චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
මිනිසාගේ සිත පාලනය කර ගන්නට තාක්ෂණය, නවීන විද්‍යාව හෝ වෙනත් කිසිම නවීන උපකරණයක්, මෙවලමක් කිසිසේත්ම යොදාගත නොහැකියි. මිනිසාගේ සිත පාලනය කර ගතහැකි එකම ක්‍රමය සිත සුද්ධ පවිත්‍ර කරගැනීම පමණි. සිත කෙළෙස් වලින් කිළිටු වූ විට, අඳුරු වූ විට, දුප්පඤ්ඤස්ස වූ විට, අඥාණ වූ විට සිත පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා සිත විසිරේ. කම්පනයට, භයට, වේදනාවට, චලනයට, විස්සෝපයට පත්වේ. මානසික රෝග මතුවේ. සිතේ ඇති කෙළෙස් ගති අස්කර, ඉවත් කර සිත පිරිසිදු කර ගැනීමට නම් මනසේ හැකියාව මනීන්ද්‍රිය, යෝනිසෝමනිසීකරණ ශක්තිය භාවිතා කළ යුතු වේ. සිත ශික්ෂණය කර හිත පාලනය කර හිතට වහල් නොවී කටයුතු කළ හැක්කේ මනීන්ද්රියට පමණි. හිතට වහල් වීමෙන් මනස අවුල් වේ.
මනීන්ද්‍රිය භාවිතා කිරීමට පුරුදු වීම භාවනා කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි. දැන් මනීන්ද්‍රිය භාවිතා කරන කෙනෙක් හිතට වහල් වීමෙන් පි‍්‍රය දේ හඹායෑම නතර කරයි. අප්‍රිය දේවල් සමඟින් නොගැටේ. ඒ නිසා මෝහයෙන් මුළා වීමක් නොකරයි. උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක්රියාකරන්නටත් පුරුදු වේ. භාවනා කිරීමට පුරුදු වීම යන ක්‍රියාකාරකමෙහි හරය ඉවසා විමසා හේතු ඵල දහමට ගළපා බලා විනයට සසඳා බලා උපේක්ඛා සිතින් කි‍්‍රයා කිරීමට පුරද්දක් පුහුණුවක් ලබා ගැනීම වේ.
භාවනාවෙන් නැගිට සාමාන්‍ය සමාජ පරිසරයට එදිනෙදා කටයුතු වලට අනුගත වීමත් සමඟම තමන්ගේ සංසාර ගති පුරුදු ඉස්මතු වී නැවතත් පි්රයදේට ඇලීමටත්, අප්‍රිය දේ සමඟ ගැටීමටත් සිදුවන්නේ මනීන්ද්‍රිය භාවිතා කිරීමට පුරුද්දක් පුහුණුවක් ඇති කර නොගෙන හිතටම වහල් වී තවමත් ක්‍රියා කිරීම නිසයි.
නීන්ද්රිය භාවිතා කිරීමට පුරුදු වීම පුහුණු වීම යනු හිතට අරමුණු වන සියලුම අරමුණු මනසින් තෝරා බේරා, මැන බලා භාවිතා කළ යුතු අරමුණු භාවිතා කිරීමටත් භාවිතා නොකළ යුතු අරමුණු භාවිතා නොකර බැහැර කිරීමටත් පුරුදු පුහුණු වීමයි.
භාවිතා කළ යුතු අරමුණු කරණීය ධර්ම ලෙසත් භාවිතා නොකළ යුතු දේ අකරණීය ධර්ම ලෙසත් බුද්ධ ධර්මයේ විග්රහ වේ. මේ දෙපැත්තට බෙදීම ද්වතා අනුස්සතිය ලෙසින් බුද්ධ භාෂිතයේදී හඳුන්වා දී ඇත.
