ගෝලීය අඳුරුවීම මනුෂ්‍යාගේ පැවැත්ම තීරණය

hasitha888

Member
May 3, 2014
3
1
0
ගෝලීය අඳුරුවීම මනුෂ්‍යාගේ පැවැත්ම තීරණය

පොසිල ඉන්දන දහනයේ ප්‍රදානතම ප්‍රථිපලයක් ලෙස මෙතෙක් අප හඳුනාගෙන සිටියේ ගෝලීය උණුසුමයි. ඒත් පොසිල ඉන්දන දහනයේ තවත් ප්‍රතිපලයක් හඳුනාගැනීමට තිබෙනවා. එය හඳුන්වන්නේ ගෝලීය අඳුරු වීම කියායි.(Global Dimming).

ගෝලීය අඳුරු වීම යනු කුමක් ද?
global.jpg

පොසිල ඉන්ධන නොහොත් අප සමාජයේ සාමාන්‍යයෙන් භාවිතා කරන පෙට්රල් ඩීසල් බඳු පොසිල මගින් ගොඩනැගුනු ඉන්දන දහනයේ දී නොයෙක් හරිතාගාර ආචරණයට හේතු වන වායු වර්ග නිකුත් කිරිමට අමතරව සල්ෆර් ඩයොක්සයිඩ්,අළු සහ දැලි බඳු අමතර දේ ද පරිසරයට නිකුත් කරනවා.එවිට මෙම අමතර දේ අප පරිසරයේ වළාකුළු වල ගතිගුණ වෙනස් කරනු ලබනවා.
වළාකුළු ඇති වන්නේ අහසේ පවතින දූවිලි සහ පරාග බඳු භාහිර දේ වටා ජලය බැඳීම නිසයි. ඒ අනුව පොසිල ඉන්දන දහනයෙන් නිකුත් වන ද්‍රව්‍ය නිසාද වළාකුළු ඇති වනවා. එහෙත් මෙම වළාකුළු වල සාමාන්‍ය වළාකුළු වලට වඩා වැඩි ජල බිඳිති ප්‍රමාණයක් අන්තර්ගත වනවා. ඒ හේතුවෙන් මෙම වළාකුළු වැඩි පුර පරාවර්තනය සිදු කරන ස්වාභාවයක් ඇති අතර හිරුගෙන් පැමිණෙන තාපය සහ ශක්තිය නැවත පරාවර්ථනය කර අවකාශය වෙත යොමුකරනවා.මෙමගින් පෘතිවිය වෙත පැමිණෙන තාපය අඩුවීම ගෝලීය අඳුරුවීම ලෙස හඳුන්වනවා.
ගෝලීය අඳුරුවීමේ ප්‍රථිපල.
පොසිල ඉන්දන දහනයෙන් නිකුත් වන වායු වලින් හටගන්නා හරිතාගාර ආචරනය හේතුවෙන් ගෝලීය උණුසුම ඇතිවීමෙන් ලැබෙන ප්‍රථිපල වලට විරුද්ධව පොසිල ඉන්දන දහනයෙන් නිකුත් වන වෙනත් සංඝටක හේතුවෙන් ගෝලීය අඳුරුවීම සිදුවීමෙන් ගෝලීය උණුසුම අඩුවීම අගනා සේම උපහාසාත්මක පිලියමක් ලෙස යමකුට සිතිය හැකියි.එහෙත් වැඩිදුරටත් සොයා බැලීමේ දී සැබවින්ම මෙය ඊට වඩා බොහෝ සංකීරණ බව පැහැදිලි වේ.

සෞඛ්‍ය සහ පාරිසරික බලපෑම්.

