ගෝල්ෆේස් විරෝධයේ ඉස්ලාම් අන්තවාදීන්..- බොදු බල සේනා..

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,709
    113
    බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනයයි

    මේ වනවිට අරගලය මුවාවෙන් “ඉස්ලාම් අන්තවාදය” සාධාරණීකරණය” කිරීමේ මෙහෙයුමක් මෙන්ම බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ සමස්ත මහා සංඝරත්නයම ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් සිදුකෙරෙන ආකාරයක් දක්නට ලැබේ. ආර්ථික අපහසුතාවය හේතුවෙන් රජයට විරෝධය දැක්වීමට දේශපාලන භේදයකින් තොරව එකතුවූ තරුණ තරුණියන් ගේ අරමුණු, අවස්ථාවාදී ආගමික අන්තවාදීන්, ත්‍රස්තවාදීන් මෙන්ම මේ රටේ සිංහල බෞද්ධත්වයට වෛර කරන්නන් විසින් තමන්ගේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට භාවිතා කරන ආකාරයක් මේ වන විට පැහැදිලිව දැකගන්නට තිබේ.

    ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වී සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට අප හඳුනාගෙන ඇත. ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අන්තවාදය වසා ගැනීමේ සටන් පාඨ අරගලයට මුවා වී සමාජගත කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරෙමින් පවතී.

    1954 වසරේ දී ජමාතේ ඉස්ලාම් සංවිධානය විසින් තමන්ගේ අවසාන ඉලක්කය ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීම බවට “කිලාෆත්” සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසුව මේ දක්වා මෙරට ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව ප්‍රමාණික නිරීක්ෂණයන් අප සතුව ඇත. රාජ්‍ය යාන්ත්‍රණය තුල පවා ජමාතේ ඉස්ලාම් මතධාරීන් ඕනෑවටත් වඩා ස්ථාන ගත කර ඇත. 2019 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදයේ සැහැසි බව නිරාවරණය වූ අවස්ථාවක් වුවත් කිසිඳු පදනමක් නොමැතිව දේශපාලන වාසී තකා එම ප්‍රහාරයේ වගකීම් සිංහල දේශපාලන නායකයින් මත පැටවීම මෙරට ඉස්ලාම් අන්තවාදය මර්ධනය කිරීමට ඇති ස්වර්ණමය අවස්ථාව ජාතියට අහිමි කර ගැනීමකි. මෙම අවස්ථාව මගහැර ගතහොත් ශ්‍රී ලාංකිකයින් අහිමිකරගත් අවස්ථා ගොන්නට අනාගතයේදී මෙයද එක් වනු ඇත.

    2012 වසරේ සිට මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අප රටට කරුණු කීවෙමු. රටේ යහපැවැත්ම වෙනුවෙන් “එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක විය යුතු බවට කරුණු කීවෙමු. අප 2015 වසරට පෙර අප විනාශ කිරීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් “නොර්වේ කුමන්ත්‍රණ” සිදුකරන බවත්, රාජපක්ෂ පාලනයට විරුද්ධව සිදුකරන කුමන්ත්‍රණයක් බවත් සඳහන් කරමින් චෝදනා එල්ල කෙරිණි. දැන් එම චෝදනාවලට කිසිදු වලංගු භාවයක් නොමැතිව කුණු කූඩයට එක් වී ඇත.

    දැන් නිර්පාක්ෂික නාටකය රඟ දක්වන බොහෝ දෙනා, එදා වෙහෙස වී 2015 වසරේදී “යහපාලන” රජය බලයට පත්කර ගන්නා ලදි. ඔවුන් විසින් තමන්ගේ බෞද්ධ විරෝධය දැඩිව, ප්‍රසිද්ධියේ කිසිම හිරිකිතයක් නොමැතිව ගෙන යන ලදි. පන්සලේ තිබෙන පින්පෙට්ටියට පවා ඇත තැබූ ඔවුන් පුරාවිද්‍යා ස්ථාන මහ දවල් අන්තවාදීන් විසින් විනාශ කරනතුරු බලාසිටියේ තමන්ව බලයට ගෙන ඒමට දැක්වූ සහයට කෘතගුණ දක්වමිනි. බුද්ධි අංශ සම්පුර්ණයෙන්ම විනාශ කර අඩපන කර දමන ලදි. මෙම අමනෝඥ පාලනය නිසා අනාගතයේ දී සිදුවීමට යන විනාශය හඳුනාගත් අප එයට විරුද්ධව දැඩිව සටන් කරන ලදි. ඔවුන්ගෙන් එල්ලවූ බලහත්කාරය කෙතරම්ද යත්, බොදු බල සේනා නායකයින් සිරකුඩුවක් තුල කූඩු කිරීමට යහපාලකයින්ගේ අනුහසින් මුස්ලිම් දේශපාලකයින් පොලීසි පවා මෙහෙයවීය. අවසානයදී ඔවුන් සාර්ථක වෙමින් ඥානසාර හිමියන්ව සිරගත කර අන්තවාදය ව්‍යාප්ත කිරීමේ තම මෙහෙයුම නිදහසේ සිදුකරගෙන ගියේය.