චිත්තසංථානය කිළිටි වන කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර භාවිතා නොකළ යුතු දේ ලෙසත් තම චිත්තසංථානය පිරිසිදු වන නෙක්ඛම්ම සවිතක්ක සවිචාර, මෙත් සිත වඩවන සවිතක්ක සවිචාර හා අවිහිංසා සවිතක්ක සවිචාර මෙන්ම වීතරාගී, වීතදේෂී, වීතමෝහි සවිතක්ක සවිචාර භාවිතා කිරීමට කළ යුතු දේ කරණීය ධර්ම ලෙසත් පිරිසිදුවම දැක ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි.
ඇස, කන, නාසය, දිව, කය හා මන පිනවා තාවකාලිකව ලබන ආමිස වින්දනයක් සුවයක් ලැබීමට පෘථග්ජන පුද්ගලයින් ලෙස මෙතෙක් දීර්ඝ කාලයක් සංසාරයේ පුරුදු වී පුහුණු වී කටයුතු කළත් දැන් ඒ ගති පුරුද්දෙන් ඉවත් වී නිරාමිස සුවයක්, නිරාමිස ප්‍රීතියක් ලැබිය හැකි ක්‍රියාකාරකම් වලම යෙදෙන්නටත් පුරුදු පුහුණු විය යුතුයි.
හිතට අරමුණු වන සංඥාවන් පිරිසිදුව දැක ගෙන වෙන්කර තෝරා බේරා ගැනීමට යම් කිසි පුරුදු වීමක් පුහුණු වීමක් නම් අවශ්‍යම වේ. මේ පුරුදුවීම පුහුණුවීම මනීන්ද්‍රිය භාවිතා කර යෝනිසෝමනිසිකාරයෙන් කටයුතු කිරීම යනුවෙන් බුද්ධ භාෂිතයේ විග්රහ කරන ලද ක්‍රියාවලියයි. මනස භාවිතා කර ඉවසා විමසා පරික්ෂා කර නිරීක්ෂනය කර නිගමනයටකට බැස ගැනීම යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නෙකුගේ නියත හැසිරීම් රටාව වේ. මෙතනදී අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරිම නවතී. හිතට වහල් වී, හැඟීම් වලට ඉඩ දී කටයුතු කිරීමෙන් වෙන් වී මනස භාවිතා කිරීමටත්, කරණීය ධර්ම හා අකරණීය ධර්ම වෙන් කොට හඳුනා ගැනීමටත් පුරුදු වේ. කරණීය ධර්ම භාවිතා කළ යුතුයි. අකරණීය ධර්මයන් භාවිතයෙන් බැහැර කළ යුතුයි. ”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යනු මේ දෙපැත්තමයි. මේ සඳහන් කළ ක්‍රියාකාරකම් දෙකමත් කළ යුතුම වේ. එකක් පමණක් ක්‍රියාවට නංවා අනෙක් ක්‍රියාකාරකම නොකර සිටීම නිසා ”සචිත්ත පරියෝ දපනං”යන තත්ත්වයට හිත පත්වීම සිදුනොවේ. ඒ් නිසාම මේ ක්‍රමය භාවිතයට ගැනීම ආනාපානසති භාවනාව යනුවෙන් බුද්ධ දේශණාවේ නම් කර ඇත. ”ආන” යනු ආශ්‍රය කළ යුතු භාවිතා කළ යුතු කරණීය ධර්ම ආශ්‍රයට භාවිතයට ගැනීම, නිතර නිතර භාවිතා කිරීමයි. ”පාන” යනු ආශ්රයෙන් බැහැර කළ යුතු ප්රහාණය කර අස්කර ආශ්රයෙන් ඉවත් කළ යුතු දේ බැහැර කරන්නට පුරුදු වීමයි. මේ සඳහා පහසුම හා සරළම භාවනා ක්‍රමය ”චතුරා රක්ඛා” නැමති සතර කමටහන් වැඞීමයි.
http://panhinda.sirisaddharmaya.net/චතුරාරක්ඛා/

Last edited: