චංගුමී ඉවර වුණාට පස්සෙ අපේ රටේ ජනගහනය වැඩ&#353

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
චංගුමී ඉවර වුණාට පස්සෙ අපේ රටේ ජනගහනය වැඩ&#353


64958323.jpg


මුළු ලංකාවම ස්ටක් වෙලා හුළඟක්වත් හමන්නේ නෑ. මට වැඩේ දැනුයි පත්තු වුණේ. ගහ කොළ මල් ගල් ගැසී බලාගෙන ඉන්නෙ චංගුමී එනකල්. කොහොමත් පිටරට ගොම වැඩියෙන්ම විකිණෙන්නෙ ලංකාවෙනෙ. හෙට දෝෂාභියෝගෙ පාර්ලිමේන්තුවට ගේනව කියද්දි ඊට වඩා බොක්ක රත්කරගෙන 'හෙට චංගුමී බිසවට ෆුල් ස්ටෝරියම කියාවි' කියල රටට හෙණ ගැහුවත් කමක් නෑ කියන රසිකාගාරයකුත් අපිට තියෙනව. රයිට් එහෙනං දැන් ඉතුරු ප්‍රශ්න ටිකට උත්තර හොයමු. ලංකාවෙ අපිට තියන


(1) චංගුමී ෂූටිං කරන කාලෙ අධ්‍යක්‍ෂවරයා හෝ නිෂ්පාදකවරයා සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇත්ද?
(2) නිෂ්පාදකවරයා රංගන ශිල්පීන්ගේ ගෙවීම් අද දෙන්නං හෙට දෙන්නං කියා පොලු තබා ඇත්ද?
(3) ෂූටිංවලට සහභාගි වූ එකම නිළියක්වත් ගණිකා වෘත්තියේ යෙදී සිට පොලීසියට මාට්ටු වී නැද්ද?
(4) 1995 දකුණ කොරියානු රූපවාහිනී සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වීමට චංගුමී තමාටම පෝස්ට් කාඩ් කීයක් දාන්න ඇත්ද?
(5) චංගුමී රඟපෑමට අමතරව මොඩ්ලින් නිවේදන කටයුතු ගීත ගායනා කිරීම වැනි දේ කර තිබේද?
(6) චංගුමීට ආදරය කරන මින් ජන්ග් යූ ෂූටිංවලිං පස්සෙත් පවුල් අවුල් කරගෙන ලව් කරන්න ගිහිංද?
(7) චංගුමීට ලංකාවෙ ඡන්දෙ ඉල්ලන්න කිව්වොත් යූ.එන්.පී. එක තෝර ගනියිද? ආණ්ඩුව තෝර ගනියිද?
(8) චංගුමී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද? එසේ නැත්නම් ආණ්ඩුවේම වැඩක්ද?
(9) චංගුමී ඉවර වුණාට පස්සෙ අපේ රටේ ජනගහනය වැඩි වෙයිද?
(10) ඇත්තටම චංගුමීගෙ පෞද්ගලික තොරතුරු මොනවද?​


