නොවේ. එම හමුදාව තුළ පිළිගත් ක‍්‍රම වේදයක් ඇත. එහි පියවරෙන් පියවර ක‍්‍රමයෙන් ඉහළට යා යුතුය. හැකියාවන් වර්ධනය කරගත යුතුය. දස්කම් ප‍්‍රදර්ශනය කළ යුතුය. යෝෂිත රාජපක්ෂ මේ ක‍්‍රියාවලිය වෙනුවට යුද්ධය පැවැති සමයේ රාජකීය ආරක්‍ෂාව යටතේ හිටියේය. යුද්ධය අවසන් කළ පසුව අළු ගසා දමා පූස් පැටවකු සේ එළියට ආවේය. රගර් ක‍්‍රීඩාව රාජපක්ෂ පවුලේ බූදලයක් කර දී රාජකීය පුතුන්ගේ මජර ශරීර සෙලවීමට තෝ තැන්නක් කරගත්තේය. යෝෂිතගේ කාර්ය වන්නේ රගර් ගැසීමය. අරලියගහ මන්දිරයේ ලැග සිටිමින් තම මිත‍්‍රයා වන දිසානායකද එහි ගෙන්වාගෙන රගර් ගැසීමය. යෝෂිත කුමක් කළ ද නාවික හමුදාවේ විනය මුළුමනින්ම බිඳ දැමීමට දෙවරක් නොසිතයි. ඕනෑම පිස්සුවක් කෙළීමට කිසිවක් බාධා කරගන්නේ නැත.


    පරිවාර සේනා


    නාවික හමුදාවේ ලූතිනන් වරයකුට සහයකයකු මෙන්ම ආරක්‍ෂකයකු වශයෙන් නාවික සෙබළකු ලබාදේ. බඩියා යනුවෙන් ඔහුව හැඳින්වේ. සාමාන්‍ය තත්වය එසේ වුවද ලූතිනන් යෝෂිතට තිබෙන්නේ රාජකීය තත්වයක්ය. රාජකීය කුමාරයකු ලූතිනන් නිලයේ සිටීම නිසාය. ඔහුට බඩියකු දීමේදී රාජකීය සැළකිල්ලක් කිරීමට සේනාධිනායක ආඩම්බරකාර තාත්තාට යුතුකමක් තිබෙන බව තහවුරු කර ඇත. ඒ යෝෂිත රාජපක්ෂගේ බඩියා ලෙස ඉහළ නිලයක් වන ‘ලූතිනන් කමාන්ඩර්’ කෙනෙකු පත්කර සිටීමය.


    මෙය නාවික හමුදාව තුළ දැනට දෘෂ්‍ය මානව තිබෙන එක් දෙයක් පමණය. මතුපිටට නොපෙනෙන බොහෝ දේද රාජකීය කුමාරයා නිසා සිදු කෙරෙමින් පවතී. මේ අතර ප‍්‍රධානම දෙය වන්නේ ගොට්ට අල්ලන්නන්ට ඉහළ වරප‍්‍රසාද සහ ඉහළට යාමේ ‘ෂෝට් කට්’ නිර්මාණය වී තිබීමය. මෙය නාවික හමුදාව තුළ ඉතා බරපතල තත්වයක් ය. වසර හැටක පමණ නාවික හමුදා ඉතිහාසයේ සිදු නොවූ විනය බිඳ දැමීම් මේ නිසා සිදු කෙරේ. නීති බිඳ දැමීම් සිදු කෙරේ. යෝෂිත රාජපක්ෂගේ නිල නොවන බඩියන් සේ ක‍්‍රියාකරන තවත් කීප දෙනෙකුම සිටී. රියර් අද්මිරාල් රොසයිරෝ සහ ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් බණ්ඩාර ඒ අතර කැපී පෙනේ. මොවුන් අයථා ලෙස උසස්වීම් ලබමින් සිටින්නෝය. වන්දි භට්ටකම් කරන ඉහළ නිලයන්ය. සේවා දිගු කිරීම් ද හිමි වේ. එසේ නොකරන අයට ඉක්මනින්ම ගෙදර යාමට සිදුවේ. දක්‍ෂයා කැපී යයි. වන්දි භට්ටකම් කරන අදක්‍ෂයා ඉහළ යයි.


