ඝාතනයට ජනපති සමාව
2010 නොවැම්බර් 16 වෙනි අඟහරුවාදා, 13:34
සිය අනියම් බිරිය ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
ඔහු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ තරංගා ගන්කන්ද නැමති කාන්තාවකි. ඒ සම්බන්ධයෙන් ඔහුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි. ඒ අනුව 2007 අගොස්තු මාසයේදී ඔහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් ලබමින් සිටියේය.
එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් මෙම ජනපති සමාව ලැබීම පිටුපස විශාල මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය. එම වාර්තාවලට අනුව විදේශ තානාපතිවරයකු වශයෙන් සේවය කරන අයකුගේ මැදිහත්වීම මත මෙම චූදිත බස්නායක නිලමේවරයාට ජනාධිපති සමාව ලැබී තිබේ. මෙම මැදිහත්වීම වෙනුවෙන් තානාපති සේවයට සම්බන්ධ පුද්ගලයා විසින් රුපියල් කෝටි 8 ක් ලබාගෙන ඇති බවත් පසුව ඔහු සේවය කරන රටේ හෝටලයක කොටස් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් හෙළිදරව් වී ඇත.