මේ ප්‍රශ්න දහයෙන් බාගයක්ම ලංකාවෙ විතරක් වෙන ඒව. ඒත් කමක් නෑ අවුස්සල බලමු. පළමු වැනි ප්‍රශ්නෙට උත්තරේ තමයි චංගුමී ෆීල්ඩ් එකට ඇවිල්ල තියෙන්නෙ. 1991 කරපු සබන් ඇඩ් එකකින්. 1993දී හව්'ස් යුවර් හස්බන්ඩ් ටෙලි නාට්ටියෙන් කොරියාවම චංගුමීව අඳුනගෙන අස්ප්හෝල්ට් මෑන් (1995) ලව් ඇන්ඩ් මැරේජ් (1995) වගේ ටෙලිවලින් පට්ටෙට හිට් වුණාලු. 1996දී ඉන්ෂල්ලාහ් ෆිල්ම් එකෙන් පටන් අරගෙන ෆස්ට් කිස් (1999) ජොයින්ට් සිකුරිටි ඒරියා (2000) ලාස්ට් ප්‍රසන්ට් (2001) වන් ෆයින් ස්ප්‍රිංග් ඩේ (2001) සිම්පති ෆෝ ලේඩි වෙන්ජියන්ස් (2005) වගේ සිරා ෆිල්ම්ස් කරල තියෙනව. ඉතිං අහවල් එකකටද මේ ටෙලියෙ ඩිරෙක්ට වුණ ලී බියුන්ග් හුන් එක්ක සෙට් වෙන්නෙ. ආරංචියෙ හැටියට නං චංගුමීගෙ පේන අහිංසකකම සැබෑ ජීවිතේ නැතිලු. වෙලාව නං වෙලාව. ප්‍රෝෆෙෂනල් වැඩ කරන්නෙ නැති උන් එක්ක මල පනිනවලු. මේ ටෙලිය කරල තියෙන්නෙ 2003. ඒ වෙනකොට කොරියාවෙ ඉඳල තියෙන්නෙ අපේ චංගුමී කෙල්ල. 1994 හොඳම නැඟී එන නිළිය විදියටත් 95,99 අවුරුදු දෙකේම ජනප්‍රිය නිළිය විදියටත් සම්මාන අරගෙන තියෙනව. 96, 98 හොඳම නිළිය වෙලා තියෙන්නත් මෙයාම තමයි. ඒ නිසා ඊළඟ ඩ්‍රාමා එකටත් ඔළුව දාගන්න ඩිරෙක්ට එක්ක සෙට් වුණා වෙන්න බෑ නේද?

39637189.jpg


දෙවැනි ප්‍රශ්නෙට නං උත්තරේ පැහැදිලියි. ලංකාවෙ පොලු තිබ්බට එහේ එහෙම නැතිලු. මොකද එහේ කලාව කියන්නෙ ටැක්ස් කවර් කරන කර්මාන්තයක් නෙවෙයි. අමෙරිකන් ඩොලර් මිලියන 15 ලංකාවෙ සල්ලිවලින් නං කෝටි 19ත් පැනල. අපිට මෙගා නාට්ටි 3,000 විතර ගහන්න තිබ්බ. රටවල් 46 පෙන්නල ඩොලර් මිලියන 400 හම්බ කරපු එකේ ආර්ටිස් පේමන්ට් නොගෙව ඉන්න ඇති කියල හිතන්න අමාරුයි නේද?


කොරියාවේ ගණිකා ව්‍යාපාරය නීතිගත නිසා එහෙම ප්‍රශ්න වෙන්නෙ නෑ කියල තමයි තුන්වැනි ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නෙ.


චංගුමී කොරියාවෙ විතරක් නොවෙයි ගොඩක් රටවල ප්‍රසිද්ධ චරිතයක් එහේ එහෙම දෙකයි පනහෙ වැඩකරන්නෙ නැතිලු. ඔන්න ඕක තමයි හතරවැනි ප්‍රශ්නෙට උත්තරේ හොඳද.


චංගුමී මොඩ්ලිං කරල තමයි නිළියක් වුණේ ප්‍රසන්ටර් කෙනෙක් විදියට මේ දවස්වල අවර් ස්කූල් ඉස් කොරියන් ස්ටයිල් ප්‍රෝග්‍රෑම් එකෙන් බලාගන්න පුළුවන්. ජෙයොන්ග් හෝ යන්ග් ඒ කියන්නෙ චංගුමීගෙ හබියත් මේ ප්‍රෝගෑම් එකේ ඉන්නවා. ව්ඨධ එකකට සෙට් වෙලා ගොඩාක් දුප්පත් රටවලට ගිහින් ගත්ත එක්ස්පීරියන්ස් එක ගැන 'අ මෝස්ට් ස්පෙෂල් ලව්' කියල පොතක් එහෙමත් ලියල 2006 අවුරුද්දෙ තමන්ගෙ ලයිෆ් ස්ටෝරි එකත් නමින් පළ කළා. එතකොට පස්වැනි ප්‍රශ්නෙත් ගොඩ. දැං බලමු හය වැනි එක.