    යහපාලනය නමින් ගෙනගිය සිංහල බෞද්ධ විරෝධී පාලකයන් පලවා හැරීමට මතවාදීව අප පෙරමුණේ සිටගත් අතර මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව අත්වැල් බැඳගන්නා ලදි. එහි ප්‍රතිපලයක් ලෙස 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්විය. අප ගෙනගියේ මතවාදී සටනක් මිසක් එක් දේශපාලන පක්ෂයක් හෝ එක් පුද්ගලයෙකු රජ කිරීමේ සටනක් නොවන බව මතක් කල යුතුය. කිසිම දේශපාලන වේදීකාවකට අප මේ වන තෙක් ගොඩවී නැත.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී වසර දෙකක් ගිය තැන, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීම සඳහා පත්කෙරෙන ජනාධිපති කාර්ය සාධක බලකායට නායකත්වය ලබා දෙන ලෙස රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්ද්‍රයන් වහන්සේට ආරාධනා කරන ලදි. වසර ගණනාවක සිට මෙ පිළිබඳව අත්දැකීම් ඇති උන්වහන්සේ එය බාර ගන්නා ලද්දේ සියලු දෙනාට නිදහසේ ජීවත් වීමට හැකි, වසර සියගනනකට මේ රටේ භුමි පුත්‍රයින්ට ආරක්ෂාව සැපයෙන ක්‍රමවේදයක් සැකසීමේ අරමුණිනි.

    “එක රටක් එක නීතියක්” සඳහා වූ කාර්ය සාධක බලකාය පිහිටුවා මිලියන ගණනක් මුදල් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට පදනම් විරහිත චෝදනා අන්තර්ජාල මාධ්‍ය තුල දක්නට ලැබුණි. කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයා විසින් පත්කිරීමෙන් අනතුරුව රැස්වූ පළමු අවස්ථාවේදීම සභාපති ලෙස ඥානසාර හිමියෝ යෝජනාවක් කරමින් මෙම උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ ප්‍රතිපාදන ලෙස ජනතා මුදල් කිසිවක් භාවිතා නොකළ යුතු බවට යෝජනාවක් සිදුකරන ලදි. අනෙකුත් සාමාජිකයෝ සියලු දෙනා ඒකමතිකව එය අනුමත කිරීමෙන් අනතුරුව කාර්ය සාධක බලකායේ සභාපති හිමියන් හෝ සාමාජිකයින් කිසිවෙක් රජයෙන් දීමනාවක්, යාන වාහන, ඉන්දන දීමනා ද ඇතුළුව කිසිදු දීමනාවක් ලබා ගන්නේ නැත. රජය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලබා දී ඇති කාර්යාල පරිශ්‍රය පමණක් කාර්ය සාධක බලකායේ කාර්යාලය ලෙස භාවිතා කරනු ලබයි. කාර්ය සාධක බලකායේ සියලු දෙනා තම කාලය, පුද්ගලික ධනය භාවිතා කරමින් සිදුකෙරෙන මෙම ස්වේච්ඡා සේවය අගය කල යුතුය.

    එමෙන්ම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳව ද නොමග යවන සුළු ප්‍රකාශ අන්තර්ජාල මාධ්‍ය තුල දක්නට ලැබේ. එය උන්වහන්සේට ජනාධිපතිවරයාගේ හෝ රජයේ අනුහසින් ලබා දී ඇති ආරක්ෂාවක් නොවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දීර්ඝ සාක්ෂියක් ලබා දීමෙන් අනතුරුව උන්වහන්සේට සිදුවිය හැකි ජීවිත තර්ජන සැලකිල්ලට ගනිමින් එම කොමිෂන් සභාව විසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට සිදුකරන ලද නියෝගයකට අනුව මෙම ආරක්ෂාව ලබා දී ඇත.

    උන්වහන්සේ භාවිතා කරනු ලබන වාහනය පිළිබඳව ද මේ වනවිට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටියි. එය දේශපාලඥයෙකු ලබා දී ඇති බවට ද චෝදනා කරති. නමුත්, ඥානසාර හිමියන් අපවත් කිරීම සඳහා විදේශීය ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයින් මෙරටට පැමිණ සිටින බවට මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව ආරක්ෂා සහිත වාහනයක් උන්වහන්සේට අවශ්‍ය බවත් එය ලබා දීමට තමන් සුදානම් බව සඳහන් කරමින් ශ්‍රී ලංකික වෛද්‍යවරයෙකු විසින් අදාල වාහනය උන්වහන්සේට පුජා කරන ලදි.

