චතුමධුර

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
චතුමධුර නිවැරැදිව සකස් කරගන්නා ආකාරය
=====================
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු ගිතෙල් 1/4
පිරිසිදු මී පැණි 1/4
බටර් 200g
කිතුල් හකුරු 250g

chathumadura-620x330.jpg

මුලින්ම ගිතෙල් පිරිසිදු භාජනයකට දමන්න

මද ගින්දරේ උණු කරගන්න

උණු කරගත් ගිතෙල් පිරිසිදු වියලි බඳුනකට දමා නිවෙන්න හරින්න

බටර් 200g ද ඒ ආකාරයෙන් මදගින්නේ උණු කරගන්න

එයද පිරිසිදු වියලි බඳුනකට දමා නිවෙන්න හරින්න

කිතුල් හකුරු 250g සිහින්ව ගා ගන්න

ඊට වතුර අඬු කෝප්ප 1ක් දමා දියකරන්න

එම මිශ්‍රණයද මද ගින්දරේ උණු කරගන්න

හකුරු ද්‍රාවණය පත්පැණි පදමට එනතුරු උණු කල යුතුය

මෙසේ උණු කල ගිතෙල්,බටර් සහ හකුරු ද්‍රාවණ තුන එකට කලවම් කිරීමට පෙර හොඳින් නිවාගත යුතුය
හොඳින් නිවාගත් ද්‍රව්‍යයන් එකිනෙක කලවම් කරන්න හකුරු /ගිතෙල් /බටර්

හකුරු ද්‍රාවණයට බටර් එක් කිරීම

බටර් සහ හකුරු හොඳින් කලවම් කරන්න

ද්‍රව්‍යයන් තුනම හොඳින් කලවම් කරන්න

මෙයට මී පැණි බෝතල් 1/4ද එකතු කරන්න

සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු

මෙම මිශ්‍රණය දිනකට තුන් වරක් (උදේ,දවල්,සවස) පොල්කටු හැන්දකින් එක අතකට විනාඩි 10ක් පමණ දින ක් පුරා හොඳින් හැඳි ගෑ යුතුය

පස්වන දිනයේ එක් වරක් (උදය) හැඳි ගා බඳුන් වලට අසුරා ගන්න

මෙම ක්‍රමයට සකස් කරගත් චතුමධුර නරක් වීමකින් තොරව මාස 3 /4 ක් පමණ තබා ගත හැකිය..ශීතකරණයක තැබීමට අවශ්‍ය වන්නේ නැත සිසිල් වියලි ස්ථානයක තබන්න.

චතුමධුර සෑදීම විවිධ ආකාරයෙන් සිදුකලද වඩාත් නිවැරැදි ක්‍රමය වන්නේ මෙයයි ..චතුමධුර ගිලන්පස සාදා භාවනායෝගීන්ට,ගිලන් භික්ෂූන් වහන්සේලාට හා මනස වෙහෙසන සංඝයා වහන්සේලාට පිලිගැන්වීම ඉතා උසස් පින්කමකි..උප උපන් ආත්ම වලදි පංච කල්‍යාණයෙන්,පංච බලයෙන්,පංච ධර්මයෙන් සම්පූර්ණ වීමට හේතු වේ.

තෙරුවන් සරණයි!!!!!

-- දිලිණි මදුෂිකා විසිණි