ගෝලීය අඳුරුවීමට බලපාන වායු දූෂක විවිධ මනුෂ්‍ය සහ පාරිසරික ගැටළු වල ට මුල් වේ. උදාහරණයක් ලෙස මීඳුම් තත්ව, ශ්වසන ගැටළු සහ අම්ල වැසි දැක්විය හැකියි.එහෙත් ගෝලීය අඳුරුවීම නිසාම සිදුවන වෙනත් ව්‍යසන ගණනාවක් ද ඇත.
සූර්යාලෝකය පරාවර්ථනය වී ඉවතට යෑම නිසා උතුරු අර්ධගෝලයේ ජලකඳ සිසිල් විම නිසා සාමාන්‍ය වර්ෂාපතන රටා වෙනස් වීයෑමෙන් ලොව පුරා දැඩි ඉඩෝරයත් පැතිර යෑම මෙහි ප්‍රබල බලපෑමක්.ඒ අනුව යුරෝපයේ සහ ඇමරිකාවේත්, චීනයේත් කර්මාන්තායතන වල දුම්කව්ලු වලින් පිටවන දුමෙන් අප්‍රිකානු ප්‍රදේශයේ මිලියනයක ජනකායක් පසුගිය කාලය තුල මරණයට ලක්වුනු අතර තවත් මිනිසුන් මිලියන 50 ක් දැඩි කුසගින්නෙන් පීඩා විඳීමට හේතු විය. මෙම හේතුව නිසාම ආසියාව පුරා බිලියන 3ක මනුෂ්‍යයන් ප්‍රමාණයක් ගැටළු වලට ලක් වෙතැයි අනුමාන කරයි.
ඇත්තේන්ම ගෝලීය උණුසමට ප්‍රබලව බලපාන තවත් හේතුවක් හඳුනාගැනීමට දැන් විද්‍යාඥයන්ට හැකිවී ඇත. එනම් ගුවන් යානා ගමන් කිරීමත් සමග අහසේ ඇතිවන දුම් වළා ලෙස පෙනෙන ජල වාෂ්ප සළකුණු වේ.(contrails).මෙම සළකුණු ඇතිවන්නේ යානා වල එංජින් වලින් පිට කරන ජලය මගින් සහ ගුවන් යානාව ගමන් කිරීමෙන් පරිසරයේ ඇතිවන වායු පීඩනය වෙනස නිසයි.
මෙම ජලවාෂ්ප සළකුණු ද හිරු එලිය පරාවර්ථනයට දායක වේ. මෙය එතරම් බලපෑමක් ඇතැයි ඔබට එක්වරම නොසිතීමට පුළුවන්. එහෙත් මෙහි බලපෑම හඳුනාගැනීමට හැකිවූව 2001 වසරේ ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කල ප්‍රහාරයත් සමගයි. එ අවස්ථාවේ දින 3ක් දක්වා සියළු ගුවන් යානා බිම් ගත කර තිබූ අතර මෙම දින 3 තුල විද්‍යාඥයන් යුහුසුළුව පරීක්ෂාවට ලක්කලේ මෙම ගුවන්යානා මගින් ඇති කරන සලකුණු වල බලපෑමයි. එවිට ලොව පුරා පාරිසරක උෂණත්වය සාමාන්‍ය තත්වයට වඩා සෙල්සියස් අංශක 1කින් වැඩිවීමට ගුවන් යානා වලින් නිකුත් වන ජලවාෂ්ප සළකුණු හේතු වන බව පෙනී ගොස් ඇත.

ගෝලීය උණුසුමේ බලපෑම වසන් වීම.

මේ සියළු දේ සමග අප අවබෝධ කරගතයතු වැදගත් ම සාධකයක් ඇත. එනම් ගෝලීය උණුසුමේ සැබෑ බලපෑම අපට තවමත් දැකීමට නොහැකිව වසන් වී පැවතීමට ගෝලීය අඳුරුවීම හේතුවී ඇති බවයි.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඉදිරි සියවස තුල පෘථිවි උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහල යනු ඇති බවයි. එහෙත් මේවන විට බොහෝ පර්යේෂකයන් බිය පලකරනුයේ අප සැබවින්ම ගෝලීය උණුසුමේ බලපෑම හඳුනාගෙන නැති බවත් මෙම අගය සැබවින්ම සෙල්සියස් අංශක 10ක් වනු ඇති බවත ය.

එසේ නම් ගෝලීය අඳුරට පිලියම් සෙවීම කරන විට ගෝලීය උණුසුම තවතවත් වැඩි වීම වැලැක්විය නොහැකි තත්වයකි. එසේනම් දැන් මනුෂ්‍යන් මුහුණ දී ඇත්තේ ඉතාම සංකීර්ණ ගැටළුවකයයි. ගෝලීය උණුසුමට පිලියම් නොකර ගෝලීය අඳුරට පමණක් පිලියම් කල හොත් යලි සැකසිය නොහැකි මහත් ව්‍යයසනයකට ඉතිරව ඇත්තේ තවත වසර 30ක් පමණක් බව පරීක්ෂකයන් අනුමාන කරයි.එසේ නම් විද්‍යාඥයන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් ඉක්මනින් ගෝලීය උණුසුම ඇතිකරන ක්‍රම වේද වැලැක්වීම සිදු කල යුතු බවයි.ඒ සඳහා මෙම පවතින ආර්ථික ක්‍රමය සහ ජීවන ක්‍රමය දැඩි වෙනස්කම් වලට ලක්කිරීමට සිදුවේ. කෙසේ වෙතත් පසුගිය වසර 20 පුරා ගෝලීය උණුසුම වෙනුවෙන් ප්‍රමාණයත් පියවරක් ගැනීමට මනුෂ්‍යයන් අසමත් වීම අනුව නුදුරු අනාගතයේදී කෙතරම් සාර්ථකව ගෝලීය උණුසුම සහ ගෝලීය අඳුර අවම කිරීමට මනුෂ්‍යන්ට හැකිවේදැයි පැහැදිලි නැත.
 
  • Like
Reactions: gkcnalaka

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala