ඇත්තටම පොදුවේ හාමුදුරුවන්ටවත් සිවුරටවත් සාසනේටවත් බනින්න ගරහන්න එහෙම කරන අයට හූමිටි තියන්නවත් යන්න එපා. වැරැද්ද ඒ දේවල්වල නෙවේ දේසපාලකයගෙ.
80 ගනන් වල ඉදල සින්හල බෞද්ද අයත් අනෙක් අයත් අන්දන්න තමන්ගෙ ගේම ගහගන්න බෞද්දයි කියන්නෙ මෙන්න මේ අයයි කියල ලේබල් කරපු ටීම් හැදුවා කාර් බාර් සල්ලි කප්පන් දීල තමන්ගෙ වැඩේ කරගන්න.
ඉතින් ඒ තමන් තියන් ඉන්න ටීම් එක තමයි සාසනේ කියන්නෙ කියල පෙන්නුවා. ඉතින් අනික් මොලයක් නැති එව්වො හිතන්නෙත් වෙනත් ආගමිකයන් හිතන්නෙත් බෞද්දයො කියන්නෙ මේ ආන්ඩුවෙන් පෙන්නන නටවන කොටසෙයි කියල. එහෙම උනාම ඇත්ත භික්ශුවත් සාසනෙත් බෞද්දයත් කපාගෙන් අර ආන්ඩුවෙන් පෙන්නන ටීම් එක මතුවෙනවා.
ඒ අය කරන නොපනත්කම් ආන්ඩුවට කඩේ යාම් දකින අනික් මිනිස්සු දැන හෝ නොදැන වැරදි ඉමේජ් එකක් හිතේ හදාගන්නව බුද්ධාගම්කරයොයි කියන්නෙ අර බොදුබලේ නැත්නම් සිහල රාවෙ කට්ටියයි කියල. ආන්ඩු බෞද්ද ආගමට කරපු ලොකුම අපරාදෙ ව්‍යාජ බෞද්ද ටීම් හදල මාකට් කරපු එක. නෙලුම් පොකුනෙ පෙලපාලිය ආසන්න සිද්දිය.
එනිසා ආන්ඩුව මෙහෙයවන ව්‍යාජ බෞද්ද ලේබල් ගහපු පැරාටීම් නිසා ඇත්ත භික්ශුවට ආගමට ගරහන්න එපා