    රාජකීය විදේශ සංචාර ලැබීම යෝෂිතට තිබෙන විශේෂ වරප‍්‍රසාදයක්ය. එමෙන්ම නාවික හමුදාවේ ලූතිනන් වරයකු සහභාගී නොවන සිවිල් කටයුතු හා රාජ්‍ය උත්සව වලටද සහභාගී වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදාක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය තනිකරම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප‍්‍රචාරක වැඩක් ලෙස සංවිධානය කර තිබුණු උත්සවයක් ය. යෝෂිත එහි සිටි අයුරු රූපවාහිනී නාළිකාවලින් දැක ගත හැකි විය. දේශපාලනය නාවික හමුදාව තුළ ඉතා තදින් සහ යටින් ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ එක් ඉලක්කයක් සහිතවය. ‘පවුලට කිරි -රටට කැකිරි’ න්‍යායට අනුවය. නාමල් රාජපක්ෂ රජ කරන කාලවකවානුවකදී යෝෂිත නාවික හමුදාපති කරවීම ප‍්‍රධානම දේශපාලන ව්‍යාපෘතියයි. ඒ සඳහා බාධාවක් වන නිලධාරීන් කල්තියා විශ‍්‍රාම යැවෙන ආකාරයේ ක‍්‍රියාවලි ගණනාවක් පවතින බව හෙළි වී තිබේ.




    ජිල්මාට් රහස්



    එයට අමතරව දැන් හදිසි තත්ත්වයක් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ ‘ඉල්ලං කෑමක්’ කරගත් ජනාධිපතිවරණ ය එයයි. හැමදේටම පෙර රාජපක්ෂ පවුල ආරක්‍ෂා වීමට නම් මහින්ද රාජපක්ෂ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති පුටුවේ සිටිය යුතුය. එය බිඳී ගියහොත් පවුලේ සියලූ දෙනාටම උන් හිටි තැන් අහිමි වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් ජනාධිපතිවරණයේ පරාජයෙන් බේරීමේ සියලූ ක‍්‍රියාමාර්ග දියත් කෙරෙමින් තිබේ. වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ යෝෂිත රාජපක්ෂට වෙන් කර තිබෙන සුඛෝපභෝගී කාමරයේ අති විශේෂ රහසිගත සාකච්ඡුා පසුගිය දිනවල පැවැත්වීය. එය අවට විශේෂ ආරක්‍ෂාවක්ද යොදා තිබිණ. ඒ පිළිබඳ තොරතුරු ‘ලංකා’ මගින් පසුගිය සතියේ හෙළි කළේය. නාවික හමුදාපති අද්මිරාල් නිලධාරියාව මෙහෙයවන්නේ ලූතිනන් වරයෙක්ය. ජඩ දේශපාලන ගේම්වලට අලගු තැබීමට යාමෙන් මෙවැනි පිළිකුල් සහගත ක‍්‍රියා කොපමණකට නම් යටවිය යුතුද?
    මෙයට පෙර හෙළිවූ තොරතුරු අනුව නාවික හමුදා මූලස්ථානයේ රහසිගත මුද්‍රණ යන්ත‍්‍රයක් පිළිබඳව අනාවරණය විය. ගෝඨාගේ කතා බලෙන් ඇස්සවීම සිදුවේ. එපමණක් නොව දේශපාලන පිල් මාරු කරන කලාකරුවන්ගේ ගේම්වලටද නාවික හමුදාව යොදා ගත්තේ මේ මෑතක බව කාට නැතත් අපට මතකය. සොල්දාදුවන් ගෙන් රුපියල් 100/- කපාගෙන චිත‍්‍රපටියක් පෙන්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම සහ ඊටත් වඩා පවුලේ බූදලයක් කර ගත් නිසාය. දැන් එයට වඩා තීරණාත්මක ගේමක් ක‍්‍රියාත්මක වේ. පෙනෙන ආකාරයට චමල් රාජපක්ෂ හැර අන් සියලූ දෙනා එකාවන්ව ගහන දේශපාලන ගේමක්ය. ගගනගාමියකු වීමට ‘මැදමුලන බූදලයෙන්’ සල්ලි වියදම් කරන රෝහිත රාජපක්ෂ පවා ගෙන්නාගෙන ආඩම්බරකාර තාත්තා වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදීමට සිදුවන තරමට තත්වය බරපතල වී ඇත.


