ගෝපි හමුදාවේ කෝකියෙක්ලු
ගෝපිගේ ඝාතනය ආණ්ඩුවේ සැලසුමක කොටසක්?
Sunday, 13 April 2014 01:05 0 Comments ප්‍රධාන පුවත
E-mail
Print
PDF
altපසුගිය 10 දා නැදුන්කර්නිහිදී ශ්‍රී ලංකා යුධ හමුදාව හා එල්ටීටීඊ සාමාජිකයින් අතර සිදුවූ බව කියන ගැටුමේදී ගෝපි නම් වූ එල්ටීටීඊ නායකයෙකු බවට පැවැසෙන් පුද්ගලයා ඇතුළු පිරිස ඝාතනය කිරීම ආණ්ඩුවේ දිගු කාලීන සැලසුමක එක් අවස්ථාවක් බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් විවිධ තොරතුර මේ වන විට හෙළි වී ඇති බැවින් මෙතෙක් සාකච්ඡා වී ඇති ක්‍රමවේදයන් ඉදිරියේදී වෙනස් කිරීමට ද නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මේ අතර විදෙස් වෙබ් අඩවි හා පුවත් වාර්තා වාර්තා කරන්නේ ඝාතනය කළා යැයි කියන ගෝපි, අප්පම් සහ තේවියන් යන තිදෙනාම පුලියන්කුලම යුද හමුදා කඳවුරේ කාලයක් තිස්සේ සිටි යුද හමුදාව ඔත්තු කරුවන් බවයි. එමෙන්ම මෙතෙක් කාලයක්මොවුන් ක්‍රියා කර ඇත්තේ යුද හමුදාවේ බුද්ධි අංශ සෙබලෙක් වූ දෙමළ ජාතික සෙල්වරාජා කමල රාජා (එස්.කේ.රාජා) (අංක 776927) නමැති නිලධාරියා යටතේ බවත් එම විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා ඇත. රාජා සහ පෙර කී තිදෙනා මිතුරන් ද වන අතර තේවියන් සහ අප්පම් යුද හමුදාවට හඳුන්වා දී ඇත්තේ ද රාජා විසින් බවද එම වෙබ් අඩවියේ සඳහන්වේ.
මේ අතර අදාල වාර්තා විසින් හෙළි කර ඇති තොරතුරුවලට අදාල යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයා වන සෙල්වරාජා කමලරාජා නැදුන්කර්නිහිදී සිදුවූ ගැටුමේදී මියගිය බව යුධ හමුදාව විසින් මේ වන විට තහවුරු කර ඇත. ඒ අතර අදාල මරණය සම්බන්ධයෙන් රජයේ පාර්ශව විවිධ මත පළ කිරීම නිසාම ඉහතින් දැක්වූ සැකය තවදුටරත් තහවුරු වේ.
ශ්‍රී ලංකා රජය විසින්ම සෙල්වරාජා කමලරාජාගේ මිය යෑම සම්බන්ධයෙන් මේ වන විට පරස්පර අදහස් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා හතර වැනි සන්නාහ සදන්නද්ධ බළකායේ බුද්ධි අංශ සෙබළකු වන කුරුණෑගල සෙල්වරාජා කමල රාජාගේ මරණය සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ බුද්ධි අංශ නිලධාරී සෙල්වරාජා කමලරාජා මිය ගියේ ගෝබි සෙවීමේ නැදුන්කර්නි මෙහෙයුමේදී නොවන බවත්, ඔහු මිය ගියේ යුද අභ්‍යාසයක දී බවත් ය.
කෙසේවුවද, ආණ්ඩුවේ ප්‍රධාන මුද්‍රිත ප්‍රකාශනයක් ලෙසින් සැලකෙන 'දිනමිණ' පුවත්පත අද (12) වාර්තා කර ඇත්තේ, එල්.ටී.ටී.ඊ. වත්මන් නායකයා වන ගෝපි සහ ඔහුගේ සගයින් වන තේවියන් හා අප්පන් යන අය සොයා පෙරේදා (10) රාත්‍රියේ සිදු කළ මෙහෙයුමක දී හටගත් ගැටුමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙක් ද මියගොස් ඇති බවයි. එම පුවතේ වැඩදුරටත් දක්වා ඇත්තේ මිය ගිය හමුදා සෙබළාගේ මෘතදේහය පදවිය රෝහලේ තැන්පත් කර ඇති අතර මොහු කුරුණෑගල පදිංචි රාජ්කුමාර් නැමැත්තකු බවයි.
ඉහත පුවත් සම්බන්ධයෙන් සැක මතුවන අතර, මෙහිදී සැකය වඩාත් තහවුරු වන්නේ ගෝපි ඇතුළු තිදෙනාගේ වගකීම භාරව සිටි හමුදා නිලධාරියාම අදාල සිදුවීමේදී මිය යාමයි.