ඝාතන_10

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තජුඩීන් ඝාතනය: මහින්දගේ රියැදුරා, කෑම ටේස්ටර් ‘තිස්ස‘ ගැන සීඅයිඩිය සොයයි: ජානක-සිසිත සරසවි සිසු ඝාතනය, මාලකට, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම කෙළේද ‘තිස්ස‘ බව ලංකා ඊ නිව්ස් කීවේ 2012 දී: රාජපක්ෂ වෙනුවෙන් ඝාතන 10 ක් කරලා



Tissa_MRs_Muderer2.jpg


හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ‘තිස්ස’ නමින් හැඳින්වෙන එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියැදුරෙකු වශයෙන්ද ජනාධිපති ආරක්ෂක අංශයේද ක්‍රියා කළ හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන්නේ යයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන බව රාජ්‍ය මාධ්‍යයක් වූ දිනමිණ පුවත් පත අනාවරණය කරයි. එම වාර්තාවේ මෙසේද දැක්වේ.
තාජුඩීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ ‘තිස්ස’ට සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බවයි.
එමෙන්ම තාජුඩීන්ගේ වාහනය දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩි‍ෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රදේශවාසීන් තාජුඩීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි වාර්තා වේ. ඩි‍ෆෙන්ඩර් රථවලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කුමන මොහොතක හෝ මෝටර් රථය ගිනිගෙන පුපුරා යා හැකි බවත් ඒ වෙත ළංවීමෙන් වළකින ලෙසත්ය.
එමෙන්ම කිරුළපන මංසන්දියෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහන කිහිපයක් විසින් රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ආකාරයයි. තාජුඩීන් එම වාහන මගහැර යන්නට උත්සාහ කරන අන්දමත් ලුහුබඳින වාහන ඔහු පලායාම අවහිර කරන අන්දමත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.
එම දර්ශන මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් විශ්ලේෂණයට ලක් කරනු ලබන බව මේ පිළිබඳ කරුණු දක්වන පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ‘තිස්ස‘ නමැති පුද්ගලයා ‍එලෙස සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති වාහනවලින් එකක පැමිණෙන්නට ඇතැයි සැකකරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් තවත් සති දෙකකින් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.




‘තිස්ස‘ ගැන 2012 දී ඊ නිව්ස් පළමුවරට හෙලි කළහැටි



දිනමිණ වාර්තාවේ සඳහන් ‘තිස්ස‘ නමැති රාජපක්ෂගේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හෙලිකෙළේ 2012 ජුලි තරම් ඈතකදී ය. ඒ එකළ ෆූටා මහා පාගමනට සමගාමීව අන්තරය විසින් නුවර සිට පාගමනින් එද්දී මෝටර් සයිකල් අනතුරක් බව පෙන්වා ඝාතනය කරන ලද ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සිසුන් දෙදෙනාගේ ඝාතනයට මෙකී ‘තිස්ස‘ නමැති කුලී ඝාතකයා සම්බන්ධ වූයේ යැයි හෙලිකරමිනි. මෙම පීඑස්ඩී ‘තිස්ස‘, ආරච්චි සරලගේ මිලිංග ප්‍රභාත් සංජීව හෙවත් 'රේල් පාරේ සංජීව' නමැති පාතාල සාමාජිකයා ද සමග එම ඝාතන සිදුකරන ලද බවට සාක්කි ලංකා ඊ නිව්ස් විසින් හෙලි කෙළේය. පසුව ‘රේල් පාරේ සංජීව‘ නමැත්තා රාජපක්ෂලා විසින් රටින් පිට කෙළේය.
මෙම ‘තිස්ස‘ නමැත්තා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් ආයතන රථගාලේ දී පහර දී පැහැරගෙන යෑමටත්, විනිසුරු මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී පහර දීමටත් සම්බන්ධ බවට ලංකා ඊ නිව්ස් එකළ තොරතුරු හෙලි කෙළේය.
කැප්ටන් තිස්ස ලෙසත් මේජර් තිස්ස ලෙසත් හඳුන්වනු ලබන රාජපක්ෂ ඝාතකයාගේ ගම ඇලහැර දෙහිවත්ත ප්‍රදේශයයි. ගමේදී හඳුන්වන්නේ 'පොඩි තිස්ස' යනුවෙනි. මොහු නිත්‍ය යුද හමුදාවේ සාමාජිකයෙක් නොවේ. ඔහුම පවසා ඇති පරිදි 'මහින්ද මහත්තයාගේ වැඩ නිසා 10 වතාවකට වඩා රිමාන්ඩ් වී' ඇති මැරයෙකි. මෙම මැරයා ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් හෝ කැප්ටන් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් හෝ කැප්ටන් ධූරයකට පත් වූවෙක් නොවේ. නිත්‍ය ආරක්ෂක සේවාවකට බැඳෙන ඕනෑම අයෙක් තම ඇඟිලි සලකුණු, රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතු වුවද පීඑස්ඩීයට බඳවා ගත් රාජපක්ෂගේ මැරයන් කිසිවෙක් එලෙස ඇඟිලි සලකුණු ලබා දී නැත.
මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන්ට පවා මෙකී තිස්ස නමැති ඝාතකයා රැගෙන යන අතර රාජපක්ෂ නොදන්නා ස්ථාන වලින් කෑම ගැනීමට පෙර වස දමා තිබේදැයි රාජපක්ෂට පෙර කා බලන්නේ ද තිස්ස නමැති කුලී ඝාතකයා ය.
(සේයාරුවේ දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් 2012 දී ප්‍රසිද්ධ කරන ලද තිස්ස ගේ සේයාරුවකි. මෙම සේයාරුව ගනු ලැබ ඇත්තේ 2008 දී පමණය)
ලංකා ඊ නිව්ස් එදා පලකළ ලිපිය https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/421708204561017/
 