16525972.jpg



මින් ජන්ග් යූ බොහොම තාත්විකව රඟපානව කියල චංගුමී කියල කියනව. ඒ දෙන්නගෙ සිප වැලැඳගැනීම් එහෙම ලංකාවේ කපල පෙන්නල තියෙන්නෙ. ඒ ටිකත් තිබ්බනං තමයි මරු නේද? දෙන්න හොඳ යාළුවොලු ෂූටිංවලත් චංගුමීගෙ වැඩවලට මින් ජන්ග් යූ උදව් කරල තියනව ඔය පස්චාත් නූතන වාදයේද මොකද්ද එකේ කියනව නේද ගෑනු, පිරිමි අතර යාළුකම් නෑ කියල අපි නං දන්නෙ නෑ ඕව.


හත්වැනි ප්‍රශ්නෙ තමයි ප්‍රශ්නෙ. කොහොමත් චංගුමී ඡන්දෙ ඉල්ලුවොත් උඩින්ම දිනනව. පබාලා, අනර්කලීලත් දිනුවෙ දේශපාලනේ ගැන මෙලෝ සංසාරේ දෙයක් ගැන දන්නෙ නැතුව. ඒත් මේ මොහොතෙ යූ.එන්.පී. එකෙන් ඡන්දෙ ඉල්ලල ආණ්ඩුවට සෙට් වෙන එක තමයි නුවණට හුරු. මොකද හොඳ මිනිස්ටි්‍රයක් ගන්න පුළුවන් එතකොට. කෑම උයන්නයි ලෙඩ බලන්නයි දන්න නිසා ආහාර හා සුවසේවා ඇමැති වෙන්නත් බැරි නෑ.


මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න බෑ. සිරසෙ පෙන්නුවානං කවුරු හරි සහෝදරයෙක් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල කියන්න ඉඩ තියෙනවා. ඒත් මේක පෙන්නන්නේ ජාතික නාළිකාවෙ නිසා ආණ්ඩුවෙ වැඩක් කියල සමහරු කියනව. මාර්තුවල ජිනීව තියෙන සමුළුවෙදි චංගුමීගෙ මානව හිමිකම් කඩවීම ඇදල ගන්නවලු. අපේ රටේ විතරක් නොවෙයි කෛයිරාටික වැඩ තියෙන්නෙ කියල සකල ශ්‍රී ලංකා වාසීන්ට සැනසුම් සුසුමක් හෙළන්න දුන්න අවස්ථාවක්ද මන්ද.


නවවැනි ප්‍රශ්නෙට නං දැන්ම මොනව හරි කරන්න වෙනව. මොකද මේ දවස්වල මිනිසුන්ගෙ නොනගතය 6.30 - 7.30. දැං හොඳට ඒකට පදං වෙන්න හුරුවෙලා. චංගුමී නතර වුණාම ඒ පැයේ ගෙදර ‍ෙදාරේ කරන්න වැඩක් නැතුව යනව. හිතෙන්න පුළුවන්