    මෙවැනි තත්වයක් තුළ යෝෂිත රාජපක්ෂ වෙනම දේශපාලන ගේමක් ගෙනියමින් සිටී. දැනට තොරතුරු අනාවරණය වන අන්දමට ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් එම්.යූ.කේ.පී. බණ්ඩාර එම දේශපාලන ගේමේ විශාල වැඩ කොටසක් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් කරමින් සිටී. මේ සඳහා ඩබල් කැබ් රථයක් සහ ෆෝක්ස්වැගන් රථයක්ද වෙන්කරදී තිබේ. මේ සියලූදෙනා සහභාගී වූ විශේෂ රහස් සාකච්ඡුාවක් පසුගිය 30 වැනිදා පැවැත්වූ බව හෙළිවීමෙන් දැන් සාකච්ඡුා කරන ස්ථාන වෙනස් කර තිබේ. නිල් බලූකායේ ක‍්‍රියාකාරීන්ගේ සහෝදරයන් කීප දෙනෙක් නාවික හමුදාව තුළ සිටින බවද ඔවුන් දේශපාලන ගේමක සක‍්‍රීය කොටස්කරුවන් ලෙස සිටින බවද මේ වනවිට හෙළි වී තිබේ. මුළු රටම පවුලක බූදලයක් කරගෙන විදේශිකයන්ට සාප කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ අතර රටම පවුලේ කෙළි බිමක්, දඩ බිමක් සේම රාජ්‍ය ආයතන සියල්ල බළල් අත් කරගෙන තිබියදී නාවික හමුදාව පමණක් එයින් ගැළවී තිබිය නොහැකිය. එය යෝෂිත රාජපක්ෂගේ සෙල්ලම් පිට්ටනියක්ය. සියලූ අවකෙළි එළිපිට සිදු කළද කිසිවකුත් කටේ කෙළ බිඳක් එයට එරෙහිව හෙළන්නේ නැත. එහෙත් මේ වනසන්නේ රාජපක්ෂ දරුවන්ගේ උරුමයක් නොව රටේ දරුවන්ගේ අනාගත උරුමයන් බව අවධාරණය කිරීමට සිදුව තිබේ. නාවික හමුදාව තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නොව රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ය. එය අප්පලාගේ පුතාලගේ කෙළිබිමක් නොවේ.




    ප්‍රියදර්ශන දයාරත්න
    ලංකා
    2015 ජනවාරි 07 විශේෂ කලාපය
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හුරේරේරේරේර් යෝෂිතව හිරේ දාලා. නියමයි
    open.php
    open.php
    open.php
    open.php
    open.php


    ඒ උනාට යටින්

    1. සීපා / ECTA ගිවිසුම ගහනවලු..
    open.php


    2. ලංකාවෙ කොල්ලො කෙල්ලොන්ගෙ රෑකියා ටිකට කෙලවනලු
    open.php
    open.php


    3 හමුදා බුද්ධි අංශ පාවා දෙනවලු
    open.php
    open.php


    4. බුද්ධාගමට හෙමින් හෙමින් ගේම දෙනවලු
    open.php
    open.php
    open.php
    open.php


    5. රට වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු හිරේ දානවලු
    open.php
    open.php
    open.php


    6. කොටි ටික නිදහස් කරනවලු
    open.php
    open.php


    7.රණවිරුවො පෝරකේට දක්කනවලු.
    open.php
    open.php


    8. ටික ටික රට ඉංදියාවට ලියලා දෙනවලු
    open.php
    open.php
    open.php
    open.php


    9.රත්තරං හොයන්න වෑසිකිලි හාරලා මුට්ටි හොයා ගනන්වලු
    open.php
    open.php
    open.php


    ඒ මොක උනත් "යෝෂිත " ඩ්‍රාමා එක බෑලුවම මන්දබුද්ධික UNP චන්ද දායකයන්ට නිකං බඩු ගියා වගේ ආතල් එකක් එනවලු
    open.php
    open.php
    open.php
    open.php
    open.php
    open.php
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    අති දක්ෂ නීතිඥයින් ඉන්නා රටක යෝෂිත ඇතුළු පිරිස දින 14 ක කාල සීමාවකට අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සුදුසු නීතිඥයෙක් නොවුනද, නැතහොත් යෝෂිත හා සිය සගයන් හට එල්ල වී තිබු චෝදනාවලට නීතිඥයින්ගේ ද කටවල් වැසුනාද යන්න පිලිබඳව කරුණු හෙළිදරව් වී හමාරය.
    චෝදනා ගණනාවක්ම යෝෂිත ඇතුළු පිරිසට එල්ල වී තිබුණි.

    ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ මෙතෙක් සිදුකළ විශාලතම මූල්‍ය වංචා පරීක්ෂණය CSN මුල්‍ය වංචා පරීක්ෂණයයි. ඒ සම්බන්ධයෙන් යෝෂිත ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට ගත් බවට පුවත් පළවුවත්, කරුණු කාරණා මෙසේ විය.

    පළමුවැන්න නම් CSN නාලිකාව සතු රුපියල් මිලියන 520ක් පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකි වීමයි. එයින් රුපියල් මිලියන 360 විදේශ රටකින් බැර වී ඇති අතර එය බැර වීමට හේතුසාධක යෝෂිත ඇතුළු සෙසු අධක්ෂකවරුන්ට අනාවරණය කිරීමට නොහැකි විය. තවද රුපියල් මිලියන 160 ක් දේශීය වශයෙන් බැර වී ඇති අතර එය ඉපයූ මාර්ගයක් පිලිබඳ අනාවරණය කර ගැනීමටද නොහැකිවීම සහ ඉදිරිපත් කල කරුණු සඳහා සාක්ෂි නොවීමයි.