OverKill

Member
Dec 16, 2015
69
16
0
දැන් පොලිසිය නෙවෙයිද ඔවා ගැන අපරාධ පරීක්ෂණ කරන්නේ
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    හික්හික් ලංකා ඊ news


    ඔන්න තවත් නාටකයක්

    අපි බලමු මොකද වෙන්නේ කියලා

    කෝ අර පෙන්නවා කියපු CCTV දර්ශන එකේ ඔක්කොම කට්ටිය ඉන්නවා කිවුව නේද ? කෝ මොකද උනේ

    දන් ඒ පාර මේකද අලුත්ම නාටකය


    අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන්
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් පොලිසිය නෙවෙයිද ඔවා ගැන අපරාධ පරීක්ෂණ කරන්නේ

    නැ බං කැමරා බාරව ඉන්නේ රාජිත පරීක්ෂණ කරන්නේ මිඩියා එකෙන්.:P
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    12342421_1533472610311540_2224929852990727959_n.jpg


    තිරිමාවිතාරන සමග අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන්ටත් ඒ ඉරනම නේද ? තාජුඩීන් කියන එකමිනිසෙක් බදාගෙන දගලන පාලකයන් විසින් සිංහල සරසවි සිසුන් දුසිමි ගනනක් දසවද දි මරාදැමිම ගැන නැවත පරික්ෂා කලයුතුයි මෙිවාට එකල අධ්‍යාපන ඇමති වර්තමාන අගමැති වගකිවයුතුයි

    ත්‍රිමා සොයුර, අමරනීය විප්ලවාඩියා, මුලින්ම ඔබට විප්ලවීය ආචාරය. ඔබට ඇණ් ගහපු ප්‍රා නයක කැරිය අද ආන්ඩුවෙ ඇමති.


    12346390_905446299551560_1215808557140744904_n.jpg
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    දැන් මේක boring මචන්. අයවැය අමතක කරන්න නම් අලුත්ම කතාවක් කියන්න වෙයි වගේ. පාල ගේ ආණ්ඩුව කතා විතරනේ බං ...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    E news dannawanam owaye investigation karanna one nane evidence denna pluwan.. oke yana ewa kiyawa kiyawa wayasata yanne nathuwa wadak karapan
     

    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    නැ බං කැමරා බාරව ඉන්නේ රාජිත පරීක්ෂණ කරන්නේ මිඩියා එකෙන්.:P
    ඒකනේ බං. දැන් පොලිසියෙන් දන්නේ නැති දේවලුත් මුන් දන්නවනේ...:):)
    පාලගේ ආච්චාර්යය......:P:P:P:P
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,553
    113
    පොන්සි ආණ්ඩුව
    හික්හික් ලංකා ඊ news


    ඔන්න තවත් නාටකයක්

    අපි බලමු මොකද වෙන්නේ කියලා

    කෝ අර පෙන්නවා කියපු CCTV දර්ශන එකේ ඔක්කොම කට්ටිය ඉන්නවා කිවුව නේද ? කෝ මොකද උනේ

    දන් ඒ පාර මේකද අලුත්ම නාටකය


    අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන් අවන්ගාර්ඩ් + තජුදීන්
    Reply With Quote