    බොදු බල සේනා සංවිධානය වෙත සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසිදු දේශපාලකයෙකුගෙන් කිසිම වරදානයක් ලබාගෙන නොමැති බවත් ජනතා මුදල් එකදු සතයක් හෝ ආයතා ලෙස ලබාගෙන නොමැති බවත් තවදුරටත් අවධාරණය කිරීමට කැමැත්තෙමි. දැනට රටේ උද්ගතවී ඇති තත්වය දඩමීමා කරගෙන තමන්ගේ ගමනට අපව බාදාවක් සේ සලකන අන්තවාදීන් සහ රටට ජාතියට එරෙහි ව්‍යාපාරයන්හී දිගින් දිගටම නියැලුණු පුද්ගලයින් විසින් කෙතරම් අවලාද නැගුවද ඒ සියල්ල අනාගතයේදී කුණු කූඩයට විසිවෙනු ඇත
    .

    වර්තමානයේ ජනතාව පීඩාවට පත්කෙරෙන ආර්ථික අර්බුදයක් රටේ නිර්මාණය වී ඇත. මේ හේතුව මත ජනතාව පාරට බැස ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරු සියලු දෙනාට විරෝධය දක්වන තත්වයකට පත්ව ඇත. අපගේ මාතෘභූමිය අරාජික කිරීමට බලා සිටින බලවේග මෙම අර්බුදය උපරිමයෙන් භාවිතා කරමින් සිටියි. ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අහිංසක ජනතාවට ඒ පිළිබඳව අවබෝදයක් නැත. අද වන විට උද්ගතවී ඇති තත්වය රටේ අස්ථාවර අනාගතයක් ඇතිවන තත්වයකට පත්ව ඇත. එබැවින් මෙම අවස්ථාවේ මාතෘභූමියට එරෙහි බලවේගයන්හි අරමුණ පරාජය කිරීමටනම් රජය වහා ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දිය යුතු බව දැඩිව අවධාරණය කර සිටිමු.

    ස්තුතියි.

    එරන්ද කේ නවරත්න.
    මාධ්‍ය ලේකම්
    බොදු බල සේනා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,386
    11,435
    113
    Piliyandala
    ඕක කිව්වනේ කිරුලපනේ ට, අල්ලා ගහනව පොලේ බේසිකෙ පුතා කියල,

    පොඩ්ඩක් ටියුන් කරල ගනින් ඥානා...
     
    • Haha
    Reactions: Ragna_SL

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    20,888
    1
    13,801
    113
    නානසාරයට රෙද්දේ රෙවිලා ඇත්තේ ලයිෂන් චන්ඩියා.
    සන්නස්ගල කියන හැම දේම ඇත්ත නොවෙන්න පුලුවන්. ඒත් ඔය පන්සල් පල්ලි ගැන කියපු කතාව නම් සහතික ඇත්ත.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    අවසර අපේ හාමුදුරුවනේ වෙන කවුරුත් නැද්ද දන් නෑ නේද ඔතන අයි ඒස් කාරයෝ වගේ ඉන්නව වෙන්න පුලුවන් :LOL::LOL: ඉන්දියන් රෝ එකෙන් ඉන්න පුලුවන් ඒක නෙමේ වාහනේට ඩීසල් පැට්‍රල් ටික හම්බෙනවා නේ නේද එවත් අය වෙන්නේ ඔතන ඉන්න ත්‍රස්තවාදීන්ගේන් තමා මොකෝ කියන්නේ නෙලමුද අවසර
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,791
    15,594
    113
    minissunta kanta na, gas na, thel na ...
    ewa gana wachanayak kiyanta ba.. me thatta ballata

    thattayo kiyanne lankawata sapayak.
    buddagamath ehemama thamai.
    buddagama yawapu ratawal wedi hariyak kelawela thiyenne okai.

    mainage sape lankawata waduneth bauddayo nisa. Un thamai thani sinhala baluhujja anduwa kiyala munwa genawe.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,207
    20,332
    113
    Westනාහිර
    මේවා ලෝකෙටම කියන්න ඕන බං..මෙහෙම කරන්න දෙන්න බෑ මේ දුප්පත් රටට..ඵක කල්‍ලියක් ඵකතු වෙලා උන්ගෙ පැවැත්මට රටේ ජාතිවාදය අවුස්සනව..ඉතිං මේ රටට හරියයිද..අනිත් උන් නෙමෙයි අන්තවාදියෝ ඔන්න ඕකුන්.කහ සිවුරට මුවා වෙලා රාජපක්‍ෂ ලගේ පක්‍කිලි වැඩ ඔක්කොම කරන්නෙ ඕකුන්..ඒ කරපුවට අද රටම විඳවනවා..ඵක පවුලක් සැප විඳිනකොට රටම දුක් විඳිනව..ඒව ගැන මුං වචනයක් කියනවද බලපං..අපි හිතමු රාජපක්ෂ බල්ලො ටික අයින් කරා කියල අවුරුදු දෙකක් යනකොට මුං ටික අායෙත් කරන්නෙ අර යහපාලනයේ කරපු සෙල්ලම් ටිකම තමා..මතකනේ මුං ජාතිවාදය වපුරලා මුස්ලිම් ගෙවලුත් ගිණි තිබ්බා..රාජපක්ෂ පවුලම රටට සාපයක්.

    FB_IMG_1649863862415.jpg

    FB_IMG_1649849994433.jpg
     
    Last edited: