ගෝල්ෆේස් නත්තල්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝල්ෆේස් නත්තල්

    මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.
    මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි.

    පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත් වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම් හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට, අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන් සිටියි.

    නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින් වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින් මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.
    මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල් රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්, පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. ‘බැලුම්ගල හෙලිදරුවෙන් පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි’ කියා නෙත් ප්‍රවෘති කියන්නා උද්දාමයෙන් වාර්තා කරනු ඇසිනි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල් දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල කුඩා ව්‍යවසායකයින් ය

    – අශෝක හඳගම
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ganige heluwa pennala salli hoyapu mu wage ekekgen meeta wada hoda comment ekakak balaporottu wenna ba. :lol:

    lol i don't find any perfect people in this country every one has ugly baggage that nobody see. I only don't like this idea because this is a christianity related thing other wise it was wesak i really support. i don't see this wasting money is an issue. but this is a buddhism country no need to have big Christmas tree. :yes:
     
    Last edited:

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නත්තල් ගහ නැති උනාට galle face එකේ carnival ඔක්කොම තියනවා. මිනිස්සුන්ට business කරන්න සතුටු වෙන්න බැරිකමක් නෑ.
    නත්තල් ගහ හදන්න අනුග්‍රහය දුන්නේ අමාත්‍යාංශයක්. ඒ කියන්නේ රටේ මිනිස්සු රජයට ගෙවපු සල්ලි... රට සංවර්ධනය කරන්න තියෙන සල්ලි...
     
    • Like
    Reactions: Miami-Vice

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    3.jpg
    mekakak wath haduwan hari
     

    Manji64

    Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ
    නත්තල් ගහ නැති උනාට galle face එකේ carnival ඔක්කොම තියනවා. මිනිස්සුන්ට business කරන්න සතුටු වෙන්න බැරිකමක් නෑ.
    නත්තල් ගහ හදන්න අනුග්‍රහය දුන්නේ අමාත්‍යාංශයක්. ඒ කියන්නේ රටේ මිනිස්සු රජයට ගෙවපු සල්ලි... රට සංවර්ධනය කරන්න තියෙන සල්ලි...

    නැ මචන් ඔක්කොම Private කොම්පැනි වලින් සල්ලි ඩිල තියෙන්නෙ!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නැ මචන් ඔක්කොම Private කොම්පැනි වලින් සල්ලි ඩිල තියෙන්නෙ!

    වරායේ සේවකයෝ දාලා හදවල තියෙන්නේ මුන් මේකෙන් හොද සල්ලියක් හොයන්න ඉදලා ඇත්තේ පෞද්ගලික අංශ නිකම් සල්ලි දෙයි හදන්න කියලා .කට්ටියටම මල්ල පුරවා ගන්න ආපු චාන්ස් එක අගරදතුමා කෑවා .:P
     

    Manji64

    Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ
    මචන් උබ 100% හරි! මෙක කලෙ නැ කියල එ සල්ලි දුප්පත් මිනිසුන්ට හම්බෙන්නෙ නැ නෙ! අපරාදෙ නැවැත්තුවොත් !!
     

    007-Bond

    Member
    Jun 5, 2008
    2,439
    10
    0
    අනුග්‍රහය ශ්‍රී ලංකා වරාය අධිකාරිය .........
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත.

    සංහිදියාව.......සිංහලයට විතරක් අදාළ, සිංහලයට අරින පකේ සංහිදියාව..ඔය සංහිදියාව කියන මගුලත් මුලෙන්ම උගුල්ලලා දාන්න ඕනේ