    දෙවැන්න මෙසේ විය. රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහරණය කිරීම. ජනාධිපති කාර්යාලයට අයත් ගොඩනැගිල්ලක අන්තර්ජාතික මාධ්‍ය නමින් පිටතට ප්‍රදර්ශනය කෙරුණු නාමපුවරුවක් වූ නමුත් කාර්යාලය තුල පවත්වාගෙන ගොස් තිබුණේ CSN නාලිකාවේ කාර්යාලයකි. එහි සාක්ෂි අදටත් ඉතිරිව ඇත. රටට වූ හානිය නම් පෞද්ගලික කාර්යාලයක නඩත්තු කටයුතු සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමයි.

    තෙවැන්න නම් CSN නාලිකාවේ ප්‍රවර්ධන, විකාශන, ප්‍රවාහන සහ අනෙකුත් කටයුතු සඳහා ජනාධිපති කාර්යාලය සතු රථවාහන අයථා ලෙස භාවිතා කිරීමයි. ඉන්ධන, නඩත්තු සහ රියදුරන් සඳහා ජනාධිපති කාර්යාලයෙන් බරපැන දරා තිබේ. තවද ජනාධිපති මාධ්‍ය ඒකකය සතු කැමරා, වීඩියෝ කැමරා වැනි භාණ්ඩ සහ උපකරණ තම පෞද්ගලික නාලිකාවල කටයුතු සඳහා යොදා ගැනීම සහ මේ භාණ්ඩ සහ උපකරණ සඳහාද ප්‍රාග්ධන වියදම් ජනාධිපති කාර්යාලයෙන් දරා තිබීමයි.

    සිව්වැන්න නම් ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. රෙජීමය සමයේ සියලු ක්‍රිකට් විකාශන කටයුතු සිදු කරන ලද්දේ CSN නාලිකාවෙන් බව රහසක් නොවේ. ගැටලුව වන්නේ තම පියා සතුව තිබු බලය භාවිතා කිරීමෙන් නීති විරෝධී ලෙස සියලු විධිමත් ක්‍රියාපටිපාටි උල්ලංගනය කරමින් විකාශන අයිතිය ලබාගැනීමයි. එමගින් රජයට ලැබීමට තිබු මිලියන ගණනක ආදායම් යෝෂිත වෙනුවෙන් CSN ලෙස පෙනී සිටින පෞද්ගලික ගිණුම්වලට බැර කර ගෙන ඇත.

    'දරු දුක මටත් තියනවා' යැයි කියන මහින්ද එය පවසන්නේ පියෙකු ලෙසිනි. තම දරුවන් ජාතියේ සුවහසක් දරුවන් සතු ධනය සූරා කන විට පියෙකු ලෙස ඇස් කන් බැඳ බලා සිටියේද, දැන් සිදුවී තිබෙන්නේ නීතිය ඉදිරියේ කදුළු හලමින් ඇස්කන් ඇර බලා සිටීමටය. නමුත් එයින් නොනැවතෙන මහින්ද තම දෙටුපුත් අත්අඩංගුවට පත්වීමද ඡන්ද ගුණ්ඩුවක් ලෙස භාවිතා කරයි. යෝෂිතට රටේ ධනය සූරාකෑමට තමා ඉඩ නොදුන්නා යැයි කියනවා නම් ඔප්පු වී ඇති කරුණු කාරණා අනුව එයද මුසාවකි. යෝෂිතට වුවත් වැරදි මග යෑමට හැකි වුයේ තම පියාගෙන් ලැබුණු උපකාරම නොවේද ? එසේ නොවන්නට ඔහු අදටත් නිදහස් සාධාරණ මිනිසෙකු සේ නීතිය පිළිගනී. නීතිය අප කාහටත් පොදු දෙයකි. යෝෂිත වැනි වැරදිකරුවන් හට නීතියෙන් ගැලවීමක් ඇත්නම් එය ඔවුන්ගේ වැරදි වලට බදුමුදලින් වන්දි ගෙවූ සාධාරණ යුක්ති ගරුක මිනිසුන්ට කරන අසාධාරණයකි. තවද කළ එක් හොඳකින් සියලු වැරදි සහ අයුක්තිය වසා දැමිය හැකි යැයි රාජපක්ෂලා සිතන්නේ නම් එයද විහිළුවකි. මන්ද, නීතිය සහ බුද්ධිමත් රටවැසියා සත්‍ය වසන් කර හැඟීම්බර වදන්වලින් රැවටීමට නොහැකි වීමයි.


    - http://sinhala.lankanewsweb.net/news/item/2684-2016-01-31-11-11-53