අපි හොඳින් දන්නා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සහ සමාජ සේවකයෙකු වන මොහමඩ් මහතා යන දෙදෙනාට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බ්‍රිටිෂ් ඇමරිකන් යුනිවසිටි නම්වූ විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධි පිරිනැමුණු බව දැනගත්තා. හරි සන්තෝෂයි! මගේ උණුසුම් සුබ පැතුම්.
අනේ ඉතින් මම නිකමට හොයලා බැලුවා ඒ විශ්වවිද්‍යාලය ගැන. අනේ එහෙම එකක් මම ජීවත්වෙන ඇමරිකාවේ නැහැනේ හාමුදුරුවනේ.
බටහිර අප්‍රිකාවේ බෙනින් රාජ්‍යයේ නම් එහෙම එකක් තියෙනවා. මේ සහතිකයේ තියෙන ලෝගෝ එකම තියෙන එම ආයතනයට අදාළ අසම්පූර්ණ සහ අඩුපාඩු සහිත ෆේස්බුක් පිටුවේ සඳහන් පරිදි එහෙම වෙබ්අඩවියක් ඇත්තෙත් නැහැ.
මෙම ආචාර්ය උපාධි ශ්‍රී ලංකාවේදී ප්රදානය කර ඇත්තේ CCAS - Ceylon College of Applied Studies යන ආයතනය විසින්. ඒවා තිළිණ කරන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන රොහාන් පල්ලෙවත්ත අතින්.
අනේ මන්දා... මේවා මේ අතින් සල්ලි ගෙවලා ගන්න හොර උපාධිද, එහෙම නැත්නම් කවුරුත් පිළිනොගන්නා බොරු උපාධි සහතිකද කියලා. එහෙම ගන්න පුළුවන් තැන් නම් ඕනෑ තරම් තියෙනවා. හැබැයි ඒවා කවුරුත් පිළිගන්නේ නැහැ. නොදන්නා අයව රවට්ටන්න නම් හොඳයි.
නිවාඩුවට ඇමරිකාව ඇවිල්ලා, ඔය වගේ $350 දීලා ඇමරිකාවෙන් හොර ආචාර්ය උපාධි කඩදාසි සල්ලි ගෙවලා අරගෙන් ගිය කීපදෙනෙක්ම මම පුද්ගලිකව දන්නවා. ඒ ගැන අහලා ඒ අය මාත් එක්ක අමනාපවෙලා ඉන්නේ.
copied