කම්මැළිකමටත් එක්ක පුතෙක් හරි දුවෙක් හරි සුජාත කරන්න.
දේ ජන්ග් ගෙයුම් එහෙම නැත්තං ජුවෙල් ඉන්ද පැලස් ටෙලි නාට්‍ය අපේ රටේ විකාශනය වෙන්නෙ සුජාත දියණි විදියට. ජන්ග් ගෙයුම් කියන නම තමයි චංගුමී වෙලා තියෙන්නෙත්. 2009 අගෝස්තු 24 වැනිදා විවාහ වුණාට පස්සෙ රඟපාල නෑ. කැම්පස් ලව් එකකින් කසාද බැන්ද මෙයාට දැං නිවුන් දරුවො දෙන්නෙක් ඉන්නව. ළඟදී අක්කර 180 විශාල වත්තක පට්ට ගෙයක් හදල පදිංචිවෙලා. ආපහු රඟපාන එකක් නෑ වගේ තමයි ආරංචිය. ඔය කිව්වට ලීසිං ඇරියස් වෙන කොට ආපහු එන්නත් බැරි නෑ. ෂුටිංවලදී සමහර දර්ශනවලට පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කරල තියෙනවා. නළු නිළියන්ට ඕන විදියට පිටපත වෙනස් කරන ඒ කියන්නෙ කශේරුව ඇද අධ්‍යක්‍ෂකවරු එහෙත් ඉන්නව එහෙනං අෑ....

13279123.jpg


Extracted from : මවුබිම යං article - writter : සුපුන් චමීර රත්නායක

එහෙනං පුටේ අපි ගියා ........
11.gif

 
  • Like
Reactions: Ereshaz77

අහස

Member
Dec 14, 2012
163
16
0
මේකන් සමාජ සෙවයක් වෙන කතාවක මිට ප්‍රථම මට කවුද කිව්වා වෙන ත්‍රෙඩ් එකක.....ඇත්තටම මේක ගොඩක් කට්ටිය බලලා තියෙන්නේ බලාගෙන ගියහම සමාජ සෙවයක් වෙන හිනදා සහා සිනාමා පසුතල,කැමරකරණය බලාගන්න. පොර කියන විදිහට..අපේ ගැණු කට්ටිය මෙක බලල තියෙන්නෙ.මේකේ චරිතය අරුඪ කරගන්නලු.......කොම හරි අපි සමන්‍යය ජනතාව මෙක බලන්නේ.....රසවින්දනයක ගන්න නේද.අපි මේ පසුපස සිද්ධ වෙන දෙවල් දන්නෙ නෑ නැහැනේ..කොහෙම හරි මට කොහෙත්ම රසවින්දනයක් ගන්න පුළූවන් එකක් නෙවෙයි ඔය චංගුමි අක්කාගේ කතාව......ඇත්ත කියන්න එපැයි...සමාජ සෙවය කෙසෙ වෙතත්.....දැන් සමාජ සෙවයත් මාර්කටින් කරන අවධියක තමයි අපි ජිවත් වෙන්නේ..
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අහස;14395758 said:
මේකන් සමාජ සෙවයක් වෙන කතාවක මිට ප්‍රථම මට කවුද කිව්වා වෙන ත්‍රෙඩ් එකක.....ඇත්තටම මේක ගොඩක් කට්ටිය බලලා තියෙන්නේ බලාගෙන ගියහම සමාජ සෙවයක් වෙන හිනදා සහා සිනාමා පසුතල,කැමරකරණය බලාගන්න. පොර කියන විදිහට..අපේ ගැණු කට්ටිය මෙක බලල තියෙන්නෙ.මේකේ චරිතය අරුඪ කරගන්නලු.......කොම හරි අපි සමන්‍යය ජනතාව මෙක බලන්නේ.....රසවින්දනයක ගන්න නේද.අපි මේ පසුපස සිද්ධ වෙන දෙවල් දන්නෙ නෑ නැහැනේ..කොහෙම හරි මට කොහෙත්ම රසවින්දනයක් ගන්න පුළූවන් එකක් නෙවෙයි ඔය චංගුමි අක්කාගේ කතාව......ඇත්ත කියන්න එපැයි...සමාජ සෙවය කෙසෙ වෙතත්.....දැන් සමාජ සෙවයත් මාර්කටින් කරන අවධියක තමයි අපි ජිවත් වෙන්නේ..

:yes::yes: